දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට පැමිණි මඟියෙකි. හෙතෙම අනුරාධපුරයට යෑමට රුපියල් දෙසීයක් ගෙවා තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තේය.
දුම්රිය ස්ථානයට ඇතුළු වූ ඔහු එහිවූ වතුර කරාමය ඇර, අත සෝදා සබන් කැබැල්ලක් නොතිබූ නිසා තම ගමන් බෑගයෙන් සබන් කැබැල්ලක් ගෙන, අත සෝදා දැමීය. ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි.
ටිකට් පත අලෙවි කළ නිලධාරියා වෙත පැමිණි ඔහු ‘‘මහත්තයා මට අනුරාධපුර යන්න වෙන්නේ නැහැ. ටිකට් එකේ සල්ලි ගන්න පුළුවන්දැයි’’ කාරුණිකව විමසීය.
‘‘එහෙම ආපහු සල්ලි දෙන්න බැහැනේ’’ නිලධාරියා පැවසුවේ අනෙක් කවුන්ටරයේ නිලධාරියාට ඇසක් ඉඟි කරමිනි. ‘‘කොරෝනා නිසා කෝච්චිවල සෙනග යනවත් අඩුයි. දුම්රිය දෙපාර්තමේන්තුවටත් පාඩුයි.’’ හෙතෙම පැවසීය. මගියා පිටතට පැමිණ දුරකතනයෙන් කාවදෝ ඇමතීය.
අනුරාධපුරයට ටිකට් නිකුත් කරන කවුන්ටරය වෙත පැමිණි අව් කණ්ණාඩියක් පැළඳි යොවුන් තරුණියකි. ඇය ‘‘එක්ස්කියුස්මී’’ යනුවෙන් නිලධාරියා ඇමතුවාය. ‘ඇයි මිස්’ ඔහු ඇසීය. මම ටිකට් එකක් ගත්තා ගමන කැන්සල්. ටිකට් එක රිෆන්ඩ් කරන්න පුළුවන්ද?’’ ඇය කොමළ හිනාවක් පෑවාය.
‘‘මිස් කොහාටද ටිකට් ගත්තේ’’ ඇසුවේ නිලධාරියාය. අනුරාධපුරේට තරුණිය පැවසුවාය. ‘‘ඔතන රතුපාට ෂර්ට් එක්ක ඇඳපු අන්කල් කෙනෙක් ඉන්නවාද?’’ හෙතෙම විමසීය. වටපිට බැලූ තරුණිය හිස දෙපසට වැනුවාය. ‘‘එයත් ආවා ටිකට් එක රිෆන්ඩ් කරන්න මම බැහැ කීවා’’ පැවසූ නිලධාරියා ප්‍රවේශ පත්‍රය ගෙන රුපියල් දෙසීය ඇය අත තැබීය.
‘‘අනේ තෑන්ක්ස් යැයි පැවසූ තරුණිය පාර පැන රතු කමිසය හැඳ සිටි තම පියා වෙතට ගියාය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටිකට් කවුන්ටරේ නිලධාරියා කොමළ හිනාවකට අහුවෙලා
Lakmal Wednesday, 05 May 2021 09:37 AM
මේ වගේ මිනිස්සු පිරිමිකමටත් නිගාවක්...