(තිහගොඩ - උපසේන ලියනගම)
රාජ්‍ය සේවයේ ඉහළ තනතුරක් දැරූ ඔහු කා අතරත් ජනප‍්‍රිය තැනැත්තෙකි. සේවාවෙන් විශ‍්‍රාම ලැබීමෙන් අනතුරුව ඔහුට මුළු දිවයිනටම සාම විනිසුරුකමක් ද ලැබිණ. ප‍්‍රාදේශීය දේශපාලකයකුගේ හිතවතකු වූ ඔහු සොයා පසුගියදා එම දේශපාලකයාගේ පාක්‍ෂිකයකු ආවේ චරිත සහතිකයක් ගැනීමටය.
ඒ තැනැත්තා සමඟ කතා කිරීමේදී ඔහු රැුකියාවකට යාම සඳහා චරිත සහතිකයක් ඉල්ලා සිටියත් ඊට කිසිසේත් නොගැළපෙන විකාර දොඩවන්නකු බව මේ නිලධාරියාට හැඟිණි. දේශපාලකයා අමනාප කර ගැනීමට බැරි නිසා චරිත සහතිකය ලියාදී අස්සනට පෙර පි.පො. යනුවෙන් එහි සටහන් කොට සම්මුඛ පරීක්‍ෂණයට පෙරදා ඒ මණ්ඩලයේ ප‍්‍රධානියාට දුරකතන ඇමතුමක් දී ‘‘මගේ චරිත සහතිකේක පි.පො. කියා ලියා ඇති සහතිකය ගණන් ගන්න එපා’’ යැයි කීය. ඇයි සර් පි.පො. කියලා ලීවේයි පරීක්‍ෂක මණ්ඩල ප‍්‍රධානියා ඇසූවිට ‘‘පිස්සු පොරක්’’ කී නිලධාරියා ‘‘මේක කාටවත් කියන්න එපා’’ යැයි ද කීවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චරිත සහතිකයක් ඉල්ලූවාම ‘පිස්සු පොරක්’ යැයි ලියාදීලා
දිලාන් Wednesday, 29 October 2014 08:22 AM
ඔය විදියේ චරිත සහතිකයක් ඉබේම පිරිනැමෙන උදවිය අපිට සභාවේ ඉන්න ගමන් පේනවා. අපේ කාන්තා පාඨක මහත්මීන් පුල පුලා බලාගෙන ඉන්නේ ඒ කෙනාට සහතිකය පිරි නැමෙනකොට අත්පුඩි ගහන්න. (ර)
නිර්මලා Wednesday, 29 October 2014 12:08 PM
ඇත්තමයි දිලාන්, අපේ පාඨක සභාවේ අර නිතරම කඩේයන මහත්තයත් එයාගේ හාම් පුතාගෙන් චරිත සහතිකයක් ගත්තාලු. හැබැයි එකේ අත්සනට පෙර යොදල තියෙන්නේ "පි" යන්න විතරලු. (නදී)
ප්‍රියනාත් Wednesday, 29 October 2014 04:00 PM
දිලාන්, පාඨක සභාවේ ඉන්න කෙනා ලඟදි ගත්ත වෛයිද්‍ය සහතිකයේ නම් අනිවාර්යෙන්ම "පි.පො." කියල ලියල ඇති. ඒ තරමටම එයාගේ මොලේ කචල් වෙලා. (අ)
සුසිර Wednesday, 29 October 2014 08:13 PM
ඔය කියන පාඨක තීරයේ අපේ යාලුවා නම්, පිස්සු පොරක් නෙමේ තනිකරම පිස්සෙක්. අපේ පොරට හොඳටම පිස්සු උනත්, දැන්මම පිට රටකට පැනගැනීමට පහසු මාර්ගයක් සොයමින් ඉන්නවලු. (නදී)
රෙජි-සිඩ්නි Wednesday, 29 October 2014 10:49 PM
මට හිතෙන විදිහට චරිත සහතිකය දුන්න කෙනත් පිස්සු පොරක් වෙන්න ඇති. (නදී)
රුවන් Thursday, 30 October 2014 07:17 AM
මෙම සාමවිනිසුරු කරලතියෙන්නෙ අන්තිම පහත් ක්‍රියාවක්.කෙනෙකුගේ රස්සාවක් නැතිකරනවා කියන්නේ ලොකු පාපයක්.මෙම පුද්ගලයා සමග පුද්ගලික තරහක් හෝ ඉරිසියාවක් තිබුනද දන්නේනැහැ.(අ)
කලීල් බණ්ඩාරවෙල Friday, 31 October 2014 10:52 AM
අපේ ගොඩාක් දෙනාගේ වැඩ ඔහොම තමයි. (අ)..
සාරසී Monday, 03 November 2014 03:47 PM
මොනා උනත් අන්තිම පහත් වැඩක් . කාගේහරි රස්සාවක් කරන්න තියන අවස්ථාව නැති කරන එක .(බ).