X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


චීන තරුණයන් අන්දන්නගිය තරුණයන්ට අපූරු පාඩමක්

දුන්හිඳ දිය ඇල්ල අසල දී සැර බුලත්විටක් කන්නට දී කුණුහරුප කීපයක් ඉගැන්වීමට උත්සාහ කළ මෙරට උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන තරුණ පිරිසකට පැහැදිලි සිංහලෙන් අවවාද අනුශාසනා කළ චීන ජාතික තරුණයින් දෙදෙනකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


සිද්ධිය මෙසේය


ඔවුහු මෙරට උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන තරුණ පිරිසකි. පසුගිය සති අන්තයේ ඔවුහු දුංහිද දිය ඇල්ලට පැමිණියේ ඔවුන්ගේ භාෂාවෙන්ම කිවහොත් පොඩි ෆන් එකක් ගන්නටය.


දුන්හිඳ දිය ඇල්ලට අසලට පැමිණි ඔවුන්ට දැක ගන්නට ලැබුණේ දිය ඇල්ල ආසන්නයේ ගලක් මත හිඳිමින් ඡායාරූප ගන්නා කඩවසම් චීන ජාතික තරුණයින් දෙදෙනෙකි.


චීන ජාතිකයින් දෙදෙනාත් තරුණ පිරිසත් හුවමාරු කර ගත් සිනහව අවසානයේදී පුංචි මිතුදමක් බවට පත්වූයේ ඔවුන්ටත් නොදැනීමය.


මෙරට තරුණ පිරිස අතර සිටි එක් තරුණයෙක් තම මිතුරන්ට අපූරු යෝජනාවක් ගෙනාවේ මේ අතරේය.


“මචං අපි මුංට දුංකොළයි හුණුයි දාලා විටක් දෙමු”. “අපි මුංට කුණුහරුප ටිකකුත් කියලා දෙමු” තවකෙක් කීය.


තරුණයෙක් බුලත් දුංකොළ මෙන්ම වැඩිපුර හුණු එක් කළ විටක් චීන ජාතික තරුණයින් දෙදෙනා අත තබද්දී තවත් කීප දෙනකු නිතර භාවිත කරන කුණුහරුප කීපයක් චීන ජාතිකයින් දෙදෙනාට කියා දුන්නේ කණ්ඩායමේ සෙසු පිරිස ද සිනහ ගන්වමිනි.


මේ වචන කියලා තමා අපි සුභ පතන්නේ. තවත් තරුණයෙක් කැඩිච්ච ඉංග්‍රීසියෙන් චීනුන්ට වචන විස්තර කළේ ඒ තුළින් අපමණ වින්දනයක් ලබමිනි.
තරුණයින් සමග සිනහවෙමින් අපූරු වින්දනයක් ලබා ගත් එක් චීන ජාතිකයෙක් මොහොතක් ගතවෙද්දී පැහැදිලි සිංහලෙන් සිය හඬ අවදි කළේ තරුණ පිරිස පමණක් නොව ඒ අවට සිටි පිරිස ද පුදුමයට පත් කරමිනි.


“මල්ලිලා අපි මේ රටට ඇවිත් අවුරුදු දහයකට වැඩියි. අපි තමා අර අහවල් පාර කාපට් කළේ. මම ඉංජිනේරුවෙක්. මේ අපේ මැනේජර්. අපි මේ රටට ආව දවස්වලත් මුලින්ම මේ රටේ අය කියලා දුන්නෙ ඔය වගේ කුණුහරුප තමා. හැබැයි දැන් අපි හොඳට සිංහල දන්නවා. ඒ වගේම බුලත් විට ගැනත් දන්නවා.
ඔයාලා කියලා දුන්න වචන කියන්නේ ඔයාලගෙ ගම්වල අය රණ්ඩු වුණාමයි. ඒ වගේම බුලත් විටක් දෙන්නේ සුහද බව ඇති කර ගන්න මිසක් දුංකොළයි හුණුයි කන්න දීලා මත් කරවන්න නෙමෙයි. චීන ජාතිකයා දිගින් දිගටම කියාගෙන යද්දී තරුණ පිරිස එකිනෙකා දෙස බලමින් ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය.


කෙසේ වෙතත් තරුණයන් පත් වූ අපහසුතාව දැනගත් චීන ජාතික දෙපළ ඒ අසල වූ වෙළෙඳ සලකින් මෙගා ප්‍රමාණයේ බීම බෝතල් දෙකක් ද මිලදී ගෙන තරුණ පිරිස අත තැබුවේ හැබැයි අපි සිංහල ඉගෙන ගත්තෙත් ඔයාලගෙම රටේ දුප්පත් කම්කරුවන්ගෙන්” යැයි ඔලොක්කුවට මෙන් පවසමිනි.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

චීන තරුණයන් අන්දන්නගිය තරුණයන්ට අපූරු පාඩමක්

කින් බෙනට් Wednesday, 17 August 2016 06:14 PM

අරන් දුන්න බීම බෝතල් දෙක ලැජ්ජා නැතුව බොන්නත් ඇති (නි)

:       0       0

රුවන් Saturday, 20 August 2016 05:22 PM

සිංහලයාගේ බුද්දි මට්ටම % (රේ)

:       0       0

නිමල් Friday, 19 August 2016 01:12 AM

මේ වගේ අය තමා අර පාරේ ඉඳගෙන හොඳ අධ්‍යාපන ආයතන වලට කරදර කරන්නේ. ලෝකය ගැන කිසිම හැඟීමක් නැති අය. (නි)

:       0       0

ආනන්ද Thursday, 18 August 2016 11:25 PM

මෙය ඉතා වැදගත් ප්‍රවෘත්තියක්. රටේ හැඩගැස්මටත්, අධ්‍යාපනය දෙන්නන්ටත්, ලබන්නන්ටත් මෙය පාඩමක්. (නි)

:       0       0

අනුරාධ Thursday, 18 August 2016 05:15 PM

පහත් මානසිකත්ව ඇති මිනිස්සු තමයි මේ (හේ)

:       0       0

ටිකිරි Thursday, 18 August 2016 04:45 PM

සමන්ත ඕකට කියන්නේ දුපත් මානසිකත්වය නෙමේ, මන්ද මානසිකත්වය කියල,රටේ පිළිගත් නීතියක් නැති නිසයි මේ වගේ වැඩ වෙන්නේ,(හේ)

:       0       0

ගමගේ Thursday, 18 August 2016 01:10 PM

ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 18 August 2016 08:35 AM

\"සිංහ ලේ\" ජයවේවා!!! (ම)

:       0       0

නිරුල් Thursday, 18 August 2016 07:19 AM

ගතිගුණ වලින් නම් බොහොම අන්තිමයි මේ මල්ලිලා ටික. (නි)

:       0       0

අරවින්ද ගුණවර්ධන Thursday, 18 August 2016 04:48 AM

අපේ රටේ තරුණ පරපුර... වැඩිහිටි පරපුර මීට වඩා අන්තයි. බේබදු කමෙන් ලෝකේ අංක එක. විදේශිකයෙක් දැක්කහම පුදුම අමාරුවක් තියෙන්නේ. (හේ)

:       0       0

යමුණා Thursday, 18 August 2016 04:46 AM

ජනතා මුදලින් ඉගෙනගන්න මේ අය‍ට රට ගැන කිසි හැගීමක් නැහැ . ආයතනය උසස් වුනාට පහත් පුද්ගලයෝ ගියාම වෙන දේ තමයි ඔය.(හේ)

:       0       0

ජයසිරි Thursday, 18 August 2016 03:29 AM

මොකක්ද දන්නේ නැහැ උසස් අධාපන ආයතනය . (හේ)

:       0       0

සමන් Thursday, 18 August 2016 02:13 AM

ගමකෑවට කමක් නැහැ ළමයිනේ, රට කන්න නම් එපා (නි)

:       0       0

හිමාල් Thursday, 18 August 2016 02:19 AM

හොඳ වැඩේ මෙහෙම වැඩ ආයෙත් නොකරන්න (නි)

:       0       0

අශික Wednesday, 17 August 2016 11:24 PM

මම ජපානයේ අධ්‍යාපනය හදාරද්දී ඔවුන් හැකි සෑමවිටම අවංකව හැමදෙයක්ම කියා දුන්නා. රැකබලා ගත්තා. මෙහෙ අය එ්කටත් එක්ක, හරිම පහත් මානසිකත්වයක් තිබෙන්නේ. කෝච්චිවල යන මගීන්ට ගල් ගහන, විදේශිකයන්ට මේ වගේ සළකන පුදුම උද්දච්ච මෝඩ මිනිසුන් අධිකම රටක් (නි)

:       0       0

පිටිගල Wednesday, 17 August 2016 01:56 AM

මේ වගේ පහත් වැඩ ගැන අපිටත් ලැජ්ජයි! (නි)

:       0       0

හසන්ත Wednesday, 17 August 2016 06:11 PM

බදුල්ලේ තියෙන උසස් අධ්‍යාපන ආයතනය ගැන නම් අපි දන්නවා. එකේ ඉස්සර නම් හොඳ වැදගත් ළමයි ඉගෙනගත්තේ. (නි)

:       0       0

ඒකනායක Wednesday, 17 August 2016 05:08 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. ඔවුන් දෙන රැග්, කරන පිකටින් දැක්කම හිතාගන්න පුළුවන් ඔවුන්ගේ බුද්ධිය කොතනද කියලා. අනේ අහිංසක දෙමවුපියන්ගේ මුදල්. (නි)

:       0       0

මලික් Wednesday, 17 August 2016 03:00 PM

උගත්කම විතරක් තිබුනාට මදි. චාරයක් කියලා දෙයක් තියෙන්න ඕනෑ. මිට දශක ගණනාවකට කලින් හිටිය උගතුන්ගේත් අද උගතුන්ගේත් වෙනස ඕකයි. (නි)

:       0       0

සමන්ත Wednesday, 17 August 2016 02:23 PM

මේකට කියන්නේ දූපත් මානසිකත්වය කියලා. අපි දූපතක වගේ ඉන්න නිසා අපිට අනෙකුත් ජාතීන්ගේ හෝ විවිධ රටවල සමාජ ක්‍රමයන් අපි දන්නේ නැහැ. මේක බරපතල තත්වයක්. රටක් හැටියට ලෝකෙට යන්න අපිට හරි අපහසුයි (නි)

:       0       0

රාධා Wednesday, 17 August 2016 02:01 PM

මෙහෙට එන බොහෝ සංචාරකයින් සිංහල දන්නවා (නි)

:       0       0

භද්‍රානි Wednesday, 17 August 2016 01:13 PM

ලබන අධ්‍යාපනය උසස් වුණාට මනස උසස් නැත්නම් ඉතින් මොනවා කරන්නද නේද? මේක සුළු සිද්ධියක් වුණාට ලාංකික සමාජයේ යථාර්තය ඕක තමයි. නෝනලා, මහත්වරු කියලා කටපුරා කියන්න හැකි අය ඉන්නේ අතලොස්සයි. අධ්‍යාපනය ලැබුවාට මනසින් උසස් පුද්ගලයින් බිහිනොවන කාරණය කියන්න මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 17 August 2016 11:49 AM

උසස් අධ්‍යපනයක් අදාහරණ අය මෙහෙමදෙවල් කරනවා කිව්වහම පුදුම හිතුන , මේ අය කොච්චර බුද්මත්ව කටයුතු කළ යුතුද මේ අය රටත් කනවා , ගමත් කනවා .(අ)

:       0       0

කනිෂ්ක Wednesday, 17 August 2016 09:24 AM

චීනයෙදී චීන ජාතිකයන් අපට ඉතාම උනන්දුවෙන් සලකනවා බටහිර රටවල මිනිස්සු අපට සලකන ආකාරයෙන් නොවේ ඔවුන් අපට උදව් කරන්නේ .චීන වැසියන් ජාතිබේද නෑ එවැනි මිනිසුන්ට මෙහෙම සැලකීමෙන් පෙනෙන්නේ අපි තාමත් මහා නොදියුණු තැනක ඉන්නා බවයි (ම)

:       0       0

සෑම් Wednesday, 17 August 2016 06:53 AM

උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙන ගත්තාට පහත් ජන්මය නැති වෙන්නේ නැහැ (ම)

:       0       0

මහේෂ් Wednesday, 17 August 2016 06:33 AM

ඔන්න අපේ රටේ තරුණ පරපුර. මේ වගේ වැඩ කළාම රටකට පැවැත්මක් තියේවිද? මෙයාලා දන්නේ ස්ට්‍රික් කරන්නයි පිකටින් කරන්නයි විතරයි (ම)

:       0       0

චන්දන ගමගේ Wednesday, 17 August 2016 05:46 AM

රටේ අනාගතය බාර ගන්න අයද මේ (ම)

:       0       0

තාරුක Wednesday, 17 August 2016 04:18 AM

හැම සිංහලයෙක්ම මේ ගැන ලැජ්ජා වියයුතුය (නි)

:       0       0

සමන් Wednesday, 17 August 2016 04:02 AM

ලංකාවේ මිනිසුන්ගෙ සාමාන්‍ය බුද්ධි මට්ටම 79%යි. චීන්නුන්ගෙ 105% යි (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 17 August 2016 02:48 AM

චීන ජාතික තරුණයන්ට ප්‍රශංසා කළයුතුය. එහෙත් මේ රට වනසන මෙවැනි අමනයන්ට සුදුසු දඬුවම් නොලැබීම ගැන කණගාටු වෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site