ගමේ හිතවතුන්ට හොරා කැලෑ රොදකට රිංගා කාටත් හොරා තනිවම කසිප්පු පෙරා පානය කිරීමට පුරුදුවී සිටි පුද්ගලයකු ගෝඩා බැරලයක් පිපිරි පිලිස්සුම් තුවාල ලැබීමෙන් පසුව තම ගම්මුන්ගේ සහයෙන් රෝහල් ගතවූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.
ගමේ අයකුගෙන් දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
එය තරමක් පිටිසර ගම්මානයකි.
මත්පැන් පානයට පුරුදුවී සිටි තරුණයකු කාටත් හොරා ගම් ආසන්නයේ පිහිටි වන ලැහැබකට රිංගා කසිප්පු පෙරා පානය කරන්නට වූයේ නීතියට ඇති බිය මෙන්ම සිද්ධිය ආරංචි වුවහොත් තම හිතවතුන්ටද ඉන් කොටසක් දෙන්නට වන බව දන්නා නිසාය.
සුපුරුදු පරිදි කසිප්පු වඩියක් පෙරෙන්නට සිතු ඔහු අවශ්‍ය කළමනාද රැගෙන කැලෑ රොදට රිංගුවේ ගමේ කිසිවකුටත් ඇස නොගැටෙන පරිද්දෙනි.
කල් යල් බලා රෑ බෝවෙද්දී ගෝඩා බැරලයට ගිනි තැබූ ඔහු ඒ අසලම වාඩිවී විමසිල්ලෙන් සිටියේ එහි පදම එනතුරුය. කරුමයකට මෙන් මහ හඬක් නංවමින් කසිප්පු බැරලය පුපුරා ගියේ එහි වාෂ්පයෙන් ඔහුගේ සිරුරේ දෑත් දෙපා ඇතුළු ස්ථාන රැසක් පුළුස්සා දමමිනි.
නොසිතූ මොහොතක වූ සිද්ධියෙන් දැඩි වේදනාවට පත් හෙතෙම මර හඬ තලමින් ගම දෙසට දිව ගියේ තම දිවි ගලවා ගන්නට ආධාර ඉල්ලමිනි.
දැඩි වේදනාව මැද්දේම සිද්ධිය විස්තර කළ හෙතෙම එය රහසක් ලෙස තබා ගෙන තමා වහාම රෝහල වෙත රැගෙන ගොස් දිවි බේරා දෙන්නැයි කන්නලව් කළේ පොලිසියට අසු වුවහොත් ඇති වන විපාකය පිළිස්සුම් තුවාලයටත් වඩා වේදනාවක් බව දන්නා නිසාය.
කෙසේ වෙතත් තම හිතවතාට අනුකම්පා කළ ගමේ තරුණ කැල පිරිස ඔහු වහාම රෝහලට රැගෙන ගියේ තම මිතුරා වෙනුවෙන් තවත් බොරු හතට අටක්ද ගොතා ගෙනය.
(වියලුව වාර්තාකරු)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තනියම කසිප්පු පෙරන්න ගිහින් ගමටම වනවෙලා
අබය Monday, 15 August 2016 01:11 AM
මීටපස්සෙවත් කන බොන වෙලාවට යාලුවොත් මතක් කරගන්න (නි)
පිටබැද්දර ජයා Monday, 15 August 2016 10:11 AM
කන බොන මිනිස්සුනම් ඉතින් බෙදා හදාගෙන මිසක් බදා ගෙන කන්නේ (බ)