X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 11 වන සඳුදා


ඡන්දය ගන්න පොළඟකුත් අල්ලලා

(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
එක්තරා පක්ෂයක ආධාරකරුවෝ පිරිසක් අත් පති‍්‍රකාද රැගෙන ගෙන් ගෙට පා ගමනින් ගියහ. ඔවුහු ප‍්‍රදේශයේ සුනාමි නිවාස ඉදිකළ ගම්මානයකට පැමිණියහ. එහි නිවැසියන් පිරිසක් කෑ මොර දෙනු ඇසී පැමිණි කාරණය මදකට අමතක කොට පිරිස ඒ ගැන විමසිලිමත්වන්නට විය. කෑගැසූ පිරිසගේ නිවසට විශාල සර්පයකු ඇදෙනු දුටු බවත් ඒ නිසා ඔවුන් බියපත්ව සිටින අයුරුත් ඡන්ද පති‍්‍රකා බෙදමින් පැමිණි පිරිසට අවබෝධ විය.


එහි කණ්ඩායම් නායකයාගේ විධානයට අනුව ලී කැබලි අතට ගත් තරුණ පිරිස සර්පයා සොයන්නට පටන් ගත්හ. අසළ තිබූ ලී දර කොටන් තොගයක් එතැනින් පැත්තකට ඇද බැලූ විට තරමක් විශාල පොළඟකු සිටිනු දුටුවේය.


පොළඟා අල්ලා ගත් පිරිස පොළඟා නොමරා මල්ලකට දමාගෙන යාබද වන ලැහැබකට අත් ඇරියහ. යළිත් ඡන්ද පති‍්‍රකා බෙදමින් ගමන් කළ පිරිස සර්පයා සිටි නිවස අසළට පැමිණියහ. ඔවුන්ගේ ඊළඟ පියවර වූයේ තම පක්ෂය දිනවීම සඳහා නිවැසියන් හමුවී අත් පති‍්‍රකා බෙදීමය.


සර්පයා කැලයට අත්හැර පිරිස ආපසු එනතුරු ගෙදර සිටි අය පෙරමග බලා සිටියහ. දරුවන් කීප දෙනෙකු පාරේ සිටි අතර වැඩිහිටියෝ ගෙයි එළිපත්ත මත බලා සිටියහ. දරුවන් කතා බහ කළේ එම අවස්ථාවේදීය.


”පොළඟා අල්ලලා දුන්නාට අපි නම් ඔයාලට ඡන්දේ දෙන්නේ නැහැ.” යැයි කීමෙන් අත්පති‍්‍රකා බෙදමින් ගමන් කළ පිරිස පුදුමයට පත්වූහ.


මේක ඒ ගෙදර මහවුන්ගේ අදහසක්. එයාලා අනිත් පක්ෂයට වැඩ. අපි ඒ ගෙදරින් ඡන්දේ ඉල්ලූවෙත් නැහැනෙ. උපකාරයක් කරලා අපට ලැබුණ පිළිතුර යැයි පති‍්‍රකා බෙදීමේ ගමනට එක්වූ පිරිස ප‍්‍රකාශ කළහ.



අදහස් (0)

ඡන්දය ගන්න පොළඟකුත් අල්ලලා

රෙජි-සිඩ්නි Monday, 20 July 2015 06:09 AM

වැඩිහිටියන්ට තිබුණ පක්ෂය අමතක කරලා අඩුම තරමින් ඒ අය කරපු දෙයට ස්තුති කරන්න.. අපේ සමහර අය කලගුණ සලකන්නේ මේ විදිහට නේද? (ම)

:       0       0

සෑම් Monday, 20 July 2015 07:27 AM

80 දශකයේ මැතිවරණ සමයක හොරණ ආසන්න අතුරු පාරක ලංගම විධායක නිලධාරියෙකු ගෙදරට ගෙනගොස් බැස්ස වීමට ගිය "පාස් බස් " එකක් වෙලකට පෙරලුනා. මේ සිද්ධිය ඉහල නිලධාරීන් දැන ගැනීමට පෙර ලංගම දොඹකරයක් සොයා සියලුදෙනාම ගියා. ටිකකින් එතනින් යන්න ආපු ඡන්ද අපේක්ෂකයෙක් හා ඔහුගේ සහචරයින් විශාල කණ්ඩායමක් මෙය දැකලා තමන් මහජන දේපොළ වලට සලකන හැටි පෙන්වන්න මේ බසය (දොර දෙකේ ලේලන්ඩ් එකක් ) අතින් ඔසොවලා පාරට අරන් දුන්නා . (බ)

:       0       0

කුරුප්පු Monday, 20 July 2015 01:59 PM

මේ හොඳ කණ්ඩායම කුමන ලාංඡනයේ අයද දන්නෙ නැහැ (නි)

:       0       0

චාමික Tuesday, 21 July 2015 12:58 AM

මහා පුදුම මිනිස්සු කට්ටියක් වෙන්න ඕනෑ. ඔය වගේ අය ඡන්දෙ දෙන්නෙත්, ඒවගේම අයට මිසක් හොඳ මනුස්සයෙකුට නොවෙයි. (නි)

:       0       0

හප්පාවන පැතුම් Tuesday, 21 July 2015 07:03 AM

මේක සුවර් එකටම වෙන්න ඇත්තේ බෙන්තර ගඟෙන් එහාපැත්තෙ. මොකද ඒ මිනිස්සු තමයි කළගුණ ඉක්මනින් අමතක කරන්නේ (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 21 July 2015 07:32 AM

පැතුම්, අමතක කරන්න එපා අනිත් පැති වලට වඩා තවමත් එහි මිනිසුන් කරුණා ගුණයෙන් ඉහළින් ඉන්නේ කියලා (නි)

:       0       0

අජිත් Tuesday, 21 July 2015 11:28 AM

පැතුම්, කවද ඉදන්ද ඔහේ පේන කියන්න ඉගෙන ගත්තේ. (ම)

:       0       0

බණ්ඩා Tuesday, 21 July 2015 01:20 PM

මහා ගුණමකු බයියෝ ඉන්න ගෙදරක් ...නැත්නම් මුනටම මෙහෙම කියනවයි ..(අ)

:       0       0

ලංකා Wednesday, 22 July 2015 12:19 AM

මේක ඉතින් ලංකාවනේ! (නි)

:       0       0

නන්දලාල් Wednesday, 22 July 2015 12:51 PM

දේශපාලන වශයෙන් අසරණ වෙන සමහර දේශපාලුවෝ එක එක සතා පිට උඩින් බලයට එන්න හදනවා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site