X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


ගෙදරින් ගෙනා බත් එකෙන් බල්ලාගේ කුසගිනි නිවා බඩගින්නේ සිටි ‘සැන්ටි පෝට් මහත්තයා’

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
රාජකාරී කටයුත්තකට පැමිණී අවස්ථාවේ කුසගින්නේ සිටි රෝගී සුනඛයකුගේ කුසගින්න නිවීමට තමන්ගේ දිවා ආහාර පාර්සලය පරිත්‍යාග කර සිය කුසගිනි නිවාගැනීමට ජලය පානය කර මහජනයා වෙනුවෙන් වූ සෙසු රාජකාරී සදහා පිටත්ව ගිය උතුම් පරමාදර්ශි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ගල්කිරියාගම පුබ්බෝගම නගරයේදී වර්තා වෙයි.


එම සද්ක්‍රියාව කළේ පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත ආඬියාගල හා පලාගල කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක දිමුතු රණසිංහ මහතාය. ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක සහභාගීත්වයෙන් පුබ්බෝගම නගරයේ පැවැති විශේෂ වැඩසටහනක කටයුතු නිමවා නිලධාරීන් දිවා ආහාරය ගැනීමට කටයුතු කළ අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දිමුතු රණසිංහ මහතා එම සද්කාර්යයේ නියුතු වන අයුරු දැකිය හැකි විය. තම දිවා අහාරය රෝගි සුනඛයාගේ කුගින්න නිවාගැනීමට පරිත්‍යාග කළ රණසිංහ මහතා පසුව ඒ මහතා සතුව තිබූ වතුර බෝතලයක් පානය කර මහජනතාව වෙනුවෙන් වූ දවසේ ඊළග රාජකාරී කටයුත්ත වෙනුවෙන් නික්ම ගියේය. 


රාජ්‍ය නිලධාරියකු ලෙස දිමුතු රණසිංහ මහතා ඉටුකළ සද්කාර්ය එහි සිටි කාගේත් ඇගයීමට හා පැසසුමට ලක්විය. පරිත්‍යාගශීලී මෙන්ම කරුණාබර හදවත් ඇතිව මහජන සේවාවට කැපවන මෙවන් නිලධාරීන් රාජ්‍ය සේවාවට කීර්තියක් අත්කර දෙන බවද එහි සිටි පිරිස් අතර කතා බහට ලක්වූයේය. 



අදහස් (1)

ගෙදරින් ගෙනා බත් එකෙන් බල්ලාගේ කුසගිනි නිවා බඩගින්නේ සිටි ‘සැන්ටි පෝට් මහත්තයා’

Buddhika Wijetunge Wednesday, 31 October 2018 06:25 AM

සතුන්ට දක්වන කරුණාවේ තරමින් ,ඔහුගේ හදවතේ තරම මැනිය හැකියි .... මිනිස්සු තිරිසන් වෙලා ඇති කාලෙක , ඔබ සැබෑ මිනිසෙක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site