කාල සටහන අනුව තම පන්තියට නියමිත ගුරුවරයෙක් නොවීය. කාර්යාලයට ගිය පන්ති නායක හා උප නායක යන දෙදෙනාට බරපතළ වරදක් කළාසේ සලකා කාලපරිච්ඡේද දෙකක් තිස්සේ පාසල් බිමේ කොළ රොඩු ඇහිඳින ලෙස ඒ මහා දිසාපාමොක් අණ කෙළේය.
නිදහස් අධ්‍යාපනයත් සමග බිහිවූ නමගිය පාසලකි. වසරේ අඩක් ගෙවී ඇතත් තවම පන්ති කාල සටහන දොසින් යුක්තය. මේ නිසා බොහෝ දිනවල පන්තිවල අධ්‍යාපන කටයුතු අඩාල වෙන්නේ, කාල සටහන නිවැරදි කරන්නට කාටවත් දෙන්නේ නැතිලූ.
හයවැනි ශ්‍රේණියේ පන්තියකට ඉකුත් සතියේ දිනක උදේම නියමිත පාඩම වූයේ බුද්ධාගමයි. ගණිත ගුරුවරයා පන්තියට ආවේය. ඔහු පාඩම පටන් ගන්නට හැදුවා පමණි. බුද්ධාගම ගුරුතුමාද ආවේය. ඒ අතර මේ දෙදෙනාට වෙනත් පන්ති දෙකක වැඩ පැවරී ඇති බව ද දැනගන්නට ලැබීමෙන් පසු දෙදෙනාම පන්තියෙන් පිටව ගියහ. විදුහල්පතිට කියා විසඳුමක් ලබා ගන්නාලෙස ඒ දෙන්නා පන්ති නායකයාට උපදෙස් දුන්නේය.
ඒ අනුව පන්ති නායකයා උප නායකයා සමග දිසාපාමොක් හමුවී මේ බව කීවේය. කිසිදු සොයා බැලීමකින් තොරව ”තමුසෙලා බොරු කියනවා” යි චෝදනා කළ දිසාපාමොක්වරයා මේ දෙදෙනාට වත්තේ කොළ රොඩු ඇහිඳින්නට අණ දුන්නේය. ඔවුන් නිසි පරිදි වැඩ කරනවාදැයි බලන්නට තම හිතවත් සේවකයකුට බාර කළේය. සිසුන්ගේ වැඩ බලන්නට බාර කළ සේවකයා ඇතුළු දහතුන් දෙනෙක් වත්තේ පිටියේ වැඩට මෙම විදුහලේ සේවක මණ්ඩලයට ඇතුළත්ව සිටිති. එසේ සිටියදී සිසුන්ගෙන් නිතර වැඩ ගැනීම මේ දිසාපාමොක්ගේ සිරිතලූ. එහි ලොකු රහසක් තිබෙනවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුරුතුමා නැතැයි කී සිසුන්ට විදුහල්පති කුණු අහුලන්න දීලා
සිල්වා p Sunday, 16 June 2013 08:40 PM
නාමිකව අනියම් සේවකයින්ගේ චෙක් රෝලක් පවත්වාගෙනයන හැඩයි. අනේ වාසනාවන්. (අ)
ලලිත් Saturday, 15 June 2013 02:40 PM
මේක කතාවක්ද ප්‍රවෘතියක්ද හෙළිදරව් කිරීමක්ද ?? මටනම් පැටලෙනවා නේ. (අ)
ඩිරාම් Saturday, 15 June 2013 03:44 PM
ලංකාවේ අධ්‍යාපනය බාරදීල තියෙන්නෙ රයිගමයටයි, ගම්පලයටයි කියල ඔයාල දන්නෙ නැද්ද?(නදී)
අසානි Saturday, 15 June 2013 05:39 PM
අනේ මම අදනේ දන්නේ අපේ ඉස්කෝලේ වගේ තව ඉස්කෝල තියනවා කියලා.(නදී)
නන්දලාල් Saturday, 15 June 2013 07:57 PM
මේවා සුළුවෙන් තකන්න නරකයි.දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කිරීම හරිද? බලධාරීන් මේවට නිසි පියවර ගන්න (නි)
ශෙහාන් Saturday, 15 June 2013 09:02 PM
කවුද මේ විදුහල්පති ? සොයා බලා දැඩි දඬුවම් ලබා දෙන්න.(අ)
තිලංක Sunday, 16 June 2013 04:12 PM
දිසාපාමොක්? මහා දිසාපාමොක්??? ගුරුවරයා සහ විදුහල්පතිවරයා ලෙස භාවිතා කිරීම ඉතා ප්‍රමාණවත් වේ. (ත)
නදී Sunday, 16 June 2013 04:40 PM
දිසාපාමොක් විදුහලේ සේවක මණ්ඩලයත් එක්ක එකතුවෙලා පාසැලේ සම්පත් විකුනගෙන කනවද දන්නේ නැහැ. හැබැයි ඔය වගේ ගුරුවරුන් නැති පන්තිකාමර වල සිටින ළමයින් ව බලෙන් විවිධ දේවල් වලට යොමු කිරීම ඉස්සරත් සිදු වුනා.(නදී)
ලාල් ජකර්තා Sunday, 16 June 2013 08:30 PM
මේ දිසාපාමොක් උන්නැහේ අර ගුරුතුමිය දනගස්සපු පළාත් බබාගේ පරම්පරාවෙ කෙනෙක් වෙන්න ඇති. (අ)
රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 02:40 PM
පාසලේ නම විදුහලතිගේ නම සදහන් කරන්නේ නැත්තේ මොකෝ?මේ විදුහල්පති වෙරිමතින් ඉදලද දරුවන්ට තමුසේ කියලා කතා කරන්න?හොද දිසාපාමොක්. (නි)
එඩ්වර්ඩ් Sunday, 16 June 2013 10:12 PM
වැලිගම සුමංගල බාලිකාවෙත් සනීපාරක්ෂක කම්කරුවෝ 5 ක් දේශපාලන පත්වීම්. ළමයින්ට කියල කාණු සුද්ද කරවන්නේ. ඒ අය ඉන්නේ ගුරුවරුන්ට කඩේ යන්න. එළවළු ටික ගෙදර ගිහින් දෙන්න. මොන ඇමතිද මේවා හොයන්නේ. මාතර කලාප අධ්‍යයාපන අධ්‍යක්ෂකට කිව්වම මම හෙමිහිට හොයල බලන්නම් කියල අවුරුද්දකටත් වැඩියි.(නදී)
සර්ධා Monday, 17 June 2013 07:20 AM
අද තනතුරු දෙන්නේ සුදුසු කම්වලට නෙමේ පන්දමටනේ, එහෙම වෙනකොට මේ වගේ දේවල් අරුමයක් නෙමේ.(නදී)
විජේරත්න Monday, 17 June 2013 09:01 AM
ගුරු විස්තරයි, පංති විස්තරයි, විශය විස්තරයි එවනවා නම් කාල සටහන හදලා එවන්නම් (නි)
suriya Monday, 17 June 2013 09:41 AM
ඕක තම අද රටේ තත්වය.පැමිණිලි කාරයෝ හිරෙය්. විත්ති කාරයෝ නිදහස්.
සූරිය Monday, 17 June 2013 09:41 AM
ඕක තම අද රටේ තත්වය. පැමිණිලි කාරයෝ හිරේ. විත්ති කාරයෝ නිදහස්. (ස)
නිකෝ Tuesday, 18 June 2013 07:10 PM
මේ තුමා නගරසභාවට කඩේ යන ලොක්කෙක් වගේ පෙන්නේ.(නදී)
අනුර Wednesday, 19 June 2013 08:58 AM
මොකක්ද අප්පේ දිසාපාමොක්ට ඔය පාසැල තුල තියෙන රහස ? (නි)
ශශිමාල් Friday, 14 June 2013 09:41 AM
මොකද්ද ඉස්කෝලේ? (නි)
දර්ශනී Saturday, 15 June 2013 02:12 PM
මේ විදුහල්පතිට දඩුවමක් විදියට එයා ලවුවා කොළ රොඩු ඇහිලුවත් දවසක්ම ඒත් කමක් නැහැ. දරුවන් පව් (නි)
චන්දි Saturday, 15 June 2013 10:02 AM
මෙවැනි විදුහල්පතිවරුන් සේවයෙන් පහ කලයුතුයි පාසල් ළමුන් ගැන දෙමාපියන් සෙවිල්ලෙන් සිටිය යුතුයි (අ)
දයා අලහාකෝන් Saturday, 15 June 2013 09:42 AM
මේ විදුහල්පතිට ගෙදර ප්‍රශ්නයක් ඇති ඒකයි මෙහෙම කේන්ති ගිහින් පාසැලට එන්නේ.(නදී)
කුමාරිහාමි Saturday, 15 June 2013 08:56 AM
විදුහල්පති වරුන්ට පාරේදී පහරදීම පුදුමයක් නොවෙයි මේ සිදු වන දේවල්වල හැටියට. (නි)
පද්මසිරි Saturday, 15 June 2013 08:37 AM
දෙමපියෝ දහසක් බලාපොරොත්තු තියාගන දුක් විදාගන ළමයි පාසල් යවනවා. මෙහෙම ගුරුවරු නිසා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා . මේ වගේ දේවල් සොයා බල විනයානුකුලව කටයුතු කරනවා නම් ඉදිරියේදී මේවගේ දේවල් සිදු නොවේවි. (නි)
මුණසිංහ Saturday, 15 June 2013 07:48 AM
මේ වගේ විදුහල්පතිවරුන් ඉන්න ඉස්කෝල ලංකාව ගොඩක් තියෙනවා. හැකි ඉක්මනින් බලදාරින් මේවට පියවර ගත යුතුයි . පාසල් කඩන් වැටෙන්න හේතුව මේක. (නි)
තිලක් Friday, 14 June 2013 05:03 PM
නෑ නෑ පාසල නොවෙයි එතුමා කලින් නගර සභාවේ කුණු ඇදපු කෙනෙක්. එහෙම කුණු අදිනකොට එයාට කුනුගොදක තිබිල හමුවෙලා එයාගේ නමට සමාන නමක් තියෙන කෙනෙක්ගේ සහතික ටික. (නදී)
සුමිත් Friday, 14 June 2013 03:34 PM
නගර සබාවේ පාසලක් නම් ඔන්න කමක් නැහැ (නි)
දුලාජ් Friday, 14 June 2013 03:28 PM
නගර සභාවේ පාසලක්ද දන්නෙ නැහැ (නි)
සුමිත් Friday, 14 June 2013 03:29 PM
පාසලේ නමින් වැඩක් නැහැනේ. අනවශ්‍ය දේවල් කරන පාසල් වලට දඩුවම් දියයුතුයි (නි)
සරත් Friday, 14 June 2013 02:34 PM
පාසලේ නම කියන්න බැරිද? (නි)
දිසානායක Friday, 14 June 2013 02:14 PM
මමත් දන්නා තරමට සමහරක් විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශ ලබාදී තිබෙන නියෝග වලට පිටින් ගොස් රාජකාරි වල නිරත වන බව නොරහසක්.ඉහල බලදාරීන්ට කොන්දක් නැත්නම් පාසල් දරුවන්ගේ දෙමුපියන්ට ඒ සදහා මැදිහත් වීමට අයිතියක් තිබෙනවා (නි)
චන්ද්‍රා Friday, 14 June 2013 01:46 PM
කරුණාකර පාසලේ නම කියන්න. (ත)
තාරක Friday, 14 June 2013 10:37 AM
පුෂ්පකුමාර මොකක්ද ඉස්කෝලේ. කියනවද නැද්ද (අ)
සංජීව Friday, 14 June 2013 10:04 AM
කතාව තවත් හොඳට ගලපන්න තිබුන.., අදහස හොන්දයි පැහැදිලි මදි. (අ)