වා සැකැසූ සුවපහසු කාර්යාලයක ඉහළ වැටුපකට ලිපිකරුවකු වශයෙන් පැමිණි තරුණයකුට එම රැුකියාව සඳහා ටයිපටියක් පැළඳීමට අවස්ථාව නොලැබුණ බැවින් ඊට පහළ වැටුපකට ටයි පටියක් පැළඳ එම ආයතනයේම ඇවිදින රැුකියාවක් තෝරා ගැනීමේ අපූරු පුවතක් මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් වාර්තාවේ.
සිද්ධිය සැකවින් මෙසේයි.
මහනුවර ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලිපිකරු සේවය සඳහා තුරුණු වියේ පුද්ගලයෙක් පැමිණියේය. දින දෙක තුනක් ඔහු එම ආයතනයේ සේවය කරන අතරතුර ඔහු කිසියම් මානසික අසහනයකින් පෙළෙන බව ආයතන ප‍්‍රධානියාට දැනීගියත් ඔහු ඒ පිළිබඳව කිසිවක් නොඅසා සිටීමට වග බලා ගත්තේය.
සතියකට පමණ පසු ඔහු ආයතන ප‍්‍රධානියා හමුවිය. තරුණයාගේ පැනය වූයේ ලිපිකරු රැුකියාව කරන විට ටයි පටියක් පැළඳිය නොහැකිද යන්නයි. ප‍්‍රධානියාගේ පිළිතුර වූයේ ආයතනයේ ලිපිකරුවන් කිසිවකුත් ටයිපටි නොපළඳින බැවින් ඔහු පමණක් ටයි පටියක් පැළඳීම නොගැලපෙන බවයි.
ආයතනයේ ටයිපටි පළඳිනු ලබන්නේ ආයතනයේ ස්ථිර සේවයේ නොමැති ක්ෂේත‍්‍රයේ ඇවිදිමින් රැකියාව කරන ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරීන් පමණක් බවත් අවශ්‍ය නම් එවැනි තනතුරක් ලබාදිය හැකි බවත් ප‍්‍රධානියා තරුණයාට දැනුම් දුන්නේය.
දින දෙක තුනකට පසු අදාළ ආයතනයේ ප‍්‍රධානියා හමුවූ තරුණයා ඔහුට ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරී තනතුරක් හදාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
දැන් ඔහු අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් ටයි පටියක් පැළඳ මහමග ගමන් කරන අයුරු දැකගත හැකිය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටයි දාන්න ආශාවෙන් ලිපිකරු රැකියාව දමා පාරට බැහැලා
පෙරේරා Saturday, 02 February 2013 05:35 AM
මම හිතන්නේ මෙයා දකණු පළාතේ කෙනෙක්.(නදී)
රුහුණු Thursday, 31 January 2013 01:46 AM
නුවරද ? සුද්ද ගල විද්දේ නැතනම් එයාලා තාම අල කෙළ කකා ඉන්නවා (ස)
ඇන්ඩ්‍රෑ Thursday, 31 January 2013 02:39 AM
එක එක්කෙනාගේ ආශාවල් එකිනෙකට වෙනස්. (නි)
බණ්ඩාර Thursday, 31 January 2013 06:33 AM
හොදම දේ හොදම විදියට සිදුවෙනවා කියන්නේ මේකට තමයි. (නි)
සිරිපාල Thursday, 31 January 2013 08:12 AM
මේ වගේ දේවල් වලට හිනා වෙන්න එපා...සියලුම මානසික රෝග සුව කරගන්න පුලුවන් තමන්ටම...ඒත් මේ වගෙ දේකට හිනා වෙන එකනම් වැරදියි... (ස)
අමිල Thursday, 31 January 2013 11:05 AM
චන්දනට මොකද රතු සහෝදරයෝ විතරක් මතක් වෙන්නේ? (නි)
සරත් Thursday, 31 January 2013 11:30 AM
බොරු කියන්නේ මොකටද ? මටත් ඔය උණ තිබ්බා ඉස්සර (ස)
විහඟ චාමර Thursday, 31 January 2013 11:43 AM
පාරවල් වල කටු කන එකේ හමුදාවට බැදිලා රටට සේවයක් කලා නම් ඉවරයිනෙ. (ස)
අබා Thursday, 31 January 2013 04:58 PM
මමත් ටයි දාගෙන පාරවල් වල ඇවිද්දා මට මතකයි. (නි)
ලිදුල Thursday, 31 January 2013 06:20 PM
ඒ කොල්ලට තව වෙන මොකුත් හිතුණේ නැද්ද දන්නෙ නැහැ. (නි)
ජයන්ති Thursday, 31 January 2013 09:44 PM
ආසාවනේ.............(ස)
කෝසල Thursday, 31 January 2013 09:55 PM
හැමෝටම එක එක අසවල් තියෙනවනේ (දී)
චන්ද්‍රා Friday, 01 February 2013 06:38 AM
පඩිය අඩු වුණාට මේ රැකියාවල කොමිෂන් එක වැඩියිනේ. (නි)
සමාධි Friday, 01 February 2013 01:42 PM
මමත් දන්න ටයි මානසිකත්වය තියෙන කෙනෙක් ඉන්නවා වයඹ පළාතේ. (නි)
ඩයස් Friday, 01 February 2013 10:41 PM
එකත් එකටම කොල්ලා පැංචා කාලේ මොන්ටිසෝරි යනකොට නාස් දියර පිසදාන්න අම්ම ටයි එක වගේ ලේන්සුවක් එල්ලනවානේ... පුංචි කාලෙදි පීනස් දරුවො දිගුකලක් ඕක එල්ලා සිටීමෙන් ලේන්සුව නැතිවම බැරි අංගයක් වෙනවා. ඔය කියන කාමරයත් ඒසී කරලානේ. ඒකනිසා කොල්ලට පරණ පීනස මතුවෙන්න ඇති. ලේන්සුවක් එල්ලගෙන යන්න බැරිනිසා තමා ටයි දාන රැකියාවකට මාරු වෙලා තියෙන්නෙ.පව් අනේ. (නි)
හිල්මි Wednesday, 30 January 2013 11:29 PM
මොන එහෙකටද මේ රස්නේ රටේ ටයි දාන්නේ (ස)
කලුපහන Saturday, 02 February 2013 12:19 PM
ආයතනයේ ලොක්කා දක්ෂ ලෙස තම සේවකයින්ගේ මානසික මට්ටම තේරුම්ගෙන, ඔවුන්ගේ සේවය තම ආයතනය වෙනුවෙන් දක්ෂ ලෙස ලබාගෙන තිබෙනවා. (නි)
නිත්‍යා Saturday, 02 February 2013 04:19 PM
පුදුම ආසාවක්..(ස)
අකිල Saturday, 02 February 2013 07:33 PM
එයා කරල තියෙන්නේ මෝඩ වැඩක්.(නදී)
බැසිල් සෙනරත් Saturday, 02 February 2013 09:23 PM
පවට පින දෙන්න බැහැ කියනවානේ..!(නු)
මිගාර Sunday, 03 February 2013 07:38 AM
පෙරේරා, ප්‍රවෘත්තිය හරියට කියවන්න. මෙයා පේරාදෙණියෙ කෙනෙක්. පේරාදෙණියෙ දකුණෙ අය නැහැනේ. දකුණත් එක්ක තියෙන ඉරිසියාවට මොට්ට කතා කියන්න එපා. (නි)
නුවන් Sunday, 03 February 2013 10:54 AM
මෙයා ගත්තු තීරණය හරි. හොදට ඉදිරිය පේන බුද්ධිමත් මනුස්සයෙක්. තව වසර පහක් විතර යනකොට ආයතනයේ සියළු දෙනා සර් කියන තැනට එනවා. මෙයාට පිස්සු කියන අය ඉන්නකමි මේ රට ගොඩගන්න බැහැ.(නදී)
සමීර Sunday, 03 February 2013 08:51 PM
අනේ මන්දා, ඕක නම් මානසික ලෙඩක්. (නි)
චන්ද්‍රා Monday, 04 February 2013 01:56 AM
ව්‍යාපාර ලෝකයේ හිණිපෙත්තටම කවදා හෝ නගින්නේ මේ සුලු සේවකයෝ තමයි. (නි)
චන්දන Monday, 04 February 2013 01:56 AM
පුදුම මිනිස්සු සහ පුදුම ආශාවල් (දී)
ලියනගේ Monday, 04 February 2013 07:04 AM
සමහර ටයි දාන ලොකු ලොක්කන්ගේ කතා ශත පහකටවත් වටින්නෙ නැති බව දන්නවා නම් කවුරුවත් ටයි දාන එකක් නැහැ. (නි)
ජයන්ත Tuesday, 05 February 2013 12:27 PM
පව් ඒ කොල්ලට ටයි පටිය මරු වැලක් වේවිද දන්නේ නෑ . අද රටේ වෙන දේවල් වල හැටියට (ස)
දිසානායක Tuesday, 05 February 2013 05:15 PM
අපේ මෙහෙමත් මිනිස්සු... (නු)
ෂෙරීෆ් Wednesday, 06 February 2013 12:58 AM
මටත් හරි ආසයි ටයි දාන්න. මට ඒත් ටයි ගැටේ දාන්න බැහැ. (නි)
හින්නි Sunday, 10 February 2013 03:04 PM
දුක නැහැ ඒ අය ඔහොම තමයි.(නදී)
ශලිනි Wednesday, 30 January 2013 01:14 PM
ඔතන වෙන්න ඇත්තෙ ඕක නෙවෙයි,එයා අර ප්‍රවර්ධන රැකියාවට යන්නැත්තෙ වැඩි මුදලක් කොමිශන් විදිහට ගන්න හිතා ගෙන. (ස)
ෂිෆාන් Wednesday, 30 January 2013 10:18 AM
කට්ට කෑවොත් විතරයි ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ. නැත්නම් එතනම තමයි. (නි)
සජී Wednesday, 30 January 2013 10:17 AM
මෙහෙම මිනිස්සුත් ඉන්නවද අප්පේ අපේ රටේ? (නි)
චන්දන Wednesday, 30 January 2013 10:42 AM
අපේ රතු සහෝදරයින්ට අනුව නම් මොහු අධිරාජ්‍යවාදී ගැත්තෙක්. (නි)
නිරාන් Wednesday, 30 January 2013 11:12 AM
මේ වගේ කට්ටියත් අපි අතර ඉන්නවානේ. (නි)
ඊසාම් Wednesday, 30 January 2013 11:48 AM
මානසික රෝගියෙක්, නොම්මර එකේ. (නි)
චින්තක Wednesday, 30 January 2013 12:04 PM
ෂුවර් එකටම රක්ෂණ ආයතනයක කෙනෙක් වෙන්න ඇති. (නි)
ආනන්ද Wednesday, 30 January 2013 12:05 PM
ආයතනවල මේ වගේ කොච්චර ඉන්නවද ? (ස)
ලලිත් - කටාර් Wednesday, 30 January 2013 12:25 PM
මේක දෙවියන්ගේ කැමැත්ත නොව මේ ලිපිකරුවාගේ කැමැත්තයි. (නි)
ලාල් Wednesday, 30 January 2013 12:26 PM
අමතක කරන්න එපා සුද්දා ගියේ කළු සුද්දෝ ගොඩක් හදලා (ස)
චින්තන Wednesday, 30 January 2013 12:34 PM
කවුරු හරි වත් කියලා දුන්නේ නැද්ද ඒ කල වැඩේ අපරාධය (දී)
අනුපම Wednesday, 30 January 2013 12:45 PM
මාර පළාතක් නේ (ස)
වන්නි Wednesday, 30 January 2013 12:48 PM
පුදුම මානසික තත්ත්ව වල මිනිස්සු ඉන්නවා නේද (දී)
ගුණසේකර Wednesday, 30 January 2013 12:58 PM
මානසික රෝගියෙක් වුණත් කමක් නෑ රැකියාව හරියට අවංකව කරනවානම් (ස)
ජයතිස්ස Wednesday, 30 January 2013 01:00 PM
ඔහුගේ ආශාව ඉටු කළ ආයතනයේ ප්‍රධානියාට මගේ ප්‍රණාමය! (නි)
ප්‍රගීත් Wednesday, 30 January 2013 10:15 AM
මේ වගේ දේකට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ. අනේ මෙහෙමත් මිනිස්සු........ (නි)
දනිල් Wednesday, 30 January 2013 02:11 PM
ඇත්තටම ආයතනයක ලිපිකරුවෙකුට වඩා ආදායමක් අලෙවි ප්‍රවර්ධකයෙකු ලබා ගන්නවා. සමාජයේ පිළිගැනීමක් නැතත් රෙපා යනුවෙන් හදුන්වා දුන්නත්, වැඩි වැටුපක් හා උසස්වීම් ලැබෙන්නේ අලෙවි නිලධාරින්ට. මොවුන් කළමනාකාරිත්වය දක්වා උසස්වීම් ලබනවා. ලිපිකරුවෙකු සැමදා ලිපිකරුවෙකු පමණි. (නි)
ඉසුරන්දි Wednesday, 30 January 2013 02:18 PM
මොනවා කියන්නද මන්දා (ස)
ඉසුරන්දි Wednesday, 30 January 2013 02:18 PM
පව් මන්ද මානසික කොලුවෙක් (ස)
ඉසුරන්දි Wednesday, 30 January 2013 02:19 PM
මෙයා අනංගයෙක්ද දන්නේ නෑ (ස)
කෙවින් Wednesday, 30 January 2013 02:20 PM
ලිපිකරු කියන්නේ මොන තරම් හොද රස්සවක්ද (දී)
ඉසුරන්දි Wednesday, 30 January 2013 02:21 PM
ඒක මහා මොඩ වැඩක් (දී)
ඉසුරන්දි Wednesday, 30 January 2013 02:20 PM
මේ කොලුවට ටයි මේනියාවද කොහොද (ස)
සිල්වා Wednesday, 30 January 2013 02:59 PM
අසරණ මිනිස්සුන්ගේ ආසාවල් තමයි ඒ (දී)
රාජා Wednesday, 30 January 2013 03:29 PM
මේක ටයි මායා රෝගය (ස)
රොෂාන් Wednesday, 30 January 2013 04:30 PM
මෙහෙමත් ආශාවන් මිනිස්සුන්ගේ (දී)
නාරද Wednesday, 30 January 2013 05:22 PM
කෝ මෙයාගේ නම? ගම? ලිපිනය? (නි)
ලලිත්-කටාර් Wednesday, 30 January 2013 07:41 PM
කවුද දන්නෙ තව ටික දවසකින් මෙයා වාහන වලට ආසාවෙන් රියදුරෙක් වෙයිද කියලා? (නි)
වාස් Wednesday, 30 January 2013 09:06 PM
ඔය වගේ කෙනෙක් ඉන්නවා මාතරත්. ගෙදරටත් ඉන්නේ ටයි දාගෙන. (නි)