X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


චෙක් එක එවන්නැයි කිව්වාම වාහනයේ ජැක් එක එවලා

මාවනැල්ල ප‍්‍රදේශයේ එක්තරා ගමක මැදි වයසේ පසු වූ පුද්ගලයෙකි. තිදරු පියකු වූ හෙතෙම බැංකුව වෙත ගියේ තමන්ට ලැබුණු චෙක් පත මාරු කර තම බැංකු ගිණුමට බැර කිරීමටය. එහි ගිය ඔහුට ගමන් මල්ල පරීක්‍ෂා කර බලද්දී දෙලොව රත්විය. 

චෙක්පත නැති බව ඒත්තු ගියේය. පසුව ඔහු බැංකුවේ සිටම සිය බිරියට දුරකථන ඇමතුමක් දුන්නේය. ‘‘මට චැක් එක ගෙන්න අමතක වුණා. දැන් පන්සලේ හාමුදුරුවෝ ටවුමේ පිරිවෙනට එන වේලාව ඒ ත‍්‍රීවිල් එකේ පරිස්සමට ඔතලා ඔය චැක් එක එවන්න’’ තම සැමියාට අතපසු වුණු චෙක්පතට බිරිය සිතා ඇත්තේ වාහනයේ ජැක් එක කියායි.

ඒ වන විටත් නිවසේ ඇති අබලන් වාහනයට ජැක් එක සවි කර ඉදිරිපස රෝද ගලවා තිබූ අතර ඇය අසල්වැසි වැඩිහිටියකුගේ උදව් ඇතිව ජැක් එක ගලවා පාර්සල් කර සුරක්‍ෂිතව පිරිවෙන් යෑමට පැමිණි හමුදුරුවන්ගේ ත‍්‍රීරෝදයට දමා පිටත් කළාය. නගරයේ සිටි සැමියා ත‍්‍රීරෝද රිය එනු දැක සිනාවකින් ඒ අසලට පැමිණියේය.

”දැන් ඉතින් බා ගන්න” යැයි ඔහුට පවසද්දී ඔහු එකවරම වාහනයේ ජැක් එක දැක තිගැස්සී බලන කල්හි චෙක් එකට බිරිය එවා ඇත්තේ ජැක් එක නිසා කර කියා ගැනීමට දෙයක් නොමැති කල්හි හෙමින් ජැක් එක බා ගත්තේය.



අදහස් (0)

චෙක් එක එවන්නැයි කිව්වාම වාහනයේ ජැක් එක එවලා

සුබෝධිනී Tuesday, 30 June 2015 06:11 PM

දැන් මෙතන කතාව තියෙන්නේ චෙක් එකක් සහ ජැක් එකක් ගැනයි.සමදරා මොකද වලිගය පාගාගෙන ඉන්නේ? (නි)

:       0       0

වෙලේ සුදා Monday, 06 July 2015 08:25 AM

හොඳ වැඩේ පඬිය වගේ චෙක් එක නොකිය චැක් එක කිව්වට... (ර)

:       0       0

අශෝක Thursday, 02 July 2015 03:38 PM

මනෝරි ට දැන් බුබායිවල ඇත්තේ පොරක් ලිෆ්ට් එකක් වෙන්න ඇති.? (ර)

:       0       0

අශෝක Thursday, 02 July 2015 03:33 PM

වැඩේටනම් සිනහ යනවා . එහෙත් කොමන්ට් දැක්කම නම් කලකිරෙනවා. බවලත් උදවියට සමච්චල් කරන්නේ ඔය ලියන අයගේ මවත් ඒ ගනයේ කියලා නොදැනද.? (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Thursday, 02 July 2015 02:04 PM

මනෝරි,ලංකාවෙදිද? දුබායි වලදීද....? ලංකාවෙ නම් පංචිකාවත්තේ පාර්ට්ස් තිබෙනවා. ඔය වැලි කතරේ නම් ඉතින් කොහෙන් හොයන්නද? (නි)

:       0       0

මාපලගම පත්මා Thursday, 02 July 2015 09:04 AM

"ජැක් ඇන්ඩ් ජිල් , වෙන්ට් අප් ද හිල්" කිව්වලු (බ)

:       0       0

සෙනරත් බණ්ඩාර Wednesday, 01 July 2015 07:14 PM

සමදරා, මනෝරි දැන් පරණ තිබුන ජැක් ගැන කල්පනා කරනවා නේද? (නි)

:       0       0

පියලාල් Wednesday, 01 July 2015 03:30 PM

දැන් ඉතින් මේ දෙන්නට පස්සේ මේක මතක්වෙලා සිනහ වේවි. (නි)

:       0       0

සමදරා ආරියදාස Wednesday, 01 July 2015 01:44 PM

පොඩි ජැක් එකක් වෙන්න ඇති. ඒකයි ත්‍රීරෝද රියේ යවන්න පුළුවන් වුණේ (නි)

:       0       0

මනෝරිඩුබායි Wednesday, 01 July 2015 01:16 PM

මටත් ඉස්සර වැඩට යන කොට හොද ජැක් එකක් තිබුනා (නදී)

:       0       0

සෙලිනා Wednesday, 01 July 2015 05:23 AM

ගණන් ගන්න එපා සුබෝදිනි, මාතෘකාව වෙනතකට හරවන එක එයාගේ සසර පුරුද්දලු (නි)

:       0       0

සනත් ඉන්දික Tuesday, 30 June 2015 09:31 PM

සමන්ති තමයි හරියටම තේරුම් අරගෙන තියෙන්නේ (නි)

:       0       0

නිලූ Tuesday, 30 June 2015 07:38 PM

බිරිඳ නිතරම බස් වල යන කෙනෙක්ද දන්නේ නැහැ, කියලා සමදරා ඇහුවේ මොනවා මතක්වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

ශානක Tuesday, 30 June 2015 04:53 AM

අය්යෝ සල්ලි... (ම)

:       0       0

සෙලිනා Tuesday, 30 June 2015 03:52 PM

ගණන් ගන්න එපා ඔහොම දේවල්ද වැරදෙන්නේ... (ර)

:       0       0

සමදරා ආරියදාස Tuesday, 30 June 2015 01:45 PM

බිරිඳ නිතරම බස්වල යන කෙනෙක්ද දන්නේ නෑ... (ර)

:       0       0

සමන්ති Tuesday, 30 June 2015 01:13 PM

හාමිනේ හිතුවද දන්නේ නේ , එයාගේ සැමියා බැංකුවේ කාට හරි ජැක් එකක් ගහන්න යනවා කියලා (හේ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 30 June 2015 12:21 PM

හාමිනේ ටිකක් මෝඩයි,සැමියාගෙන් අහන්න තිබුනේ "මහත්තය බැංකුවට නේ යනවා කීවේ,ඉතින් දැන් මොකටද ජැක් එක ගෙන්න කියන්නේ "කියල, (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 June 2015 10:21 AM

අයියෝ, බවලත් කෙනෙක් වැඩකට අත ගැහුවොත් ඉතින් හබක් තමයි (නදී)

:       0       0

සමදරා ආරියදාස Tuesday, 30 June 2015 10:09 AM

චෙක් එක දන්නේ නැතුව මෙයා ජැක් එක දන්නේ කොහොමද දන්නේ නැහැ (ම)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 30 June 2015 08:49 AM

ගම්වල ඉන්නා ගැමියන් සහ ඔවුන්ගේ බිරින්දන් ඔය ඉංග්‍රිසි වචන ගෙන උච්චාරණය ගෙන නොදෙනීම නිසා සිදුවූ වැරද්දක් , චෙක් පොතවත් කියා පැහැදිලි කරානම් වරදින්නේ නැහැ. එතකොට පොතක් කියා විමසා අහනවා සොයනවා (ම)

:       0       0

බොබී Tuesday, 30 June 2015 08:02 AM

අයියෝ සල්ලි (නදී)

:       0       0

සමදරා ආරියදාස Tuesday, 30 June 2015 07:27 AM

මෙහෙමයි, අපේ සිංහල භාෂාවේ අඩුවක් තියෙන බව පේනවා මෙවැනි දෙයකට (චෙක්) සිංහල වචනයක් නොමැති කමින් (බ)

:       0       0

සම්පත් Tuesday, 30 June 2015 07:25 AM

කාන්තාවන්ට වගකීම් පැවරීම තවම නොකළ යුතුයි මේකෙන් හැමෝම අදහස් කරන්නේ නැහැ නමුත් බහුතරයක් එහෙමයි (බ)

:       0       0

සමන්තලාල් කුමාරසිංහ Tuesday, 30 June 2015 05:01 AM

ඇඬෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site