(කුලියාපිටිය - චාමර විමලරත්න)
රැකියාව සඳහා විදේශගතව සිටින සිය සැමියාගෙන් ලද නියෝගයක් ඉටු කිරීමට පියවර ගත් මුසල්මානු බිරිඳකට හා ඇය සමග සිටි පාසල් වියේ වූ දියණියට ද පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුවීමේ පුවතකි මේ.
දිනය - ඉකුත් 21 වැනිදාය. ස්ථානය - කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන පරිශ්‍රයයි. මෙම සිද්ධියේ කතානායිකාව හා ඇගේ දියණිය කළු පැහැති දිගු ගවුම්වලින් සැරසී හිස් ආවරණය කර සිටියහ. රෝහල් වෛද්‍ය සායන පරිශ්‍රයේ පැවැතියේ දැඩි තදබදයකි. මුසල්මානු කාන්තාව අත තිබූ ජංගම දුරකතනය නාද විය. ඇය ඊට සවන් දුන්නාය. ඉනික්බිතිව ජංගම දුරකතනය තම දියණිය අතට පත් කෙරිණි. දියණිය තම මව, රෝහලේ වෛද්‍ය සායන පරිශ්‍රයේ රැඳී ගත් ඡායාරූප කීපයක් ජංගම දුරකතනයේ කැමරා කාචයේ සටහන් කර ගත්තාය. එය සැකකටයුතු දසුනක් ලෙස, රෝහල් පොලිසියට ක්‍ෂණිකව වාර්තා විය. රෝහල් පොලිසිය එම මව හා දියණිය සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිසියට බාර දෙනු ලැබිණ. කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා මහතා සැකකාර මවගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඇගේ ප්‍රකාශ අනුව හෙළි වූ කරුණු මෙසේය. සැකකාරියට රෝහලේ දී දුරකතන ඇමතුම දී ඇත්තේ විදේශගතව සිටින ඇගේ සැමියාය. සැමියා බිරිඳ අමතා සුවදුක් විමසා, රෝහල් පරිශ්‍රයේ ඇය රැඳී ඉන්නා ඡායාරූප කීපයක් ගෙන තම දුරකතනයට එවන ලෙස පවසා ඇත.
සිය පියාගේ දැනුම්දීම අනුව දියණිය රෝහල් සායන පරිශ්‍රය පසුබිම් කොටගත් මවගේ ඡායාරූප කීපයක් ගෙන ඇත. පොලිසියෙන් එම ඡායාරූප නිරීක්‍ෂණය කළේය. රටේ දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස මවට හා දියණියට අවවාද කරමින් ඔවුන් මුදාහැරීමට පොලිසිය පියවර ගත්තේය. මව හා දියණිය පොලිසියෙන් පිටතට එන විට ඔවුන්ගේ දෙනෙත්වල කඳුළු දක්නට ලැබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තාත්තගෙ ඉල්ලීම ඉටුකරන්න ගිහින් අම්මටයි දුවටයි තරු පෙනිලා
janhitha Friday, 24 May 2019 03:19 PM
ඔය නීතිරීති පනවලා තියෙන්නේ තවත් දුවෙකුට, පුතෙකුට කඳුළු නොසලා ඉන්නයි. එක පියෙක් සතුටු කරනවට වඩා දහස් ගණන් පියවරු සතුටු කරන එක කොච්චර වටිනවද?