X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


තරුණයාගේ බේත් තුණ්ඩුවෙන් ආත්තම්මාට නෝණ්ඩියක්

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සංචරණ සීමා අස්සේ ෆාමසියකට ගොස් අපූරු බෙහෙතක් රැගෙන ආ වයසක කාන්තාවක් පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 


එම වයස කාන්තාවට සිය පුතාගේ නිවසට අත්‍යවශ්‍ය කාරණාවකට යෑමට උවමනා වී තිබේ. එහෙත් ඔහුගේ නිවස නගරයට කිට්ටුව ඇති නිසා පවතින සංචරණ සීමා නිසා ඇයට එහි යාමට නොහැකිව ඇත. මේ පිළිබඳව අසල්වැසියන් සමග කීවද සුදුසු පිළිතුරක් නොලැබුණු අතර අලුත විවාහ වූ තරුණයකු එයට උපකාර කිරීමට ඉදිරිපත් වී තිබේ. 


“ආත්තම්මා මේ බෙහෙත් තුන්ඩුව අරන් යන්න. අනිවාර්යයෙන්ම මේකත් අරගෙන එන්න.” යැයි පවසා ඔහු ලියා දුන් තුන්ඩුවක් ලබා දී තිබේ. ඇය එයත් රැගෙන පුතාගේ නිවසට ගොස් නැවත එන ගමනේදී ෆාමසියට ගොඩවී තරුණයා දුන් තුන්ඩුව ෆාමසියට දී තිබේ.

 
එවිට ෆාමසියේ සිටි තරුණිය ඇය දෙස බලා විස්මිතව එම තුන්ඩුවේ තිබූ උපත් පාලන කොපු ලබා දී ඇත්තේ ආයාසයෙන් හිනාව මැඩගෙනය. ආපසු එන ගමනේදී ඇයව පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර ඇති අතර ඇය පවසා ඇත්තේ සිය සැමියාට අත්‍යවශ්‍ය ඖෂධ වගයක් රැගෙන ඒමට ෆාමසියකට ගිය බවය. 


එම බෙහෙත් පෙන්නන ලෙස පොලිස් නිලධාරීන් ඉල්ලා සිටි අවස්ථාවේ ඇය එම කවරය දිග හැර ඔවුන්ට පෙන්වා ඇත. හිනාව නතර නොවූ නිලධාරීන් “ආච්චි ඉක්මනට යන්න ආතාට ලෙඩේ වැඩි වෙන්න කලින්.” යැයි පවසා ඇත්තේ බඩ පපුව අල්ලා සිනාසෙමිනි. 


අන්දුන් කුන්දුන් වූ ඇය ආපසු එන ගමනේදී අසල්වැසි නිවසකින් කාරණය අවබෝධ කරගෙන පොළොව පලා යන්නට තරම් ලැජ්ජා සිතී අර තරුණයාට ඇති වෙන්න දෙහි කැපුවාලු. 

 



අදහස් (0)

තරුණයාගේ බේත් තුණ්ඩුවෙන් ආත්තම්මාට නෝණ්ඩියක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site