(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
ගමේ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ගන්නට ගිය සමිතියක මුල්පුටු බෙදා ගැනීමට නොහැකිව කඩාකප්පල් වීමේ අපූරු පුවතක් ගම්පහට නුදුරු ගමකින් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ගමේ සංවර්ධනය සඳහා ප්‍රදේශයේ පරිපාලන කාර්යාලයේ නියමය පරිදි සමිතියක් පිහිටුවා ගැනීමට සියල්ල සූදානම් කෙරිණි. ඊට සුදුසුම ස්ථානය ලෙස කවදත් තෝරාගත් ගමේ විහාරයට ගමේ තරුණ මහළු හැමෝම පැමිණියහ.
ඊට ප්‍රදේශයේ පරිපාලන කාර්යාලයේ බලධාරීහු ද පැමිණ සිටියහ.
මූලාසනය ගමේ නායක හාමුදුරුවෝ හෙබවූහ. ආගම සිහිකිරීමෙන් පසු පළමුවෙන්ම නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බව ග්‍රාම නිලධාරිවරයා සභාවට දැන්වීය.
සභාපති පුටුව මට ඕනෑ. දුප්පතුන් වෙනුවෙන් පත් කළ නිලධාරියෙක් එහිදී යෝජනා කළේය. අනෙක් තනතුරුත් මට හිතවත් අයට තමයි දෙන්න ඕනේ. ඔහුගේ යෝජනාවට ගමේ සියල්ලෝම විරුද්ධ වූහ. ලේකම්කම දීමට පිරිසක් කැමති වුවත් ඔහු ඊට විරුද්ධ විය. සභාපතිකම හැරෙන්න කිසිවක් මට එපා, මා බාරගන්නේ නෑ. දෙපිරිස දෙපැත්තකට වී හැල හැප්පිලිවලින් ඉවරයක් නොවීමෙන් හිටපු නිලධාරීහු ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
සමිතිය පිහිටුවා ගැනීමට ආ ගමේ කාන්තාවන් ඇතුළු ඇතැම් පිරිස් දුප්පතුන් වෙනුවෙන් පත් කළ නිලධාරියාට බැණ බැණ නිවෙස බලා පිටත්ව ගියහ.
අවසානයේ ගමේ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ගැනීමට ගිය සමිතියට හෙනහුරා ලැබීයැයි ඇතැමෙක් පැවසූහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගමේ සමිතියේත් පුටුවලට කෙළගෙන