(තලාතුඔය ටී.එච්. සරත්)
මේ දිනවල දිවයිනේ සෑම තැනකම ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. මදුරුවන් බෝවිය හැකි පරිසර නිර්මාණය කරණු ලබන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා උසාවි මගින් දඩ ද නියම කරනු ලැබේ.
ඉකුත් දා කඳුරට ගමක ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබන බවත් නිවෙස් පරීක්‍ෂාව සඳහා නිලධාරීන් දොරින් දොරට පැමිණෙන බවත් කල්තියා දැනුම් දී තිබිණි.
මෙකී ගමෙහි එක්තරා පුද්ගලයෙක් ඔහුගේ නිවෙස ආසන්නයේ පදිංචිව සිටින රූමත් තරුණ ළඳකට ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘නංගී හෙට ඩෙංගු බලන්න එනවා - අහුවුණොත් දඩම තමා. උසාවි යන්න වෙනවා’’ යනුවෙනි.
එවිට ඇය ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘අයියා අපේ ගෙදර නම් වතුර පල් වෙන තැන් නෑ...., මදුරුවොත් නෑ.....’’ යනුවෙනි.
එහෙත් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඔහු ‘‘නෑ නංගී, මදුරු කීටයෝ හැම තැනම ඉන්නවා. ප‍්‍රිජ් එකේ බලන්න, ඒකෙ අනිවාර්යෙන් බලනවා.’’
එහෙත් ශීතකරණයේ වතුර රඳවන ස්ථානය නොදත් ඇය ‘‘අයියම බලන්න කෝ... මම ඕවා දන්නේ නෑයි... කියා තිබේ.
ශීතකරණයේ වූ වතුර රඳවනය පරීක්‍ෂා කළත් එහි වතුර බිඳු කීපයක් හැරුණු විට වෙනත් යමක් නොවීය.
අනතුරුව නිවෙස ආසන්නයේ වූ වැසිකිළිය වෙත ගිය මෙකී පුද්ගලයා ඒ තුළට එබිකම් කොට ‘‘නංගී මදුරුවෝ පිරිලා බඩු තමයි, දඩම තමයි’’ හඬ නගා කියා ඇත.
ඇය වැසිකිළියේ දොරකඩ අසළට දිව එත්ම ‘‘නංගී එන්න ඩෙංගු මදුරුවා පෙන්වන්න’’ කියා අතින් ඇද වැසිකිළියේ දොර වසාගන්නට තැත්කර තිබේ.
සිද්ධිය ගම පුරා සැලවීමත් සමග ගමේ උදවිය මෙකී පුද්ගලයා දුටුවිට ඩෙංගු මදුරුවා බලමුදැයි දැන් විමසන්නේලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩෙංගු කීටයන් පෙන්වන්න ගිහින් ලෝක ලෙඩක් දාගෙන