X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ගෝරිදමා වතුර ඉල්ලලා දෙන්න හැදුවාම එපා කියලා

තම ගමට පානීය නළ ජලය ලබා දෙන්නැයි මහත් උද්ඝෝෂණයක් කොට ප‍්‍රාදේශීය දේශපාලකයකු මගින් පෙත්සමක් ද ඉදිරිපත් කළ පසු ඒ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කොට නළ ජලය ලබාදීමට කාණු කපමින් සිටියදී නළ ජලය එපා යැයි පෙත්සම් දෙකක් ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලැබීමේ අපූරු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.


නළ ජලය ලබාදීමට සියලූ කටයුතු සිදු කරමින් සිටියදී එය නවත්වන ලෙසට ලද පෙත්සම් පරීක්ෂා කළ ජල සම්පාදන අංශයේ නිලධාරීහු මෙවැනි සිදුවීමක් මේ රටේ සිදුවූ මුල්ම අවස්ථාව බව පැවසූහ.


ප‍්‍රාදේශීය දේශපාලකයකුගෙන් මේ පිළිබඳව විමසූ විට අනාවරණය වී ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිදුවිය හැකි මත ගැටුමක් මීට මුල් වී ඇති බවත් ලූ.

 



අදහස් (0)

ගෝරිදමා වතුර ඉල්ලලා දෙන්න හැදුවාම එපා කියලා

යටවත්ත Monday, 02 November 2015 06:47 PM

දැන් ඉතින් කට්ටියට හිතට සතුටු ඇති (නි)

:       0       0

රෝහණ Thursday, 05 November 2015 03:01 AM

බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් පුසෙක්වත් ගෙනෙන්න එපා කියලයි අපි නම් අහලා තියෙන්නේ. පේනවා නේද ඉන්දික ආඩම්බර වුණාට දකුණේ කට්ටිය කර තිබෙන දේවල්? (නි)

:       0       0

දොඹගොඩ Thursday, 05 November 2015 02:59 AM

මේ මිනිස්සු කවදාවත් හැදෙන අය නෙමෙයි (නි)

:       0       0

ඉන්දික Thursday, 05 November 2015 02:43 AM

ඇයි දකුණේ අය විතරද එහෙම වැඩ කරන්නේ? දකුණේ අය කරන වැඩ සහ කළ වැඩ ඔක්කොම එහෙම වැඩද? එහෙනම් අද ලංකාවක් නැහැ. අපි දකුණේ තමයි. අපි අපි ගැන ආඩම්බරයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 04 November 2015 07:45 PM

ඇහුවොත් කියන්නේ අපි දකුණේ - කරන වැඩ වලට යනවා වමනේ!! (නි)

:       0       0

මෙලනි Tuesday, 03 November 2015 07:12 AM

අපොයි අමිල, ඔය වගේ දෙයක් ඔය පළාතේ නොවුණොත් තමා පුදුම. අපේ තාත්තාගේ නෑදෑයින් ඔය කිට්ටුව තිහගොඩ පැත්තේ ඉන්නවා. එයාලා නෑදෑයන් මැරෙනතුරු බලා ඉන්නවා දේපල කුඹුරු අයිති කරගන්න. පුදුම මිනිස්සු! (නි)

:       0       0

අමිල Tuesday, 03 November 2015 05:55 AM

මම ඉන්නේ කඹුරුපිටියේ,කුඩාගලහේනේ. මෙහෙට වතුර දෙන්න හැදුවහමත් ඔය වගේම දෙයක් තමයි වුණේ. ‍හේතුව වුණේ ඊර්ෂ්‍යාව (නි)

:       0       0

රෝහණ Tuesday, 03 November 2015 04:02 AM

හම්බන්තොට පැත්තේ ඡන්දෙ ඉල්ලුවේ නම් කවුද කියලා අපි දන්නවා (බ)

:       0       0

සරසි Tuesday, 03 November 2015 02:40 AM

බත්තරමුල්ලේ නිවාස යෝජනා ක්‍රමයක පාරක් භාගෙට පිළිසකර කර නැවැත්වුවා. හේතුව එක්තරා තැනකින් එහා ගෙවල් ඔක්කොම ඡන්දය දුන්නේ එවකට තිබුන විපක්ෂයට කියලා. ඊටපසු ඡන්දෙදි ගෙවල් ගානේ ඡන්ද ප්‍රචාරයට පයින් ආ මැතිතුමාගේ කකුල පාරේ වළක් ඇතුළට ගිහින්. මෙන්න පසුවදාම පාර පිළිසකර කෙරුනා. (නි)

:       0       0

සඳරුවනි Tuesday, 03 November 2015 01:34 AM

පක්ෂ දේශපාලනය දුබල කරනතුරු රටට සෙතක් නොවේ. මේ වතාවේ ඡන්දයට වැඩියෙන් වියදම් කරන්නේ කවුද කියා සොයා ඔවුන්ට ඡන්දය දීමෙන් වළකින්න. වැඩියෙන් වියදම් කරන්නේ වැඩියෙන් වංචා දූෂණ කරන අපේක්ෂකයෝ කියායි මට සිතෙන්නේ. (නි)

:       0       0

චතුරි Monday, 02 November 2015 09:52 PM

මම මගේ වෙළඳ ස්ථානයට වතුර ගන්න අදාළ ලිපිය ගන්න ගියවිට මගේ විවාහ සහතිකය ඉල්ලුවා. ඇයි කියලා ඇසුවාම, ඔප්පුවේ සැමියාගේ නම තිබෙන නිසා ,ඔහු පිටරට බැවින් කවදාහරි අපි දික්කසාද වුණොත් ඒ අයට ඒක ප්‍රශ්නයක්ලු. තවම වතුර නැහැ (නි)

:       0       0

ගුණවර්ධන Monday, 02 November 2015 06:44 PM

තිබහට බොන වතුර ටිකට වඩා දේශපාලනය ඔලුවට ගෙන කටයුතු කරන මේ ගමේ ජනයා ගැන මොනවා කියන්නද? (නි)

:       0       0

විජේපාල Monday, 02 November 2015 06:30 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

මිහිදු Monday, 02 November 2015 05:33 PM

මෙවැනි සිදුවීමක් මේ රටේ සිදුවූ මුල්ම අවස්ථාව කිව්වාට පොඩ්ඩක් හිතලා බලන්න. අපේ රටේ අධිවේගී මාර්ග හදනකොට ඒවට විරුද්ධ වුණේ නැද්ද? වරාය, ගුවන් තොටුපොළ, ක්‍රීඩාංගන, ඈවිදින මංතීරු ආදී සෑම සංවර්ධන කටයුත්තකදීම අපේම රටේ කොටසක් ඒවට විරුද්ධ වුණා. ඒක ඒ අයගෙ දේශපාලනය. නමුත් පුදුමය කියන්නෙ ඒවාට හුරේ තියන්න ඕනෑතරම් සාමාන්‍ය ජනතාවත් සැදීපැහැදී ඉන්න එකයි. (නි)

:       0       0

කමල් Monday, 02 November 2015 05:05 PM

අහන්න දෙයක්ද? ගම ගාල්ලේ කියන්නේ නිකන්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 November 2015 12:16 PM

මෙහෙවූ රටක් කවදා ගොඩ යයිද ? මේ ලස්නට අදහස් දාන අපේ කට්ට්ය දිහා බැලුවම රට ගැන හොඳ අවබෝදයක් ලබාගන්න පුළුවන් (අ)

:       0       0

අසෝකා Monday, 02 November 2015 11:09 AM

ඕක මොකක්ද? ලංකාවට ප්‍රංශ රෝහල් දෙකකින් ආධාර මත අංගවිකල රෝහලක් සම්පුර්ණ වියදමින් හදල අවුරුදු 5ක් මෙහෙ අපුහුණු කරන තුරු වියදම් දරන්නත් කැමති වුනා. එත් කොමිස් නැති නිසා උත්තර නැතිවම ඒවා යටගියා. එහෙම රටක් සුවබර රටක් අපිට තියෙන්නේ. (ස)

:       0       0

සමන් Monday, 02 November 2015 09:43 AM

මේ කොහෙද බැලුවා... (ර)

:       0       0

අබරන් Monday, 02 November 2015 09:34 AM

අණුවනකම් හැමතැනම විසිරිලා... (ර)

:       0       0

අමල් Monday, 02 November 2015 09:26 AM

කොහොමද ඉතින් රට දියුණු වෙන්නේ.? (ර)

:       0       0

ජයනාත් Monday, 02 November 2015 08:48 AM

කලකට ඉහතදී පානීය ජලය ඉල්ලපු ගම් වැසියන්ට පිලිතුරු ලැබුනෙ මොන විදිහටද කියන එකත් ජනතාවට අමතක නැහැ.(අ)

:       0       0

ගමගේ Monday, 02 November 2015 06:39 AM

ඔක්කොම ඉතින් තමන්ගේ වාසියට තමයි (නි)

:       0       0

ජයනාත් Monday, 02 November 2015 06:35 AM

වයඹ පළාතේ, එක ගමක පිහිටා තිබෙනවා සමාගමක ගබඩාවක්. එයට නිතර විශාල ලොරි යන නිසා ගමේ පාර කැඩී විශාල වලවල් හෑරී ඇත.මේ මාර්ගය එම සමාගම විසින් ඔවුන්ගේ වියදමින් පිළිසකර කර දීමට හැදුවද, බලධාරීන් සමහරු එයට ඉඩදෙන්නෙ නැතිලු.හේතුව ටෙන්ඩරයෙන් සහ මුදල් අනුමැතියෙන් වාසි ලබාගැනීමට බැරි වෙන නිසාලු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site