කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
විදේශ ගතව සිට පැමිණ ත්‍රිරෝද රථයකින් නිවස බලා යමින් සිටිය දී ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීම නිසා රුපියල් 9000 ක් ගෙවා ඉන්ධන ලීටර් 3ක් මිලට ගැනීමට සිදුවීමේ පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මෙය සිදුවුණේ ඉකුත් 21 වැනිදාය.
මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක් මීට වසර තුනකට පමණ ඉහතදී කුවේට් රාජ්‍යයේ රැකියාවකට පිටත්ව ගොස් තිබුණි. මෙම කාන්තාවට පිරිමි දරුවන්ම තිදෙනෙක් සිටින ස්වාමි පුරුෂයා හැර ගිය පසුව දරුවන් තිදෙනා මවට දී විදේශ ගත වී තිබුණි.
කාන්තාව වසර තුනක් ගෘහ සේවය කර යළි ඉකුත් 21දා රාත්‍රි කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන බව වැඩිමහල් පිරිමි දරුවාට දන්වා තිබුණි. පසුව වැඩිමහල් පිරිමි දරුවා නියමිත දින සවස මහනුවර කටුගස්තොට නිවසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යාමට පිටත්ව තිබුණි. සවස ගුවන් තොටුපොළට ගොස් ඇති තරුණයා 22 වැනිදා දිවයිනට පැමිණ සිටි මවද ගෙන ආපසු මහනුවර කටුගස්තොට සිය නිවස බලා යමින් සිටියේය. ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීගෙන යන බව දැනගත් තරුණයා ඒ බව සිය මවට ද කීවේය. කටුනායක සිට මහනුවර බලා යමින් සිටි පුතා සහ මව මාර්ගය දෙපස හමුවන සෑම පිරවුම්පොළකම ත්‍රිරෝද රථය නැවැත්වුවත් කිසිම තැනක ඉන්ධන නොවීය.
මෙසේ ඉදිරියට යද්දී කෑගල්ල නගරයට ආසන්නයේ දී ත්‍රිරෝද රථය මාර්ගය මැද නතර විය. දෙදෙනා එය මාර්ගය අයිනයට කළහ. මව ත්‍රිරෝද රථයේ අසුන් ගත්තාය. තරුණයා මාර්ගයේ එහාට මෙහාට ගමන් කරමින් සිටින අවස්ථාවේ දී පුද්ගලයෙක් පැමිණ මොනවා ද මල්ලී සොයන්නේ යැයි විමසුවේය. පෙට්රල් ඉවරවෙලා පාර මැද්දේ නැවතුණානෙ. පුළුවන්කමක් තියෙනවා නම් තෙල් ලීටර් දෙක තුනක් හොයලා දෙන්න අයියා කියන ගාණක් මම දෙන්නම් යැයි තරුණයා කීය.
‘‘මල්ලී මම උඹට තෙල් ලීටර් තුනක් හොයලා දෙනවා ලීටර් තුනට රුපියල් 7000 ගන්නවා හොයලා දෙන මටත් අඩුම ගානේ රුපියල් 2000 වත් ඕනෑ.’’
හා අයියේ කමක් නෑ පුළුවන් නම් තෙල් ලීටර් තුනක් ගෙනත් දෙන්න යැයි තරුණායා කීය.
පසුව ඔහු තෙල් ලීටර් තුනක් තරුණයාට ගෙනත් දුන් අතර තරුණයා මවගෙන් රුපියල් 9000 ක මුදලක් ඉල්ලා ඔහුට දුන්නේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගාන වැඩිවෙන්න කලින් පෙට්‍රල් ලීටර් තුන 9,000 ට විකුණලා