මේසන් බාස් කෙනකු ගාල්ල ප්‍රදේශයේ සිට පිළියන්දල ප්‍රදේශයේ ගෙයක් ඉදිකිරීමට පැමිණියේය. ඉතා දුර බැහැර නිසාත් තමාගේ ම කියා ගෝලයකු නොමැති නිසාත් බාසුන්නැහේ නිවෙස් හිමියාගේ දන්නා අඳුනන පිළියන්දල ප්‍රදේශයේ ගෝලයකු ඉල්ලා සිටියේය. නිවෙස් හිමියාද තමන් අඳුනන ගෝලයකු ලබා දීමට කටයුතු කළේය. සතියක පමණ කාලයක් දෙදෙනා එකට වැඩ කර බොහෝ හිතවත් විය. දිනක් රාත්‍රියක ගෝලයා බාසුන්නැහේ ද බලෙන්ම රැගෙන තම මිතුරකුගේ ගෙදර ගියේය. එය බූරු පොළක් බව ටික වේලාවකින් බාස්ට වැටහුනි. ගෝලයා බූරු ගසන්නට පටන් ගත්තේය. අහිංසක පුද්ගලයකු වූ බාස් ටිකක් දුරකට වී බලා සිටියේය. නොබෝ වේලාවකින් ගෝලයා පැමිණ ‘‘මට කෝල් එකක් ගන්න ඕන’’ යැයි කියා බාස්ගේ ෆෝන් එක රැගෙන ටිකක් දුරට ගියේය. ගෝලයා ටික වේලාවකින් නැවතත් බූරු ගසනු බාස් දුටුවේය. බාස් එතැනට ගොස් තම ෆෝන් එක ඉල්ලා සිටියේය. බාස්ගේ අතට සිම් කාඞ්පත දුන් ගෝලයා දුරකතනය මේ වටය දිනූ විට දෙන්නම් යැයි පවසා නැවත බූරු ගසන්නට විය. ගෝලයා පරාද විය. තමන් ෆෝන් එක උගස් කර බවත් එම රු. 2500 යෙන්ද බූරු ගැසූ බවත් ගේ හිමියාට මෙය නොකියන ලෙසත් පසුව එය බේරා දෙන බවත් පවසා බාස් සමඟ නැවත පිටත් විය. නිවසේ වැඩ කටයුතු ද අවසන් විය. දින කීපයක් බලා සිටි බාස් ගේ හිමියාට ද තමාට සිදු වූ කරදරය පවසා දුරකතනය තමාට අරන් දෙන ලෙස ගේ හිමියාගෙන් ඉල්ලා සිටියේය. ගේ හිමියා හොඳින් ගෝලයාගේ කෙරුම් ගැන දැන සිටි නිසා ඔහුට තරයේ අවවාද කළේ තමන් දෙන මුදලින් එය නැවත බාස්ට ලබා දෙන ලෙසය. ගෝලයා කෝප විය. බාසුන්නැහේට පහරක් ගැසු ගෝලයා ගේ හිමියාගෙන් මුදල් ඉල්ලා ගෙන ෆෝන් එක බේරාගන්නා ලෙසත් මේ ප්‍රදේශයෙන් යහතින් පිටවෙන්න නම් තමන්ගෙන් මුදල් ඉල්ලාගෙන කරදර නොකරන ලෙසත් තර්ජනය කළේය. බාස් පහුවදා තමන්ගේ වැඩ වලට ලැබුණු මුදලින් මිලෙන් ඉතා අඩු ෆෝන් එකක් මිලදී ගෙන කිසි කෙනකුටත් නොදන්වා පිළියන්දලින් පිට වී ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෝලයා බූරුපොළේදී බාසුන්නැහේගේ දුරකතනය උගසට තබා සූදු කෙළලා