(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
දුම්බර ප්‍රදේශයේ මහවැලි ගඟට නුදුරු ගම්මානයක ගෙම්බන් එළවීමට අපුරු උපක්‍රමයක් භාවිතා කිරීමට ගොස් අමාරුවේ වැටීමේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණි.
මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා රැකියාව ලෙස විසිතුරු මසුන් ඇති කිරීම සිදු කළ අතර, එම ව්‍යාපාරය හරහා මාසිකව සැලකිය යුතු ආදායමක් උපයන ලදී. ඒ සඳහා සකස් කළ විසිතුරු මත්ස්‍ය පොකුණු කිහිපයක්ද ඔහුගේ නිවස ආසන්නයේම පිහිටා තිබිණි.
මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟම එම පොකුණු ගෙම්බන්ගේ රජ දහනක් බවට පත්වූ අතර, ගෙම්බන් එම පොකුණු කිහිපයම ආක්‍රමණය කිරීමත් සිදුවිය.
කාලය ගතවීමත් සමඟ ගෙඹි ගහණය වැඩීවීමත්, ඒ හේතුවෙන් ගෙම්බන්ගේ කන්කරච්චලය සවස් කාලයේදී ඔහුට මෙන්ම පවුලේ උදවියට ද මහත් හිසරදයක් විය.
ගෙඹි උවදුරෙන් මිදීම සඳහා විවිධ උපක්‍රම රැසක් යෙදූ නමුත් ඒ කිසිවකින් ප්‍රතිඵල අත් නොවිණි. ඒ අතර ව්‍යාපාරිකයාගේ විසිතුරු මසුන් ගැණුම්කරුවකු විසින් අපූරු උපදෙසක් ඔහු වෙත ලබා දෙන ලදී.
ඒ අනුව පොකුණු වටා ලාම්පු තෙල් යෙදූ පන්දම් පත්තු කිරීමට උපදෙස ලබා දෙන ලදී. ඒ සඳහා දිනයක් ද වේලාවක් ව්‍යාපාරිකයා වෙත නියම කර දෙන ලදී. අදාළ දිනයේ මිතුරාගේ උපදෙස් පරිදි අකුරට පන්දම් දැල්වීම සිදු කළ අතර, එම පිළියමට අනුව එදින ගෙඹි කරච්චලයෙන් මිදී සුව නින්දක් ලබා ගැනීමට ඔහුට හැකිවිය.
පසුදින උදෑසන විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරිකයා තම දෛනික කටයුතු ආරම්භ කිරීමට පටන් ගත් අතර පොකුණු කිහිපය පරීක්ෂා කිරීමේදී පොකුණුවල මසුන්ගේ අඩුවක් ඇති බව ඔහුට වැටහිණි.
ඒ අනුව තවදුරටත් සොය බැලීමේදී සත්‍ය ඔහුට වැටහෙන්නට වැඩි වේලාවක් ගත නොවිණි. ගෙවුණු රැයේ ගෙඹී කරච්චලෙන් මිදී තමන් සුව නින්දේ පසුවූ අවස්ථාවේ, දල්වන ලද පන්දම්වල එළිය ආධාරයෙන් පොකුණුවල සිටි විසිතුරු මත්සයින් මළු පුරවා කවුරුන් හෝ රැගෙන ගොස් ඇති බවයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෙම්බන්ට පන්දම් අල්ලා මාඵ ටිකටත් තට්ටු වෙලා