X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


තරුණයාට කැමැත්ත දෙන්න තරුණියගෙන් අපූරු යෝජනාවක්

තම අනාගත සැමියා නිල ඇඳුමකින් නිවසේ දී දකින්නට කැමැති නැති බැවින් එසේ නිවසට නොඑන ලෙසට පොරොන්දු වන්නේ නම් පමණක් විවාහයට තමන් කැමැති බවට කොන්දේසියක් පැනවූ තරුණියක ගැන මාඔය අසබඩ ගමක සිටී. 

නිල ඇඳුම් අඳින රැුකියාවක නිරත තරුණයකු පසුගියදා මනාලියක බලන්නට ආයේය. මනාලිය ඇඟලූම් සේවයේ නිරතව සිටින්නීය. කපුවකුගේ අනුදැනුම මත ආ මනාලයා නිල ඇඳුම් අඳින රජයේ රැුකියාවක නිරත බව දැන ගත් මනාලිය ඊට අකැමැත්ත පළ කළාය. එසේ වුවත් දෙදෙනාගේ කේන්දර පරීක්ෂා කිරීමෙන් පසු මනාලයා මෙම මංගල්ලයට තමන් කැමැති බව දන්වා එව්වේ ද කපු මහතා අතය.

මනාලියගේ පවුලේ උදවිය ද මනාලයාට කැමැති වුවත් මනාලිය කැමැති කර ගැනීම අපහසු විය. පවුලේ අයත් කපු මහතාත් ඇය හා වාද විවාද කරන්නට වූයේ මේ මංගල්ලය කෙසේ හෝ කරන අදහස ඇතිවය.

තමන් නිල ඇඳුමට මහත් බියක් දක්වන බව කී තරුණිය මනාලයා කිසි විටෙක තමන් හමුවට නිවෙසට කිසිදා නිල ඇඳුමින් නොපැමිණෙන බවට එකඟ වන්නේ නම් පමණක් තමන් විවාහයට කැමැති බව අවසානයේ ඇය කීවාය.

කපු මහතාගෙන් මේ බව දැනගත් මනාලයා ඊට කැමැත්ත දී ඇති අතර මේ දෙදෙනාගේ මංගල්ලය ළඟදීම සිදු කිරීමට නියමිත බව ද වාර්තා විය.



අදහස් (0)

තරුණයාට කැමැත්ත දෙන්න තරුණියගෙන් අපූරු යෝජනාවක්

අජිත් Monday, 27 October 2014 12:34 PM

කෙල්ල හැඩද දන්නෙ නැහැ නේද? (අ)

:       0       0

පර්ලි අනෙස්ට් Wednesday, 29 October 2014 07:52 AM

ගෑණු අයට කොන්ද නමන්නෙ මොන නිල ඇඳුමද මන්දා.? (ර)

:       0       0

සේන Tuesday, 28 October 2014 05:00 PM

නිල ඇඳුමින් එන්න එපා - කළු ඇඳුමින් එන්න එපා - රතු ඇඳුමින් එන්න එපා - කොළ ඇදුමින් එන්න එපා.... (නි)

:       0       0

පිටිගල Tuesday, 28 October 2014 01:11 PM

රවී ගේ කතාව තමයි දවසේ කියමන. තනියම ඉන්න මට හොඳටම හිනාත් ගියා. (ර)

:       0       0

සමන්ති Tuesday, 28 October 2014 12:02 PM

ගෙදර ළඟ පොඩි මුර කුටියක් හදල එතනදී ඇඳුම් මාරුකර ගෙන ආවා නම් හොඳයි.(හේ)

:       0       0

නැනි Tuesday, 28 October 2014 03:51 AM

හරිම බොළඳයි. යහපත් විවාහ දිවියකට ඕවයින් වැඩක් නැහැ. අද අපේ ජනසමාජයේ සංකල්ප ගැන කනගාටුයි. විවාහ ජීවිතයක් පෞද්ගලිකයි , රහසිගතයි . එන එන ප්‍රශ්නය විසදන්නට දිනපතා අවබෝධය තුලින් අධ්‍යනය කළයුතු සංස්ථාවකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම අත්දැකීම් වෙනස්ය. (දිල්)

:       0       0

නෙළුම් Tuesday, 28 October 2014 12:55 AM

අපි දන්නා පවුලක පුතාගේ යෝජිත විවාහය අන්තිම මොහොතේ අවලංගු වුණේ, මනමාලියගේ පැත්තෙන් මනමාලයාට විවාහ දිනයේ මුල් ඇඳුම් අඳින්න කියලා බල කළ නිසා. ඔය මුල් ඇඳුම් ඇඳගෙන දවසෙම පෙනීසිටින්න මට හරිම අපහසුයි, ඇඳුමටත් නීති දානවා නම් පස්සේ කොහොම වේවිද කියලා තරුණයා පැත්තකට වුණා. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 28 October 2014 12:18 AM

පුදුම වෙන්න දෙයක් නැහැ. නිල ඇඳුමෙන් ඉන්න වැඩි දෙනෙක් අද කරන වැඩ දැක්කම මේ ළමයා මෙහෙමවත් කැමති වුණ එක ලොකු දෙයක්. (නි)

:       0       0

කාන්ති Monday, 27 October 2014 11:52 PM

නිල ඇඳුම පැත්තකට දාලා ගෙදර එන්න කැමති කෙනෙක් ලැබුන එකත් පුදුමයි. අද කාලයේ බඳින්න කෙනෙක් සොයාගන්න එක පහසු වැඩක් නෙමෙයි. ඔක්කොටම වැඩිය තමන්ගේ තත්වය ඉහළින් ඇස්තමේන්තු කරගෙන මනමාලයින් සොයන හින්දා. අපේ අසල්වැසි ගෙදරක යන්තම් උසස්පෙළ සමත් ගෙදර දොරේ වැඩක්වත් නොදී මව්පියන් හුරතල් කළ ගැහැණු ළමයකුට දොස්තර කෙනෙක් හරි බැංකු කළමනාකරුවෙකු හරි සොයනවා. හේතුව ඒ ළමයට ගෙදර වැඩ කරන්න පුරුදු නැති නිසා වැඩකාරයෙකුට වියදම් කරන්න පුළුවන් ආදායමක් තියන මනමාලයෙක්ලු සොයන්නේ. ඔන්න දැන් සමහර මනමාලයන් සෙවිලි ! (නි)

:       0       0

රුවන් Monday, 27 October 2014 11:35 PM

ඔය කොන්දේසිකාරියෝ බැඳගත් අයට වගතුවක් වෙන්නේ නැහැ. අපේ ඥාති අයියා කෙනෙක් නුවර ගැහැණු ළමයෙක් බැන්ඳා. තරුණිය පවුලේ බාලයා කියලා කොන්දේසි ගොඩකට හා කියලා ඇගේ ගෙදර නැවතුනා. දැන් ඉතින් නැන්දම්මාට විතරක් නෙමෙයි ඒ ගෙදර ඉන්න නෝනාගේ බැඳපු නැති ලොකු අක්කාටත් ඔලුව නමාගෙන ඉන්නවා. (නි)

:       0       0

විකුම් රංගන Monday, 27 October 2014 10:28 PM

නැහැ නැහැ විකුම් මහත්තයෝ, තරුණිය නිල ඇඳුමට අකමැති වුණේ ඇය හෙරක් හින්දා නෙමෙයි. ඒකෙන් එන ඌෂ්ණය ඉවසගන්න බැරුව. විකුම්ටත් කවුරුහරි නිල ඇඳුමක් අන්දවලා වගෙයි. (නි)

:       0       0

ලසිත Monday, 27 October 2014 07:40 PM

අයියෝ මෙහෙමත් පිරිමි! (නි)

:       0       0

ශාන්ති Monday, 27 October 2014 07:37 PM

විකුම්, ඒ නංගී ඇත්තටම බය ඇති. එයාට අපහාස කරන්න එපා (නි)

:       0       0

අසුරයා Monday, 27 October 2014 07:30 PM

අපූරුයි අදහස් ටික. මම වැඩියෙන්ම කැමති අදහස් බලන්න. (නි)

:       0       0

ලලිත් Monday, 27 October 2014 06:57 PM

අනේ මන්ද! කොහෙද කියල හිතාගන්නවත් බැහැ. මා ඔය කොච්චර දිගද? ඒ උනත් පුෂ්පකුමාර මීරිගම නේ. ඒ කිට්ටුව වෙන්න ඇති? (ස)

:       0       0

විකුම් Monday, 27 October 2014 01:56 PM

මනමාලි හෙරක් වෙන්න ඇති එකනේ නිල ඇදුමට බය...........(අ)

:       0       0

ජෙහාන් Sunday, 26 October 2014 09:08 PM

අනේ මන්දා! නිල ඇඳුමට බයවෙන අයත් ඉන්නවද? (නි)

:       0       0

ලසිත් Monday, 27 October 2014 12:03 PM

පුදුම කොන්දේසිනේ! මනමාලයාට තිබුනේ නිල ඇඳුමට අකමැති නම් , අර භානු කියපු හෙළ ඇඳුමින් සැරසිලා ගෙදර එන්න.(අ)

:       0       0

සහන් බණ්ඩාර Monday, 27 October 2014 11:57 AM

නිල ඇදුම නැතත් අපි රාජකාරි ගැටළු, හවස්කාලෙට ගෙදර ගෙනෙනවා....අඹු දරුවො හා සමග ගෙවිය යුතු සොඳුරු කල, හිසේ ගිනි පත්තුවී දැවෙනවා.....රටේ ඇති ප්‍රශ්න දෙස නෙත් යොමා බලනමුත් නිවසෙ සහජීවනය බිදෙනවා...එවන් කල මේ ළදගේ දුර දක්න නුවන ගැන, මල් මිටක් පුදන්නට වටිනවා...(අ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Monday, 27 October 2014 10:44 AM

නිල ඇඳුම කොහොමත් ගෙදරට ආවට පස්සේ ගලවනවනේ..ඔය ගණන් කාර කම් නිල ඇඳුමින් ඉන්න කොට විතරයි...ඒ හින්ද බය වෙන්න එපා ..හුඟක් එඩිතර,ගාම්බීර නිලධාරීන් නෝනට කීකරුයි.(අ).

:       0       0

තුෂාර Monday, 27 October 2014 10:36 AM

පිස්සු ගැහැණියක්. (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 27 October 2014 09:24 AM

ඔව් අනිවාර්යෙන්ම ආරක්සක හමුදාවක කෙනෙක් වෙන්න ඇති , නංගිට මොලේ තියෙනවා, දැන්ම කනෙන් අල්ල ගත්තේ නැත්නම් පහුවෙලා කරනවා බොරු කියල කෙල්ලට හිතෙන්න ඇති (බ)

:       0       0

මිනුවන්ගොඩ අබේපාල Monday, 27 October 2014 07:57 AM

හලෝ වරුණ ගොඩ කාලෙකින් පස්සේ, කොහෙද හිටියේ මෙච්චර කාලයක්. කෝ අර උරුලෑව? (අ)

:       0       0

අමිල Monday, 27 October 2014 07:43 AM

මම නම් හිතන්නේ මනාලයා පොලිසියේ කෙනෙක් වෙන්න ඕනි. එහෙම නම් මනාලිය බය වෙන එක අහන්න දෙයක්ද?(බ)

:       0       0

ශාන් Monday, 27 October 2014 04:58 AM

විව‍ාහ වුණාට පස්සේ කොහොමත් ගොඩක් අයගේ නිල ඇඳුමේ සැර බහිනවා (නි)

:       0       0

වරුණ Monday, 27 October 2014 04:44 AM

අනේ පවු ඒ නංගී! (නි)

:       0       0

චින්තක Monday, 27 October 2014 03:46 AM

රවී, නියම කතාව (නි)

:       0       0

රවී - ඕමාන් Monday, 27 October 2014 03:07 AM

මේ ගැහැණු ළමයා එදා අර සාජන් මහත්තයා බට්ටිට ගහපු ගැහිල්ල දකින්න ඇති. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 27 October 2014 12:31 AM

දැන් ඉතින් බැන්ඳට පස්සේ නිල ඇඳුම ඇඳගෙන ආවම මොනවාද කරන්න යන්නේ? (නි)

:       0       0

ධනුක Sunday, 26 October 2014 11:34 PM

මේ ගැහැණු ළමයා බිය වුණේ මොන විදියේ නිල ඇඳුමකටද දන්නේ නැහැ. ලොකු හෝටල්වල පාන් බක්කරේටත් නිල ඇඳුමක් තිබෙනවානේ. (නි)

:       0       0

භානු Sunday, 26 October 2014 09:16 PM

කපුවා නිල ඇඳුමක් කිව්වේ අර කුඹුරට බහිනකොට අඳින හෙළ ඇඳුමටද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site