X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ගෙයක් බිඳ හිස්අතින් යද්දී බිත්තිවල පෝස්ටරුත් අලවලා

(කොබෙයිගනේ නිමල් පේ‍්‍රමචන්ද්‍ර)

පදිංචිකරුවන් නිවෙසේ නොසිටි රාත‍්‍රියක නිවෙසට ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එම නිවෙසේ රණ්භාණ්ඩ හෝ මුදල් කිසිවක් සොරා ගැනීමට නොහැකි වූ නිසා කෝපයට පත්ව නිවැසියන්ට අපහාසවන අයුරින් දැන්වීම් කීපයක් ලියා නිවෙසේ බිත්තියක හා ගේට්ටුවේ අලවා ගොස් තිබූ පුවතක් වාර්තා වෙන්නේ වයඹ පළාතේ එක්තර ගම්මානයකිනි.

එම නිවෙසේ හිමිකරු රජයේ ආයතනයක ලිපිකරුවෙකි. බිරිය ගුරුවරියකි. පසුගිය දිනක ඔවුන් දෙදෙනා ඔවුන්ගේ දරුවා ද කැටුව අසල ගමක ඥාතියකුගේ නිවෙසක පැවැති පිරිත් පිංකමකට ගොස් නැවත නිවෙසට පැමිණියේ රාත‍්‍රී 11ට පමණය. නිදන කාමරයට ඇතුළු වී අල්මාරිය කඩා එහි තිබූ ඇඳුම් එළියට ඇද දමා ඇති අයුරුත්, අල්මාරියේ ලාච්චුව කඩා ඇති අයුරුත්, කෑම කාමරයේ ඇති ශීතකරණය විවෘත කර තිබෙන අයුරුත් නිවෙසට පැමිණ විගසම ඔවුනට දැකගත හැකිවිය.

සොරුන් කණ්ඩායමක් නිවෙසට ඇතුළු වී රන් භාණ්ඩ මුදල් හා වෙනත් වටිනා දේ සොයා ඇති බව ඔවුනට වැටහිනි. මෙම දර්ශනය දැකීමෙන් ඔවුන්ගේ කුඩා දරුවා භීතියට හා කම්පනයට පත්වුව ද ගෙහිමියා හා ඔහුගේ බිරිඳ එයින් කලබලයට පත් නොවූයේ එදින නිවෙසින් පිටව යාමට පෙර ඔවුන්ගේ රන්භාණ්ඩ හා මුදල් කිසිවකුට සොයාගත නොහැකි ආරක්ෂක ස්ථානයක සඟවා ගිය නිසාය.

එම රන්භාණ්ඩ හා මුදල් තබා ගිය ස්ථානයේ ආරක්ෂිතව තිබූ නිසාත් නිවෙසට පැමිණි සොරුන් නිවෙසේ කිසිවක් සොරාගෙන ගොස් නොතිබූ නිසාත් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකිරීමට ඔවුන් තීරණය කළ අතර එදින රාත‍්‍රී සොරුන් කණ්ඩායම නිවැසියන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් ලියා නිවෙසේ ගේට්ටුවේ හා තවත් ස්ථාන කිහිපයක අලවා තිබූ දැන්වීම් (කැලෑපත්තර) කියවීමෙන් පසුදින උදෑසන ගෙහිමියා හා ඔහුගේ බිරිඳ මහත් සතුටක් ලැබූහ.

එම දැන්වීම්වලින් කියැවුණේ ලොකු නිවෙසක සිටියත් ධනවතුන් බව රටට සමාජයට පෙන්වූවත් මෙම නිවෙසේ සිටින්නේ අතේ සතේ නැති අය බවත් ශීතකරණ තිබුණාට ඒවායේ කෑම ජාති කිසිවක් නැති බවත් නිවෙසේ ජීවත්වන අය නොකා නොබී ලෝභකමින් ජීවත්වන පිරිසක් බවත්ය.



අදහස් (4)

ගෙයක් බිඳ හිස්අතින් යද්දී බිත්තිවල පෝස්ටරුත් අලවලා

abaran Thursday, 17 August 2017 10:16 PM

ලංකාවේ වැඩිහරියක් ගෙවල්වල තියෙන්නේ හිස් වූ ෆ්‍රිජ් එකක් තමයි. මෝඩ හොරු රැලක් ....ඒකවත් දන්නේ නැහැ..

:       0       21

pitigala Friday, 18 August 2017 05:06 AM

මේකට මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ. මාර දේවල් නේ දැන් අපේ රටේ වෙන්නේ.

:       0       8

Thusha Friday, 18 August 2017 07:27 AM

රන් භාණ්ඩ සහ මුදල් ,කාටවත් හොයාගන්න බැරි විදිහට කොහෙද දන්නේ නැහැ නේද මෙයාලා හංගලා ගියේ..? කොහොම උනත් බුද්ධිමත් යුවලක්.!

:       0       11

දිමුත් Wednesday, 23 August 2017 12:00 PM

දැන් හුග දෙනෙක් ගෙවල්වල වටිනා බඩු තියලා යන්නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site