X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


ගෙදර යන්න හදද්දී ගේට්ටුව වහලා: අලි ජංජාලයක් වෙලා

(හිඟුරානේ - නවරත්න සමරතුංග)
සේවය නිමකොට සවස නිවෙසට යාමට සූදානම් වූ කාර්මිකයෙක් එදින උදෑසන ආරක්ෂිත ස්ථානයක නතර කරගිය යතුරුපැදියට නැගීමට යද්දී එම ආයතනයේ ගේට්ටුව වසා තිබුණ බැවින් විශාල ඉලූක් කැලෑවක මීටර් සිීයක් පමණ පාරක් තනාගෙන නිවෙසට ගිය සිද්ධියක් එක්තරා ප‍්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.
ඔහු සේවය කරන ස්ථානයට යාබදව තිබුණේ රජරට අනුබද්ධ ආයතනයකි. එහි අංගණයට ඇතුළුවීමට ගේට්ටුවක් ඇති අතර, එය විවෘතකර තිබිණ. සිරිත් පරිදි එම භූමියේ තම යතුරු පැදිය නතරකළ කාර්මිකයා සවසට යතුරු පැදියේ නැග නිවෙසට ගියේය.


එතෙක් සිද්ධියවූ දින ඔහුට වැඩ අධික වූයෙන් රාත‍්‍රි 7.00ට පමණ වැඩ නිමවී නිවෙසට යාමට යතුරුපැදිය නවතා තිබූ ස්ථානයට යනවිට එහි ගේට්ටුව වසා තිබිණ.


අන්ද මන්ද වූ හෙතෙම ඒමේ අත බලා කිසිවකුට හෝ නොපෙනෙන්නට ගේට්ටුව උඩින් පැනගත්තේය. එහි පිටුපස එක් ප‍්‍රදේශයක ඇත්තේ ඉලූක්ගාලකි. අනෙක්පස ඇත්තේ රාජ්‍ය බැංකුවකි. එහි ආරක්ෂක නිලධාරින්ද සිටින බැවින් වෙල්යායක් අද්දරින් ඇති ඉලූක්ගාල හරහා යාමට ඔහු තීරණය කළේය.
ඉලූක් ගාල දෙපසට කරමින් පැයක් පමණ පාරක් සකස්කර එය මැදින් යතුරුපැදිය තල්ලූකළ කාර්මිකයා දහඩිය පෙරාගෙන ප‍්‍රධාන මාර්ගයට පිවිසියා පමණය.


එතැනට පැමිණි ඔහුගේ මිතුරෙකු මේ මොකදැයි විමසීය. ගේට්ටුව වහලා මාර කට්ටක්නේ කෑවේ. කාර්මිකයා කීය. කට්ටක් නම් කෑවට කමක් නෑ.

පොලොංගු නොකෑ එකමයි පුදුමය යැයි කියද්දී කාර්මිකයා යතුරුපැදිය පණගන්වාගෙන එතැනින් ඉගිළ ගියේය.



අදහස් (0)

ගෙදර යන්න හදද්දී ගේට්ටුව වහලා: අලි ජංජාලයක් වෙලා

රෙජි-සිඩ්නි Thursday, 12 March 2015 02:25 AM

අනුන්ගේ තැන් වලට හොරෙන් යන්න ගියාම වෙන්නේ ඔය වාගේ වැඩ තමයි. (නි)

:       0       0

කුමාරි Thursday, 12 March 2015 04:07 AM

යාළුවා කියපුදේම තමා ඉලුක් ගාලක් මැදින් කියනකොට මටත් හිතුනේ. අනතුරක් නොවුන එක ගැන සතුටුයි.(නදී)

:       0       0

නාරද Thursday, 12 March 2015 08:17 AM

ගේට්ටුව උඩින් පැන්නහම පාරනේ තියෙන්න ඕනේ.(හේ)

:       0       0

කුමාරි Thursday, 12 March 2015 04:04 PM

නාරද, ආපසු ලිපිය කියවන්න. (නි)

:       0       0

වත්තගේ Friday, 13 March 2015 03:29 AM

අන්ද මන්ද වූ හෙතෙම ඒමේ අත බලා කිසිවකුට හෝ නොපෙනෙන්නට ගේට්ටුව උඩින් පැනගත්තේය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site