කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා
අග නගරයේ කර්මාන්ත ශාලාවක් නැරඹීමට අවසර ලබා දෙන්නේ යැයි කියමින් මුළු පාසලක් හා මගී ප්‍රවාහන බස් රථ තුනක රියැදුරන්ද අන්දවා සෑහෙන ගානක් කඩාගෙන ගිය නාදුනන්නකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
වැදගතකු යයි කෙනකුට හැඟෙන අයුරින් හොඳට ඇඳ පැළඳගත් අයෙක් විදුහල්පතිවරයා මුණගැසීමට පැමිණියේය. ඒ පාසලේ පහළ පන්තිවල සිසුන් කර්මාන්ත ශාලාවක් නැරඹීමට කතිකාවක් ගොඩනැගී තිබූ අවස්ථාවකය.
තමා අසවල් ආයතනයේ අසවලා යැයි ඔහු පාසලට හඳුන්වා දුන්නේය. සිය කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා තමාට අවසර ලබාගත හැකි යැයි පාසලට ඔහු කීවේ එය ඇත්ත යැයි පිළිගත හැකි සාක්ෂිද ඕනෑවටත් වඩා පෙන්වා දෙමිනි.
ඒ සඳහා විදුහලෙන් ලිපියක්ද ඔහු නැරඹීමට යන ආයතනය සඳහා ලබාගත්තේය. ඒ විතරක්ම නොවේ පාසල් සිසුන් රැගෙන යාමට සූදානම් කර තිබූ බස් රථ තුනක අංක සඳහන් කරමින් අදාළ බස් ඩිපෝවටද ලිපියක් ගත්තේය. ඒ බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීම සඳහාය.
මේ සියලු ලියකියවිලි ගත් මේ තැනැත්තා ඊට පසු ගියේ ලිපියේ අංක සඳහන් බස් රථ තුනේ රියැදුරන් හමුවීමටය. පාසල් සිසුන් රැගෙන යාමට බස් රථ තුනට අවශ්‍ය තෙල් බස් ඩිපෝවෙන් ගසා ගැනීමට නම් අත්තිකාරම් මුදලක් ඩිපෝවට බැඳිය යුතු බව එහි රියැදුරන්ට ඔහු කීවේය.
පෝලිමේ නොසිට තෙල් ටිකක් බස් එකට ගැසීමේ අවස්ථාවක් උදාවී ඇතැයි සිතූ බස් රථ තුනේ රියැදුරන් ඔහුට ලෝස් නැතිව මොනර කොළ ලබාදී ඇත්තේ යන්න තියෙන පාසල් සිසු හයර් එක ගැනද සිහිපත් කරමිනි.
පාසල් සිසුන් යාමට කතිකා කරගත් දිනය ආසන්න වෙද්දී බස් රථවලට ඉන්ධන ලබාගැනීමට අත්තිකාරම් මුදල් ලබාගත් ඔහු ගැන සොයා බැලුවත්, කිසිදු හෝඩුවාවක් නොවිණි. අන්තිමේදී සිසු චාරිකාව ද අත්හැරියේ එම ආයතනයට කතා කරද්දී එවැන්නක් ගැන එහි වගකිවයුත්තන් කිසිම දෙයක් නොදන්නා බව පැවසීම නිසා ය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටයි කෝට් කාරයෙක් ඉස්කෝලයක්ම අන්දලා
Perera Sunday, 04 September 2022 01:40 PM
පාර්ලිමේන්තුවේත් ඕනතරම් ටයිකෝට් කාරයෝ ඉන්නේ මුළු රටක්ම අන්ද අන්ද...!!!