X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


ණය හිලව් වෙන්න කතට අමුතු යෝජනාවක්

(කළුතර - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි)
කාන්තාවකට දුන් ණය මුදලක හිලව්වට ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයෙක් උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.


තම ස්වාමිපුරුෂයා විදේශගතවී ඇති බවත් තමා සැකකරුගෙන් රුපියල් පනස් දාහක මුදලක් ණයට ගත් අතර ඉන් රුපියල් විසිපන් දාහක් ආපසු දුන් බවත් ඉතිරි රුපියල් විසිපන්දාහ එපා කියමින් ඔහු තමාට ලිංගික තර්ජන කළ බවත් කියමින් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබුණි.


සැකකරු තමාට දුරකථනයෙන් කතා කර ඔයාට ණයට දුන් සල්ලි එපා. හොඳ තැනක් තියනවා එතැනට එන්න. මම ත‍්‍රීවීල් එකක් එවනවා යැයි කී බවත් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු තවත් අයෙකු සමග පැමිණ තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි උතුරු කළුතර පොලිසිය කියයි.


උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා, පොලිස් පරීක්‍ෂක ජයතිස්ස, උප පොලිස් පරීක්‍ෂක පද්මසිරි කුලතුංග, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අමාල් රත්නායක යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 



අදහස් (0)

ණය හිලව් වෙන්න කතට අමුතු යෝජනාවක්

කසුන් ධර්මවංශ Monday, 26 January 2015 10:08 AM

මෙලනිගේ කතාව හරියට හරි... මමත් එ්ක අනුමත කරනවා. එත් මේ සිද්ධියේ තව පැත්තක් තියෙනව. ගොඩක් වෙලාවට කාන්තාවන් තමන්ගේ රුපය භාවිත කරලා පිරිමින්ගෙන් වාසි ගන්න උත්සහ කරනවා. කාර්යාලදී, මගතොටේදී මේවා ඕන තරම් දකින්න පුළුවන්. ඒ වගේ දේවල් නොකර තමන්ගේ තත්වය ආරක්ෂා කරගෙන ඉන්නවනම් මෙහෙම දේවල් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. (බ)

:       0       0

මනෝජ් Wednesday, 28 January 2015 10:56 AM

ඉෂාන් කියන කතාවේ ඇත්තක් තියෙන්න පුලුවන් (නි)

:       0       0

පද්මිණි Wednesday, 28 January 2015 10:14 AM

මෙලනි කියන්නේ කාන්තාවක් නිසා පිරිමින්ව නිතරම අවිශ්වාස කළයුතුයි කියලද? (නි)

:       0       0

ඉෂාන් Wednesday, 28 January 2015 05:38 AM

කවුද දන්නේ කාන්තාව බොරුවට සල්ලි නොදී ඉන්න ඒ වගේ කතාවක් කියනවද කියලා. කොහොම වුණත් දෙන්නවම පොලිසියේ තියන්නයි තිබුණේ (නි)

:       0       0

කාශ්‍යප Tuesday, 27 January 2015 04:46 AM

දැන් කාලය අකාලය වේගෙනයි එන්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 27 January 2015 02:05 AM

ඔය කතාව ඇහුවම මට මතක් උනා, මගේ යහළුවෙකුගේ බිරිඳට වෙච්ච වැඩක්. මගේ මිතුර විදේශයක රාජකාරි පුහුණුවකට ගියා, මාස 6 ට. යද්දී එයාලා අලුතින් නිවසක් තනමින් හිටියේ. මිත්‍රයාට යන්න උනාට නිවාස තැනීම දිගටම කරගෙන ගියා. මේ අතරේදී රු, 25000/- ක් විතර අඩුපාඩුවෙලා තියෙනවා. මිතුරාගේ බිරිඳ එයාගේ මවත් එක්ක ගිහින් අක්කගේ මහත්තයගෙන් ණයට මුදල් ඉල්ලලා. එයා ණය දෙන්න එකඟ වෙලා. හැබැයි ඇපයට ඉඩම් ඔප්පුවක් තියන්න කියල. සැකයක් හිතන්න දෙයක් නැහැනේ. මස්සිනානේ කියල එය තමන්ට අයත් ඉඩමක ඔප්පුව දීල. පස්සේ නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ඔප්පුව උගස් තියල ණය මුදල අරන්. මගේ මිත්‍රය ලංකාවට ඇවිත් ඔප්පුවේ උකස අරවන්න ගියාම අර මස්සිනා කියල මම ඉඩමට මුදල් දුන්නේ උකසට නොවෙයි සින්නක්කරේට කියල. ඒවෙනකොටත් ඔප්පුව ලියා පදිංචිවෙලා ඇවිත් තිබුනලු.කොහොම හරි එම ඉඩමේ අයිතිය මිනිහ ගත්තා.එයින් පස්සේ මේ දෙගොල්ලන් අතරේ තිබුණු නෑදෑකම් නැති උනා.ප්‍රධාන පාරක් අයිනේ පර්චස් 20 ක් . එදා වටිනාකම් රු; 300000/- ක් විතර ඇති, අද නම් පර්චස් එක ලක්ෂ 300000/- ක් වෙනවා. හොඳ වෙලාවට නිවස තනමින් තිබුන ඉඩම් ඔප්පුව බැංකුවට උගස් කරලා තිබුනේ කියල මගේ මිතුර අදටත් මතක් කරනවා. නැත්නම් ඒ නරුමය තනමින් තිබුන නිවසත් එක්ක ඉඩම උකසට අරන් මේ විදියට අයිති කර ගන්නවා කියල.ඒකෙන් උනේ මගේ මිතුරාගේ බිරිඳට අයිති ඉඩමයි, ඇයගේ එකම සහෝදරියයි අහිමි වීම විතරයි.ඒ නරුමය දැන් ගමේ මිනිසුන් අතරේ අප්‍රසාදයට පත්වෙමින් ලෙඩ ගානේ ඉන්නවා. (ස)

:       0       0

කීර්තිරත්න Monday, 26 January 2015 06:43 PM

මුදල් දෙන්න වෙනවට මෙවැනි ගැට ගහනවා. (නදී)

:       0       0

රංජිත් Monday, 26 January 2015 06:41 PM

ඕක නය මුදල නොගෙවා ඉන්න කරපු උප්පරවැට්ටියක් (නදී)

:       0       0

ධනුක Monday, 26 January 2015 11:00 AM

රන්ජිත් ණය දෙන්නේ කාන්තාවන්ට විතරයිද ? (අ)

:       0       0

මෙලනි Sunday, 25 January 2015 09:22 PM

කාන්තාවන් පිරිමින් ගෙන් පුද්ගලිකව ණය ඉල්ලන්න යාමේදී අද කාලයේ පරිස්සම් වෙන්න ඕනා. නොගෙනම බැරි නම් සැමියාත් දුරක නම් තමන්ගේ සහෝදරයෙක් හෝ විශ්වාස කටයුතු ඥාති පිරිමි කෙනෙක් මැදිහත් කරගෙන ඒ දේවල් කර ගන්න තරම් නුවනක් නැද්ද ? එතකොට ඔහොම දේවල් වෙන එක යම් තරමකට හරි අඩු වෙනවා. (නදී)

:       0       0

ඉන්දු Monday, 26 January 2015 09:00 AM

රංජිත්, මේ සිදුවීම ඔබ අනුමත කරනවද​....? නැතිනම් ඔබ සල්ලි ණයට දෙන්නේ, මේ ආකාරයට පියවා ගන්න බලාපොරොත්තුව ද​....?(හේ)

:       0       0

ධනුක Monday, 26 January 2015 08:36 AM

මෙතන සල්ලි ණයට දුන්නේ රංජිත්වත්ද ? (බ)

:       0       0

අමිල Monday, 26 January 2015 08:18 AM

සැමියා ඉන්නේ රට නම් රුපියල් විසිපන් දාහක් වත් අතේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

ධම්ම Monday, 26 January 2015 07:55 AM

කාන්තාවන් ඇයි පිරිමින්ට ණය වෙන්නේ? පිරිමින්ට ණය උනාම ඔහොම දේවල් වෙනවා. (නදී)

:       0       0

සරත් පියසේන Monday, 26 January 2015 07:36 AM

නය ගෙවන්න වෙනවාට දාපු 64 න් එකක්ද ? (නදී)

:       0       0

කාන්ති Monday, 26 January 2015 06:43 AM

මට පේන්නේ රන්ජිත් ණය දෙන්නේ බවලතුන්ට විතරයි වගේ (නදී)

:       0       0

ධනුක Monday, 26 January 2015 06:42 AM

අප්පච්චියේ මෙතන ණය දීලා තියෙන්නේ රංජිත්ද ? (නදී)

:       0       0

රන්ජිත් Monday, 26 January 2015 05:18 AM

මෙලනි කියන විදිහට ණය ඉල්ලුවොත් කවදාවත් ණයක් ගන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site