ගොවියකු කුඹුරට යද්දී රැගෙන ගොස් නියරක් උඩ තැබූ සිය ජංගම දුරකථනය බැල්ලියක සොරාගෙන විත් කැලෑවක අතහැර දමා තිබිය දී සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ පුවතක් සාලියවැව යාය හත ප්‍රදේශයෙන් පසුගිය දිනක වාර්තා විය. එම වාර්තාවට අනුව මෙදින උදෑසන තම කුඹුරට ගොස් ඇති මෙම ගොවි මහතා සිය අත වූ ජංගම දුරකථනය නියරක් මත තබා කුඹුරට ජලය හැරවීමේ කටයුත්තෙහි නිරතවී ඇත. මේ සඳහා ඔහුට පැය දෙකක පමණ කාලයක් ගතවී තිබේ. තමන් ආ කාරණය එසේ අවසන්කොට ආපසු නිවසට යාමට සූදානම් වූ ගොවි මහතා දුරකථනය ගැනීම සඳහා එය තැබූ තැනට ගොස් බැලූවත් එය පෙනෙන්නට නොතිබීම නිසා මදක් කල්පනාකොට ඇත්තේ යම් හෙයකින් එය මෙතැන නොව වෙනත් තැනකවත් තැබුවාද යන සිතිවිල්ලක් ඇතිවූ නිසාය. ඒ අනුව ඔහු කෝකටත් කියා කුඹුරේ සෑම නියරකම වාගේ ඒ මේ අත ඇවිදිමින් දුරකථනය සොයන්නට විය. නමුත් දුරකතනය තියා ඒ ගැන හෝඩුවාවක්වත් දැන ගන්නට මෙහිදී ඔහුට හැකිවී නැත. දුරකතනය කිසිවෙකුත් සොරාගන්නට විදියක් ද නැත. හේතුව අතරමග ගෙවත්තක සිට ඔහු පසුපසින් කුඹුරට පැමිණි බැල්ලියක හැර වෙනත් කිසිවෙකුත් කුඹුරෙහි නොසිටි නිසාය. නමුත් එම බැල්ලිය ද දැන් පෙනෙන්නට නැත. මෙහිදී කෝකටත් කියා ගොවි මහතා කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි තම නිවසට ආපසු ගොස් වෙච්ච දේ බිරියට ද පවසා පසුව ඇයත් සමග නිවසෙහි තිබූ තවත් දුරකතනයක් ද රැගෙන නැවතත් කුඹුරට පැමිණ ඇත. කුඹුරට පැමිණි ඔහු එසේ රැගෙන ආ දුරකතනයෙන් නැතිවූ දුරකථනයේ අංකයට ඇමතුමක් ගෙන ඇත. එවිට එම දුරකථනය තවමත් කි‍්‍රයාත්මක වන බවට තහවුරු වී ඇත. නමුත් එය කුඹුරු සීමාව තුළ නොවන බව වැටහී ගියේ ඒ ආකාරයට මුළු කුඹුරේම ඇවිද ගියද එහි හඬ පිටතට නොඇසුණු නිසාය. උත්සාහය අත් හරින්නට ද හිතක් පහළ නොවූ තැන මොහොතක් කල්පනා කළ ගොවි මහතා මුලින්ම තමන් පසුපසින් කුඹුරට පැමිණි බැල්ලිය කොහේදැයි සොයන්නට තීරණය කළේය. ඒ අනුව බිරිය එක් මාර්ගයකිනුත් ගොවි මහතා තවත් මාර්ගයකිනුත් ආපසු නිවසට ගමන් කිරීමට කතිකා කර ගත්හ. දෙවනුවට ගෙනා දුරකතනය ද කි‍්‍රයාත්මක කරමින් මෙසේ ඉදිරියට ගමන් කරමින් සිටි ගොවි මහතාට එක්වරම මග අයිනේ කැලෑ රොදකින් නැතිවූ දුරකථනයේ නාදය ඇසී ඇත. ඒ අනුව වහාම ඒ දෙසට ගිය ඔහුට බිම නාදවෙමින් තිබූ තම නැතිවූ ජංගම දුරකථනයත් ඒ ආසන්නයට වී දුරකථනයෙන් පිටවන හඬට සවන්දීගෙන සිටින බැල්ලියවත් දැක ගැනීමට ලැබී ඇත. ”බැල්ලි තමයි ෆෝන් එක ගෙනිහින් තියෙන්නෙ. ඒක එයා හපල පිටුපස කොටස ගැලවිලයි තිබුණෙ, හොඳ වෙලාවට බැටරිය ගැලවිලා තිබුණෙ නෑ, එහෙම වුණා නම් ෆෝන් එක හම්බ වෙන්නෙ නෑ. සමහරවිට මම ඒකට කෝල් නොගත්ත නම් එයා ඒක එයාලගෙ ගෙදරටම අරන් යයි. කොහොම වුණත් දුරකථනයට අමතර කොටස් දමන්න රුපියල් 300ක් විතර වැය වුණා. මදෑ ඔයින් ගියා” එම ගොවි මහතා එසේ කීවේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගොවියා නියර මත තැබූ දුරකථනය බැල්ලියක සොරාගෙන
දමිත් කැකුළාවල Friday, 01 June 2012 03:07 PM
මෙලෝ රහක් නෑ.....!
දර්ශි Monday, 23 July 2012 12:17 PM
ඇත්තටම අද ජංගම දුරකථනය වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ වගේ අය තමයි (දී)
කාවින්ග Wednesday, 06 June 2012 08:41 AM
නියම කතාව...
පුන්ඩයියා Wednesday, 06 June 2012 02:01 AM
ලස්සන කතාව,..මේකේ හිනායන්නේ කොහෙද දන්නේ නෑ.......!!!
කොණ්ඩෙ බැදපු චීනා Monday, 04 June 2012 09:10 PM
මොකටද නියර උඩින් තියලා ගියේ...ෆෝන් එක සාක්කුවෙ දාගෙන හිටියනං හරිනේ..
පීරිස් Monday, 04 June 2012 03:31 AM
සමහර විට බැල්ලිගේ පෙම්වන්ත බල්ලා බලාගෙන ඉන්නවද දන්නේ නෑනේ බැල්ලි කෝල් කරනකල්
රොෂාන් Saturday, 02 June 2012 11:14 PM
බලුකතා විකාර...
සකල බුජං Saturday, 02 June 2012 12:28 PM
බැල්ලිත් ආස ඇති කෙටි පණිවුඩ යවන්න...
බුද්ධි Saturday, 02 June 2012 12:25 PM
බල්ලොත් එක්ක බෑ........
අහිංසක Saturday, 02 June 2012 11:14 AM
අනේ ලස්සන කතාව. මේ වගේ ඒවා පලකරන්න....
සංජීව Saturday, 02 June 2012 03:46 AM
වෙන මුකුත් නැද්ද ?????
පතුල්පන Friday, 01 June 2012 11:45 PM
මදෑ ඔයින් ගියා
උපුල් Friday, 01 June 2012 11:20 PM
දැන් බල්ලොත් දුරකථන පාවිච්චි කරනවා ඇති...
රවී Friday, 01 June 2012 08:55 PM
ෆෝන් දැන් බල්ලට ගිහින් නේ...
ගොවි මහතා Friday, 01 June 2012 05:35 PM
අනේ අනේ හෑන්ඩ්ෆෝන් වලට ගිය කලක්
පොතේගුරා Friday, 01 June 2012 05:04 PM
මාරයිනේ...මේ දෙන්න හොඳයි CID එකට. බඩුත් එක්ක හොරු හොයා ගනීවි.
සක්කරවට්ටම් Friday, 01 June 2012 09:35 AM
අනේ ඉතින් එයාටත් චැට් කරන්න හිතෙන්න ඇති..ආදරේටනේ ඉතින්....
රජිත් මංජුල, Friday, 01 June 2012 02:30 PM
දැන් ජංගම දුරකථන බල්ලො පාවිච්චි කරන තරමටම හෑල්ලු වෙලා..
අමිල කටුනායක Friday, 01 June 2012 02:43 PM
ප්‍රවේසමින් ෆෝන් පාවිච්චි කරද්දි....
මරුවින් Friday, 01 June 2012 02:33 PM
ෂා... මරු බලු කතාව
ෂෙරීෆ් Friday, 01 June 2012 01:48 PM
මෝඩ ගොවියා !!!!!!
නිමල් Friday, 01 June 2012 01:55 PM
හිනා නෑ....
කිවී Friday, 01 June 2012 01:50 PM
මේකේ හිනායන තැන කියන්න පුඵවන්ද ?...
චාමින් Friday, 01 June 2012 01:44 PM
මේකනම් බොරුවක්ද කොහෙද ?????
දොම්පේ මල්ලී Friday, 01 June 2012 12:12 PM
එයාගේ පෙම්වතාට කතාකරන්න වෙන්න ඇති..
දිනුක Friday, 01 June 2012 10:57 AM
ජංජාලයයි.......
එස්.එල්.ටී.කේ.2004 Friday, 01 June 2012 10:26 AM
බල්ලෙකුට කෝල් එකක් ගන්න වෙන්න ඇති ගන්න ඇත්තේ
රෝෂාන් Friday, 01 June 2012 10:21 AM
හදිස්සියට කෝල් එකක් ගන්න හිතෙන්න ඇති...
වසන්ත රත්නායක Friday, 01 June 2012 10:59 AM
ලස්සන කතාව ... , ෆෝන් එක මස් කට්ටක් වගේ පේන්න ඇති.
ගිරිගෝරිස් අප්පුහාමී Friday, 01 June 2012 10:13 AM
දෙයියෝ සාක්කි. නඩුවක් දැම්මනම් හරි....
සමන් Friday, 01 June 2012 10:35 AM
බල්ලෙක්ට කෝල් එකක් දෙන්න ගන්න ඇත්තේ.