X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


චූන්පාන්කාරයාගෙන් පාන් ඉල්ලා සල්ලි වෙනුවට ගිනිපෙට්ටි දීලා

පාන් වෙළෙඳාමේ යන චූන් පාන් ජංගම වෙළෙඳ රථයකට ගිනිපෙට්ටි 9 ක් දී කාන්තාවක් පාන් ගෙඩියක් ඉල්ලා සිටීමේ පුවතක් ගාල්ල ප‍්‍රදේශයේ එක්තරා ගමකින් වාර්තාවේ. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

පාන් ගෙඩියක් ගත් කෙනෙකු ඉතිරි සල්ලි දෙන්න මාරුකාසි රුපියල් 5/= ක් නැතිවූ විට එය මතක තබාගෙන සිට ඊළඟ දවසේ හෝ ආපසු දිය යුතුය.

චූන් පාන් වෙළෙන්දා මීට කදිම උපායක් කල්පනා කළේය. ඔහු කළේ චූන් පාන් රථයේ ගිනිපෙට්ටි පැකට් දෙක තුනක්ද රැුගෙන යාමය. ඉන්පසු පාන් ගත් කෙනකුට ඉතිරි වන රු. 5/= මාරු කාසිය වෙනුවට ඔහු ඉතිරි මුදල සමග ගිනිපෙට්ටියක් දෙයි. මේ නිසා නිතර නිතර පාන් ගන්නා කාන්තාවකට කරන්නට දෙයක් නැති තරමට ගිනිපෙට්ටි ගෙදර එකතු විය.

ඒ නිසා ඇය කළේ චුන් පාන් වෙළෙන්දාගෙන් පාන් ගෙඩියක් ගෙන එකතුවී තිබූ ගිනිපෙට්ටි 9 ක් චූන්පාන් වෙළෙන්දාට දීමය. චූන් පාන් වෙළෙන්දාට මෙය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි වූයේ ‘‘ඔය ඔයා දීපු ඉතිරි සල්ලිම තමයි’’ කියා කාන්තාව කියූ නිසාය.



අදහස් (0)

චූන්පාන්කාරයාගෙන් පාන් ඉල්ලා සල්ලි වෙනුවට ගිනිපෙට්ටි දීලා

රෝහණ Tuesday, 29 September 2015 05:44 AM

දකුනේ ඉන්නේ එකෙක්ට එකෙක් නොදෙවෙනි කපටියෝ (බ)

:       0       0

ලන්කපුත Tuesday, 29 September 2015 06:11 AM

නියම බුද්ධිමත් ගැහැනියක්. (ම)

:       0       0

රූපවතී Tuesday, 29 September 2015 07:04 AM

මම කියවපු දෙවියෝ සාක්කි වලින් හොදම කතාව මෙයයි..! හරිම සතුටුයි ..සත්‍ය විදහා පායි ..! (බ)

:       0       0

ධම්ම Tuesday, 29 September 2015 07:55 AM

ඇත්ත තමයි මේ කාන්තාවට ගිනි පෙට්ටි වලින් වැඩක් නෑ මොකද කන්නෙම පාන් නේ. (අ)

:       0       0

සුභා Tuesday, 29 September 2015 09:07 AM

රෝහණ දකුණේ අයට බැන්නත් එයාගෙ දෙමව්පියන් ඒ නම දාල තියෙන්න් දකුණට ආදරේ හින්ද, හොදින් හොයල බැලුවොත් රෝහණටත් දකුණේ නෑ සම්බන්ධයක් ඇති (බ)

:       0       0

අජිත් Tuesday, 29 September 2015 11:36 AM

අර කිව්වත් වගේ මේක නියම දෙයියෝ සක්කියක්ම තමයි. කාන්තාවගේ මොලේ හැදීමිටේ කිව්වට බොරුනේ. (බ)

:       0       0

පිටබද්දර ජයා Tuesday, 29 September 2015 12:29 PM

දකුණේ ගැහැණු ඔහොම තමයි ,දකුණේ හුඟක් මිනිස්සු රැකෙන්නේ මොලේ තියෙන ගැහැනුන්ට පින්සිද්ද වෙන්න , හැබැයි මම ඇරෙන්න (බ)

:       0       0

චන්දි Tuesday, 29 September 2015 07:53 PM

නියම කතාව! රූපා කිවුවා වගේ හොඳම දෙයියෝ සාක්කිය. (නි)

:       0       0

පියසේන Tuesday, 29 September 2015 09:04 PM

නියම වැඩේ (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 30 September 2015 03:09 AM

ඔය කියන විදිහට "ගැහැණුන්ගේ මොලේ හැදිමිට "වගේ කියන එක වැරදියි. දැක්ක නේද ඒ කාන්තාව "තැනෙ හැටියට ඇනේ "ගහපු හැටි.මම කියන්නේ අවස්ථාවේ හැටියට මොලේ පාවිච්චි කරලා වැඩේ කරපු හැටි. (බ)

:       0       0

පැතුම් තිරාණගම Wednesday, 30 September 2015 05:20 AM

මොනවා උනත් දකුණේ ඉන්නේ කට්ටිය ගැන අපි නොදන්නනවායි (ම)

:       0       0

දුමින්ද Wednesday, 30 September 2015 08:24 AM

දෙන්නම සූරයෝ. (ර)

:       0       0

සෙනෙවි Wednesday, 30 September 2015 12:25 PM

ගිනීපෙට්ටි 9 දෙන්න ඇත්තෙ පෙට්ටි දෙකක් විතර කූරු මාටිය ගහලා (හේ)

:       0       0

මොහාන් Thursday, 01 October 2015 02:41 PM

නියම නුවණක්කාර වැඩක් (නි)

:       0       0

පියුමි Thursday, 01 October 2015 02:57 PM

එතකොට චුන්පාන්කාරයා දකුණේ නෙමෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site