X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ටියුෂන් සර් ගෝලයාට අමුතු පාඩමක් උගන්වලා

52 හැවිරිදි, ටියුෂන් ගුරුවරයකු තම ගෝලයකුවන 19 හැවිරිදි සිසුවියක, පාළු නිවෙසකට නිතර නිතර රැගෙන යාමේ පුරුද්ද නතර කිරීමට, උඩුගහපත්තුව ප‍්‍රදේශයේ පොලිසියකින් පියවර ගත් බව වාර්තා වේ. 

මෙම ගුරුවරයාට අයත් පාළු නිවෙසකට තම වාහනයෙන්, බාල වයස්කාර දැරියන් රැුගෙන එන බවට ප‍්‍රදේශය පුරා කසුකුසුවක් පැවතිණි.

ප‍්‍රදේශවාසීන් මෙය කොටුකර ගැනීමට කිහිප විටක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වී තිබිණි. එහෙත් පසුගියදා ටියුෂන් පන්ති යන බව පවසා ගිය උසස් පෙළ සිසුවිය, මෙම ගුරුවරයා සමග අදාළ නිවෙසට පැමිණ ඇත.

පසුව මේ බව (119) අංකයට දැනුම්දීමෙන් පසු ක‍්‍රියාත්මක වූ පොලිසිය වහාම නිවෙසට යන විටත් යුවළ පෙම් සුව විඳිමින් නිවෙස තුළ සිට ඇත. පසුව මොවුන් දෙදෙනා පොලිසියට රැුගෙන විත්, කළ ප‍්‍රශ්නකිරීම් වලදී පවසා ඇත්තේ, මෙය දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවන්නක් බවයි.

මෙම පුද්ගලයා ටියුෂන් ගුරුවරයකු නිසාත්, දැරිය පාසල් සිසුවියක නිසාත් මොවුන් දෙදෙනාට තරයේ අවවාද කොට නිදහස් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි. ප‍්‍රදේශවාසීන් නම් පවසන්නේ මෙම සිසුවියට අමතරව විවිධ මාදිලියේ කාන්තාවන් අදාළ ගුරුවරයා මෙම නිවෙසට නිතර නිතර රැුගෙන එන බවයි.



අදහස් (0)

ටියුෂන් සර් ගෝලයාට අමුතු පාඩමක් උගන්වලා

සොපිනා Wednesday, 27 January 2016 12:40 PM

මේ ළමයාගේ දෙමව්පියෝ ඉන්නේ මොන ලෝකෙද ? (කෞ)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 27 January 2016 01:57 AM

අනේ කාලේ, වනේ වාසේ! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 27 January 2016 02:51 AM

අපෙ රටේ දැන් වෙන දේවල් ගැන අහන කොට, බලනකොට,ඕක ඉතින් එතරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි.(ම)

:       0       0

නිපුණ Wednesday, 27 January 2016 04:23 AM

නිලූ ආදරයට වයස සීමාවක් නැනේද එක නිසා තමයි අද ගොඩක් ගෑනු ළමයි නන්නත්තාර වෙන්නේ අනිතිමට එ්කට කරගහන්න වෙන්නේ අහිංසක කෙනෙක්ට ඔයත් එහෙම කෙනෙක්ද ආදරේ කියන්නේ අපේ කාලේ විදියටනම් පාක් එකකට ගිහින් කතා කරන එක නැත්නම් ෆිල්ම් එකක් බලන්න යන එක නැතුව නොහොබිනා අයත් එක්ක නොහොබිනා වැඩ කරලා දෙමව්පියන්ගේ මුහුණෙත් දැලි ගැන එක නෙමෙයි (බ)

:       0       0

සමන්ත Wednesday, 27 January 2016 06:28 AM

කාලය වෙනස් ලෝකය වෙනස් මේවට පොලිසි උසාවි ගානේ යාම ප්‍රශ්නය තවත් දික් ගැස්සවීමක් පිළිතුර ඇත්තේ කාලයට අනුව සමාජ විපර්යාස වලට අනුව ඒ සුදුසු අධ්‍යාපනය ප්‍රතිව්‍යුහ ගත කිරීම කියලයි මගේ අදහස ලිංගික අධ්‍යාපනයට ආසියාතික රටවල ඇත්තේ ඉතා අඩු නැඹුරුතාවක් බලධරයිනි දෙමවුපියනි මෙන්න මේවට සුදුසු විසදුම් සොයන්න .... එසේ නැතුව මානුෂීය හැගීම් පොලිස් පොතෙන් හෝ උසාවියෙන් ගුටිබැට දීමෙන් වළක්වන්න බැරිබව කරුණාවෙන් සලකන්න (බ)

:       0       0

සුජී Wednesday, 27 January 2016 07:25 AM

සමන්ති වාගේ ගැහැනුන්ට මඩු වලිගෙත් මදිවෙයි වාගේ පිටේ හම අරින්න.අනේ අපේ ධර්මදීපයට වෙලා තිබෙන සන්තැසිය.....? (බ)

:       0       0

නාලිකා Wednesday, 27 January 2016 09:13 AM

මේකට කියන්නේ ආදරේද ? (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 27 January 2016 10:32 AM

දෙදෙනාම වැඩිහිටියන් නම් , සිද්ධිය සිදුවන්නේ දෙදෙනාගේම කැමැත්තෙන් නම් , නීතියට පටහැනි නොවේ , මේවා දියුණු රටවල සාමාන්‍ය සිද්ධීන් (බ)

:       0       0

සුපුන් Wednesday, 27 January 2016 12:04 PM

නිලූ,මෙතන ගුරුවරයා එක්කෙනෙකුට නොවෙයි ආදරය කරලා තියෙන්නේ.ආදරයේ නාමයෙන් බාල වයසේ ළමුන් තමන්ගේ ආශාවන් සන්තර්පණය කර ගැනීමට උපයෝගී කරගෙන තියෙන්නේ.(කෞ)

:       0       0

සමන්ති Wednesday, 27 January 2016 12:18 AM

තමාගේ ගෙදරට කාන්තාවක් ගෙන ඒමට අයිතියක් නැද්ද? (නි)

:       0       0

ශිරන්ති Wednesday, 27 January 2016 12:44 PM

ඉස්සර 2500 පවුලක් ජීවත්වෙන්න පුළුවන් කියපු තුමා ටියුෂන් දෙන කාලේ ගැහැණු ළමයි දෙතුන් දෙනෙක් සමග ඔය වැඩේ කොලා. අපි නම් නම් ගම හිටන් දන්නවා .(කෞ)

:       0       0

සම්පත් Wednesday, 27 January 2016 03:50 PM

මිනිහ හරිම වාසනාවන්තයෙක් (බ)

:       0       0

අතුල Wednesday, 27 January 2016 11:15 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

චානක Thursday, 28 January 2016 01:20 AM

මේ බාලවයස්කාර දැරියක් නෙමෙයිනේ. ඒගොල්ලන්ගේ පුද්ගලික ජීවිතයනේ (නි)

:       0       0

දසුන් Thursday, 28 January 2016 02:17 AM

අනේ මෙහෙමත් දිසාපාමොක්ලා? (නි)

:       0       0

අධිකාරී Thursday, 28 January 2016 03:24 AM

රස්සාවකට සම්මුඛ පරීක්ෂණයකට ගියොත් ඉස්සෙලම අහන්නේ අධ්‍යාපන සුදුසුකම් නමුත් ඊටත් වැඩියේ වටිනවා පෙර සේවා දැනුම. දැන් විවාහයත් ඒ වගේ තමයි පෙර සේවා දැනුම නැතුව විවාහ වුණොත් අනාථ තමයි. බැඳපු මිහිහට මළමිනියක් බැඳන් වගේ තමයි ඉන්න වෙන්නේ. මේ ගුරුවරයා කරලා තියෙන්නේ ප්‍රැක්ටිකල් දැනුම ලබා දෙන එක. බලපුවාම වරදකුත් නැහැ. (බ)

:       0       0

උදාර Thursday, 28 January 2016 01:47 PM

ලැජ්ජයි මේ සමාජය ගැන.(හේ)

:       0       0

අසේල Saturday, 06 February 2016 02:44 PM

පුදුම රටක් තමයි (හේ)

:       0       0

කුමාර Tuesday, 26 January 2016 09:53 AM

සරසි ඔයා හරි 19ක් කියන්නේ පොඩි වයසක් නොවෙයි ඉන්නේ පිරිමියාට බැනලා වැඩක් නැහැ මේ වයසට ඉගෙන ගන්න දේට හිත යොමු කරන්න ඕනෑ (ම)

:       0       0

සිල්වා බර්ලින් Tuesday, 26 January 2016 06:16 AM

අද ඉන්න ටියුෂන් ගුරුවරුන්ගෙන් බොහෝ දෙනෙකු විවිධ හොර ජාවාරම් සහ අපචාර වලට සම්බන්ධය , ටියුෂන් පන්ති තහනම් කිරීමට කාලය පැමිණ ඇත (බ)

:       0       0

ඉනෝකා Tuesday, 26 January 2016 06:24 AM

දැන් කාලේ ළමයි, ටියුෂන් යනවා කියලා හනිමූන් යනවා වාගෙයි.මේකෙන්ම පේනවා අද කාලේ සදාචාරය කෙතරම් පිරිහිලා තිබෙනවාද කියලා.වයසක ගුරුවරයා මෙතරම් දෙයක් කරනකම් දෙමව්පියන් මක් කළාද...?ළමයිගෙනුත් කැමැත්තෙන් වුණ දේවල් නිසා ගෙවල් වලට ගිහින් කියන්නේ නැතුව ඇති.මෙවැනි ගැහැණු ළමයිව කසාද බැඳ ගන්නා පිරිමින්ට ඉතින් දෙයියන්ගේම පිහිටයි.! (බ)

:       0       0

නිල්මිණි Tuesday, 26 January 2016 06:26 AM

සිල්වා, මහදැන මුත්තා වගේ බොහෝ දෙනෙකු හොර ජාවාරම් සහ අපචාර වලට සම්බන්ධ වුනහම එකී ක්ෂේත්‍රය තහනම් කරනවා නම් එහෙනම් දියවන්නාවත් තහනම් කරන්න වේවි. (බ)

:       0       0

කාශ්‍යප Tuesday, 26 January 2016 06:39 AM

රාගය ඉහ වහා ගිහිල්ලා, නෑදෑ, මිතුරුකම්, වයස් බේදයක් නැති තරම්. බොහොම පරිස්සමින් ජීවත් විය යුතුය. දැන් මිනිස්සුන්ට කර්මඵල ගැන විශ්වාසයක් නැති තරම්, අවසානයේදී අපායෙන් තමා අවසන් වෙන්නේ. (කෞ)

:       0       0

චාන්දනි Tuesday, 26 January 2016 07:04 AM

මේ සිසුවියගේ වැඩිහිටියන්ට තමයි අර මඩුවලිගයෙන් තලන්න ඕන. බහුතරයක් අම්මලා හිතන්නේ අත දිග ඇරලා උපකාරක පන්ති වලට වියදම් කළාම ළමයාගේ අනාගතේ සුරක්ෂිතයි කියලා. අවුරුදු පහේ දැරියගේ සිට වයස 80 ආච්චිටවත් ආරක්ෂාවක් නැති රටේ , තමන්ගේ දැරිවිට තිබෙන අමතර ගමන් බිමන් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනබව දැනගෙන ඉඳලා නැහැ. ඒ මදිවාට ගුරුවරයාට සිසුවිය උගන්වන්න බාර දෙන්න කලින් ඔහු ගැන කිසිම පෙර විපරමක් කරලාත් නැහැ . එහෙම නම් මේ ගෑනු පලහිලව් ගැන කලින්ම ආරංචි වෙනවානේ. (අ)

:       0       0

අජිත් ගුණසේකර Tuesday, 26 January 2016 08:26 AM

අවුරුදු 18ට වැඩි කාන්තාවක් සමග ඇයගේ කැමැත්ත තිබේ නම් ඕනෑම දෙයක් ලංකාවේ නීතිය අනුව කළ හැකියි. මෙහිදී පොලිසිය කර ඇත්තේ වරදක් අපහාස කිරීම යටතේ පොලිසියට විරුද්ධව පියවර ගත හැක (බ)

:       0       0

ධම්මික වික්‍රමසිංහ Tuesday, 26 January 2016 08:26 AM

අසල්වාසීන් වැඩකරන්නේ හරියට මේ දෙන්නා ඔවුන්ගේ දෙයක් පාවිච්චි කරනවා වගේනේ. (බ)

:       0       0

සමුරායි Tuesday, 26 January 2016 08:28 AM

ගෝලය කැමැත්තෙන්ම ආපු පාඩමක් නිසා හොඳින් ඉගෙනගන්න ඇති. මුලින්ම මේ පාඩම ඉගෙනගෙන ,පස්සේ ජීවිතය ගැන පාඩම නිකම්ම තේරේවි ඉතින් අපේ මොකෝ , ඇත්තෝ කති බොති නැත්තෝ හූල්ලති ගෝලයට මොලේ නැතුව නෙවි (බ)

:       0       0

සරසි Tuesday, 26 January 2016 05:51 AM

කාන්තා පක්ෂයත් කැමැත්තෙන් එනවා නම් ඉතින් මෙතන පිරිමියාට විතරක් චෝදනා කරන්න බැහැනේ. ඔන්න බාලවයස්කාරියක් නම් හිතන්න පුළුවන් එතන නීතිමය වරදක් ඇති නිසා. (නි)

:       0       0

නිලු Tuesday, 26 January 2016 12:14 PM

ආදරයට වයස් සීමාවක් නැ කුහක වෙන්න එපා විඳින අය‍ට විඳින්න දෙන්න (අ)

:       0       0

බන්දුල Tuesday, 26 January 2016 12:31 PM

බටහිර රටවල ලිංගික ඇසුර පුද්ගලික අයිතියක් . තමා අැසුරු කරන පුද්ගලයන් ගණන විවාහයට බාදාවක් නොවේ. විවාහවූ පසු තවදුරටත් එසේ කළොත් කැමැතෙන් වෙන් විය හැක (බ)

:       0       0

බුද්ධික Tuesday, 26 January 2016 12:52 PM

අනේ මේ ගමේ යට වෙන වැඩ නැහැනේ,, 119 කියන්නේ වැදගත් දෙයක් ලොකු අපරාදයක් කියන්න තියන තැනක්...මේ දෙන්නට පාඩුවේ වැඩ කරගන්න දෙන නැත්තේ හරියට ගමේ අයගේ පොදු දේපලක් වගේනේ.(අ)

:       0       0

ජිහාන් Tuesday, 26 January 2016 12:46 PM

ආදරයට වයස් සිමාවේ විතරක් නෙවෙයි ගැහැණු සංඛ්‍යාෙවත් සීමාවක් නැති වුණ එකනේ ප්‍රශ්නය නිලූ! (අ)

:       0       0

රොහාන් Tuesday, 26 January 2016 03:48 PM

මෙය නිලුගේ දුවෙකුට හෝ සහෝදරියකට වුණානම් ඔයා මොකද කියන්නේ ??? (බ)

:       0       0

ක්‍රිෂ් Tuesday, 26 January 2016 05:36 PM

බන්දුල උගුරට හොරා බෙහෙත් බොන්න එපා.බොහෝ දෙනෙනෙකුගේ පහස ලබපු මහිලාවක් නොවෙයි, තමන් කසාද බඳින දවසේ බොහෝ පිරිමින්,විවාහ වෙන්නට බලාපොරොත්තු වන්නේ,පිරිමියෙකුගේ ඇඟිලි තුඩක් වත් නොවැදුන,පිරිසිදු නිර්මල කන්‍යාවක්.මෙයයි ඇත්ත තත්වය.තමන්ගේ මොනවා හරි අඩු පාඩුවක් තිබුනොත් වරදට සමාව කියලත් කියයි. (බ)

:       0       0

රුවන් Tuesday, 26 January 2016 08:06 PM

මෙන්න තවත් සිංහ ලේ වැඩක්. (බ)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 26 January 2016 08:01 PM

ගත්තනම් අර කියන මඩු වලිගෙ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site