(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
නව නිවසක වැඩට ගෙන්වාගත් කළණ මිතුරා පැමිණ දින හතරක් ගතවීමටත් පෙර තම බිරිය සමග අනියම් සම්බන්ධයක් ඇති කරගෙන ඇය සමග පලාගිය අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
සතුටින් හා නිදහසේ ජීවිතය ගතකරන තරුණ අඹුසැමි යුවළක් සිටි අතර ඔවුනට කුඩා දියණියක්ද සිටියාය. බිරියගේ ගම් ප්‍රදේශයට ආසන්නව ඉඩමක් මිලදීගෙන නව නිවෙසක් ඉදිකිරීමද ඔවුහු දෙදෙනා සිදුකළහ.
එක් දිනක් නගරයට ගිය සැමියාට පැරණි මිතුරකු මුණගැසුණු අතර ආගිය තොරතුරු කතා කිරිමෙන් පසු ඉදිකළ නව නිවසේ තවත් සුළු වැඩ කිහිපයක් නිමකිරීමට ඇති නිසා එය සම්පූර්ණ කර ගැනීමට මිතුරාට ඇරියුම් කළේය.
දින කිහිපයක් ගතවීමෙන් පසු එම නිවෙසට ගිය මිතුරා නිවසේ තිබූ සුළු ඉදිකිරීම් කටයුතු සිදුකළේය. පියාට අසනීප බව දන්වමින් තරුණ සැමියාගේ නැගණිය දුරකතන ඇමතුමක් ලබාදී පැවසීමත් සමග ඔහු දෙලොවක අතරමන් වූයේය.
මිතුරා පැමිණ නිවෙසේ වැඩ කරන නිසා දුර බැහැර ප්‍රදේශයක ජීවත්වන පියා බැලීමට යාමට නොහැකිව දස අතේ කල්පනා කරමින් මිතුරා සමග ඒ බව සාකච්ඡා කළේය. ගැටලුවක් නොමැති බවත් ගමේ ගොස් පියාගේ සුවදුක් බලා පැමිණෙන ලෙස මිතුරා පැවසීය.
මිතුරාට හොඳින් සලකන ලෙස බිරියට ද උපදෙස් ලබාදී එදිනම සවස පියා බැලීම සඳහා ඔහු පිටත්ව ගියේය.
පියාගේ අසනීප තත්ත්වය වැඩිවීම නිසා දින තුනක් පියාගේ නිවෙසේ ගතකළ ඔහු නිවසට පැමිණෙන විට නිවසේ කිසිවෙකු නොමැතිවීමෙන් කලබලයට පත්විය. උදෑසනත් බිරිද සමග දුරකතනයෙන් තොරතුරු කතාකළ අවස්ථාවේදී මිතුරා වැඩ කරන බවත් පැවසීම නිසා ඔහු අන්දමන්ද විය. අසල නිවසක සිටින බිරිඳගේ පියාට කතාකර ගෙදර කිසිවකුත් නොමැති බව පැවසීමෙන් පසු බිරිඳ දියණිය ද රැගෙන මිතුරා සමග පැනගොස් ඇති බව දැනගත්තේය.
දැඩිලෙස අසරණ වූ සැමියා නීතියේ පිහිට පැතූ අතර බිරිඳ සැමියා සහ මිතුරා හා බිරියගේ පියා ද නීතිය ඉදිරියට කැඳවා විමර්ශනයක් සිදුකිරිමේදී සැමියා ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ අනියම් සැමියා සමග යාමට අවශ්‍ය බව බිරිය ප්‍රකාශකිරීම නිසා නිලධාරිහු ද දැඩි අපහසුතාවකට පත්වූහ.
තම දියණියගේ නීත්‍යානුකූල සැමියා ඉතා වැදගත් හොඳ මහත්මයෙක් බව පියා දැඩිලෙස අවධාරණය කළ නිසා නිලධාරින්ගේ දිර්ඝ කරුණු පැහැදිලි කිරීමත් නිසා පසුව පිළිතුරක් ලබාදෙන බව පවසමින් දියණිය සැමියාට බාරදී අනියම් සැමියා සමගින් කාන්තාව පිටව ගියාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගේ හදන්න උදව්වට ආ මිතුරා බිරියත් ඩැහැගෙන එර්දි වෙලා
fairoos Thursday, 13 January 2022 12:43 PM
මේකනම් දෙයියෝ සාක්කි තමයි
RD Thursday, 13 January 2022 06:33 PM
පුදුම වසනවාක්. ගේ හදන්න නැකත හොඳ ඇති.