X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


තරුපහේ හෝටලයේ සමුළුව පැවැත්වෙද්දී දොරකුත් කඩාවැටිලා

අගනුවර තරුපහේ හෝටලයකදී පසුගිය දිනෙක සිදු වූ අපූරු සිදුවීමකි මේ. පෞද්ගලික ආයතනයක් මගින් කොළඹ සුඛෝපභෝගී හෝටලයක සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි. දෙස් විදෙස් නියෝජිතයනට අමතරව විවිධ ආයතන වල නිලධාරීහුද එයට සහභාගි වූහ. උත්සව ශාලාවේ හයසීයකට අධික සංඛ්‍යාවක් අසුන්ගෙන සිටි අතර ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණේ වේදිකාව දෙසය.

ජරxබරාස් යන හඬ නගිමින්, දොරක්, සවි කර තිබූ සරනේරුද සමග ගැලවී පහත්විය. දොර අසල රැඳී සිටි කිහිප දෙනෙකු ද ක්ෂණිකව ක‍්‍රියාත්මක වී දොර වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ඉතාමත් අසීරුවෙනි. ඝනකමින් යුක්ත දැව දොරක් වූ එය අධික බරකින් යුක්ත වීම නිසා ඔවුන්ට එය අල්ලා ගැනීමට නොහැකි වූවා නම් විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබිණි.

කෙසේ හෝ දිවා ආහාරයට පෙර දොර යථා තත්ත්වයට පත් කිරීමට හෝටලයේ නඩත්තු අංශයේ සේවකයෝ සමත් වූහ.
සිද්ධිය සියැසින් දුටු අයකු පැවසූවේ දොර වැටෙන අවස්ථාවේදී තමාගේ හෘද ස්පන්ධනය නැවතුනාක් මෙන් දැනුණු බවය.
 



අදහස් (0)

තරුපහේ හෝටලයේ සමුළුව පැවැත්වෙද්දී දොරකුත් කඩාවැටිලා

ජගත් වික්‍රමසිංහ Wednesday, 10 July 2013 01:54 PM

වරුණ ඔයත් කොන්ත්‍රාත් ගන්නවද? අපේ ගෙදරත් වැඩක් තියනවා! (අ)

:       0       0

දාස් Sunday, 14 July 2013 10:13 PM

හදිසියට දොර හේතු කරලා තියන්න ඇති (අ)

:       0       0

බන්ටු Sunday, 14 July 2013 01:03 AM

ඉන්දු ප්ලැටිනම් ඇඩ් එක අයින් කලහම ලංකාදීපේ සල්ලි හොයාගන්නේ කොහොමද ?(නදී)

:       0       0

සිරිකිත් Saturday, 13 July 2013 07:01 PM

මරු හතේ හෝටලයක්.(නදී)

:       0       0

සරසි Friday, 12 July 2013 04:41 PM

අපි එක සැරයක් ලෝක ප්‍රසිද්ද පරිගණක සමාගමක ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් තරු 5 හෝටලයක කෑම නැතුව ආවා.(නදී)

:       0       0

ජනක Thursday, 11 July 2013 12:10 PM

කෙවින් ඔබේ ඔය කතාව හැමවිටම අත්තක් වෙන්නේ නැහැ.ඇතැම් රිය අනතුරුවලදී එහෙම උදවුවට එන අය සුද්දෙ දානවා.කොළඹ මහා රෝහලේ මැරෙන ලෙඩ්ඩුන්ගේ බඩු උස්සන්න වෙනම කැටියක් ඇත. හැම වෙලාවේම "පොසිටිව් තින්කින්"හරියන්නේ නැහැ කියලයි මන් නම් හිතන්නේ. (දී)

:       0       0

අකිල Thursday, 11 July 2013 10:03 AM

හිල්ටන් හෝටලය පෙරේරා මහත්තයෝ.කොළඹ සුපිරි හෝටලය. නැතුව වෙන කොහෙද?. (ස)

:       0       0

හේරත් Wednesday, 10 July 2013 11:32 PM

වැරදිලා හරි කව්රු හරි යට වුනා නම් අම්මපා, තරු තව කීපයක් ඉහල යාවි නේද මාමේ? (නි)

:       0       0

ගුණරත්න Wednesday, 10 July 2013 11:11 PM

කටුගෙයි තරප්පු පේලිය හදපු කට්ටියද දන්නේ නැහැ මේ දොරත් හැදුවේ නේද? (නි)

:       0       0

ඉෂාර Wednesday, 10 July 2013 05:00 PM

දෙයියෝ සාක්කි එකේ තියෙන්න ඕනි හිනායන ඒවමද? (අ)

:       0       0

යොහාන් Wednesday, 10 July 2013 04:12 PM

වටුනට් මොකද අම්මේ තාරු පහේ දොරක්නේ (අ)

:       0       0

වරුණ Wednesday, 10 July 2013 03:13 PM

ජගත් වික්‍රමසිංහ කියන නමටත් ලැජ්ජයි අහන මෝඩ කතා.(නදී)

:       0       0

කෙවින් Wednesday, 10 July 2013 10:15 AM

කරදරයකදී සිංහලයෝ හිනා වෙන්නේ නැහැ. (නි)

:       0       0

ඉන්දු Wednesday, 10 July 2013 01:53 PM

අනේ මේ ප්ලැටිනම් ඇඩ් එක අයින් කරන්නකෝ, මේක මහ කරදරයක්.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 10 July 2013 12:58 PM

ඔවා මොනාද ගුවනේ ගමන් කරමින් තියන ගුවන් යානයේ දොර අරින්න හදන අය ඉන්න රටකට.(නදී)

:       0       0

ගිමාල් Wednesday, 10 July 2013 12:15 PM

කෙවින්, ඒක නම් වෙන්න බැහැ. ඉන්දියාවේ උට්‍රකන්ඩ් ගංවතුර හා අනෙකුට් විපත් වෙන කොට අපේ අය දාන අදහස් ටිකක් බලන්න (නි)

:       0       0

රන්දි Wednesday, 10 July 2013 12:04 PM

මම එදාට කලින් රෑ ගිහින් ඔකේ සරනේරු වල ඈන බුරුල් කරලා අවේ. අර බඩ ලොකු අපේ රට කන දේශ පාලුවෙක් උන්නා, එයාගේ ඇගට පත බැවිලා ඔය කියන බොරු වලට දත් ටිකවත් කැඩෙන්න කියලයි මම එහෙම කලේ. බොරු කරන හොර දෙටුවන්නට ආයුෂ වැඩියි කියලා අපේ කිරි අම්මා දවසක් කීවා.(නදී)

:       0       0

චතූ Wednesday, 10 July 2013 11:38 AM

ඔයාලට හිනා යනවද? (නි)

:       0       0

වරැණ Wednesday, 10 July 2013 11:36 AM

මම හිතන්නේ දොරේ බරට සරිලන ඇන හා සරනේරු දාල නෑ වගේ කොන්ත්‍රාත් කාරයන්ගේ වැඩ ඔහොම තමා (අ)

:       0       0

මදු Wednesday, 10 July 2013 11:22 AM

මේක දෙයියෝ සාක්කි ද? (අ)

:       0       0

පෙරේරා Wednesday, 10 July 2013 11:17 AM

මොකක්ද හෝටලේ නම? (නි)

:       0       0

සමීර් Wednesday, 10 July 2013 10:57 AM

මෙම සමුළුවට සමහරවිට මැර දේශපාලකයෙක් සහබාගි වෙන්න ඇති .ඔහු රසබර චරබර පචබර දේශනයක් කරන්න ඇති. මිනිස්සුන්ට ඕවා අහල පුරුදු නිසා කිසි ප්‍රතිචාරයක් දක්වන්න නැතුව ඇති .කියන බොරු අහගෙන ඉන්න බැරුව දොර කඩාගෙන වැටෙන්න ඇති. එහෙම නැත්නම් දෙල්කොල ගොඩේ හරක් දුවනවා වගේ කරන දේශනයේ ශබ්දය ඇහිලා මැර දේශපාලකයාගේ සහෝදරයා ලනුව කඩාගෙන ඇවිත් දොරට අනින්න ඇති.දොරට පමණක් නොවෙයි හිටපු මිනිස්සුන්ට ඇන්නත් දුවලා බේරෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද .....? (නි)

:       0       0

මීසා Wednesday, 10 July 2013 10:56 AM

කවුරු මොනවා කිවුවත් කරදරයකදී සිංහල මිනිස්සු ගොඩක් සුහදව කටයුතු කරන බව මුළු ලෝකයම දන්නවා (නි)

:       0       0

කරෝලිස් Wednesday, 10 July 2013 10:23 AM

හොඳ වෙලාවට වහලේ කඩා නොවැටුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site