X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තාත්තා කළ වැඩෙන් ගණන් හදන්න ගිය දුවට තරු පෙනිලා

අලුතින් හටගත් කිතුල් මලක් බෙහෙත් තැබීම සඳහා සිය පියා විසින් තම කවකටු පෙට්ටියේ තිබූ කවකටුව හා බෙදුම් කටුව රැගෙන යාම නිසා පාසලේ ගණිත පාඩමට හරිහැටි මුහුණ දීමට අසමත්වූ පාසල් දැරියක් පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


ඇය ගම්බද පාසලක එකොළොස්වන පන්තියේ අධ්‍යාපනය ලබන දැරියකි. 


මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්වීමට නියමිත බැවින් ඇය පාසල් ගොස් සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ දැඩි උනන්දුවකිනි. 
ගණිත විෂය බාර ගුරුතුමාගේ මග පෙන්වීම මත පසුදින නියමිතව තිබු ජ්‍යාමිතික ගණිත පාඩමට අවශ්‍ය කවකටු බෙදුම් කටු ඇතුළු ජ්‍යාමිතික උපකරණ කට්ටලය ද ඇය පිළියෙල කොට පොත් බෑගයට දැමුවේ එම පාඩම කෙරෙහි තිබූ දැඩි උනන්දුව නිසාමය. 


නියමිත දිනයේ උදෑසනින්ම පාසල කරා ගිය ඇය ගණිත විෂය බාර ගුරුවරයා පන්තිය වෙත පැමිණීමත් සමගම සිය ජ්‍යාමිතික උපකරණ කට්ටලය පොත් බෑගයෙන් එළියට ගත්තේ පාඩමටද සාවධානව ඇහුම් කන්දෙමිනි. 


කෙසේ වෙතත් තමන් රැගෙන ආ උපකරණ කට්ටලයේ කවකටුව හා බෙදුම් කටුව නැති බව දුටු ඇයට තරු විසි වුණේ පාඩම හරි හැටි කර ගන්නට සිදුවන අපහසුතාව සිහිපත් වෙද්දීය. 


මිතුරියගේ පිහිටෙන් කෙසේ හෝ පාඩම ගොඩදමාගත් ඇය පාසල නිමවා නිවසට ගියේ කවකටුවටත් බෙදුම් කටුවටත් සිදුවූයේ කුමක්දැයි සිහි කරමිනි. 
නිවසට ගිය ඇය පොත්පත් පෙරළමින් නැතිවූ කවකටුව හා බෙදුම් කටුව සොයන්නට වූ අතර ඉවෙන් මෙන් එය දැනගත් ඇගේ පියා පවසා ඇත්තේ ‘අනේ කෙල්ලේ මම අලුත් කිතුලත් බෙහෙත් තියන්න උඹේ පොත් මල්ලේ තිබූ අර ඇලිස් කටු දෙක ගත්තා, ඒක වැඬේට මරුවට ගැළපුනා’ යනුවෙනි. 
සවස් යාමයේ පොත් මල්ලෙන් අතුරුදන් වූ කවකටුව හා බෙදුම් කටුව ඇයට ලැබුණද කිතුල්මලට ඇනීම නිසා එහි බෙහෙවින්ම කහට තැවරී තිබිණි. 

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

තාත්තා කළ වැඩෙන් ගණන් හදන්න ගිය දුවට තරු පෙනිලා

නිරූ Thursday, 03 November 2016 05:39 AM

අපි කොයිතරම් නිර්මාණශීලි ජාතියක්ද කියලා එ්කෙන්ම පෙනෙනවා. (නි)

:       0       0

සීලනි Thursday, 03 November 2016 07:23 AM

අනේ ඕකට අප්පච්ච්ට දොස් කියන්න ඕනැයැ ඉතින්!

:       0       0

සරත් Thursday, 03 November 2016 08:35 AM

මම පාසල් යන කලේ 3 වසරේදී මට චිත්‍ර පොතක් තිබිලම නැ. ඉල්ලලා ගෙදරට කරදර නොකළේ ගෙදර තත්ත්වය දන්නා නිසාමයි. මම බොහොම අමාරුවෙන් ඒ කලේ ගෙවල දැම්මා. දුක් වෙන්න එපා දුවේ. ඔයාට එක දවසනේ. (අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 03 November 2016 11:28 PM

කිතුල් මලකට බෙහෙත් තැබීමට අවශ්‍යම භාණ්ඩය වන්නේ බ්ලේඩ් තලයක්, රේසරයක් මෙන් තියුණු මල්පිහියයි. මලෙහි සියුම් ස්ථරයක් පලුද්දකින් තොරව කැපීම මෙහි මුලික අවශ්‍යතාවයයි. පලුදුවූ මල් වලින් පැණි(තෙලිජ්ජ) වැහැරෙන්නේ නැතිවීම මීට හේතුවයි. මේ මනුස්සයා කවකට්ටකින් කිතුල් මලට කළේ කුමක්ද යන්න මටත් කුතුහලය ගෙනෙදෙන්නක්. (නි)

:       0       0

අබය Friday, 04 November 2016 02:38 AM

අනේ මිලානෝ වලත් කිතුල් ගහක් දෙකක් තිබුනා නම් පරණ රස්සාව යස අගේට කරගෙන ඉන්න තිබුනා. ඒකෙත් හැටි......! ඉතාලියේ කිතුල් තියා පොල්වත් හැදෙන්නේ නැහැ නොවැ. (නි)

:       0       0

ජනහිත Friday, 04 November 2016 09:22 PM

හිතේ කහටක් තියාගන්න එපා දුවේ. ඕව නුගත්කමට කරන වැඩනෙ. තාත්තට කරුණාවෙන් කියන්න මිට පස්සේ ඔය වගේ කටයුතු කරනකොට කියන්න කියල. ඔබගේ ඉගැනීමේ කටයුතු කහටක් නැතිව කරගන්න. ජය ලැබේවි. ඒ අතරම තාත්තට කියන්න පිටිගලට කියල ඉතාලියෙන් හොදට කැපෙන පිහියක් ගෙන්න ගන්න කියල. මිනිහ දැන් ඉතාලියේ උන්නට මෙහෙ ඉන්න කාලේ ඔය රක්ෂාව තමයි කරලා තියෙන්නේ. මොනවා වුණත් ඒ වැඩ උඩ වැඩනෙ, ඉතාලියේ කිතුල් නැති නිසා එයා දැන් බිම වැඩ කරන ගමන් උපදෙස් දීමත් කරනවා (අ)

:       0       0

ලක්සිත පැරිසිය Saturday, 05 November 2016 10:15 AM

පිටිගල මිලානෝ ඔයාගේ හරිම රස්සාව අපි දැන් දන්නවා (අ)

:       0       0

සුනිල් ගිකියනගේ Sunday, 06 November 2016 04:47 PM

මිලානෝ වල දුක්විඳලා හොයනවාට වඩා එක කිතුලක් හරිගියොත් මාසයට 50000ක් විතර හෙවිය හැකියි. නොමිලේම හවසට සප්පායමකුත් ලැබෙනවා. අනෙක වක්‍ර‍ රැකියා කීයක් හැදෙනවාද. මම දන්න නිසා කියන්නේ, මගේ සහෝදරයා මල් කපනවා. සුමානෙට පැණි බෝතල් (පිරිසිදු කිතුල් පැණි) 10 ක් එකක් රුපියල් 350 ගානේ විකුණනවා. එක මලකින්. හැබැයි ඒවා ගන්න කෙනා කොළඹට කිතුල් හකුරු පැණි විකුණනවා. මිනිහා එක පැණි බෝතලයකින් කොහොමත් උක් සීනි දාලා පිරිසුදු කිතුල් පැණි නාමයෙන් 10 ක් හදනවා. එකක් රුපියල් 400ක් විතර වෙනවා. ඔය කොළඹ සුපර් මාර්කට්වල විකුණන්නෙත් අපේ ගම කිට්ටුව කිතුල් පැණි හදන කෙනෙක්ම තමයි. කිතුල් මල් දහයක් තියෙනවා නම් නිදහස් රස්සාව. උදේට හවසට විතරයි වැඩ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 07 November 2016 10:27 AM

අපගේ නිවහනද කිතුල් ගස් කීපයකටම උරුමකම් කියූ නිවසක්. අපට වඩා ඒ ගස් අයිති කරගත්තේ එම ගස් මැද්ද කලුහාමියි. පුවක් පතකින් සාදාගත් කොපුවක් තුල බහා ඉනේ ගසාගත් ඉතාමත් තියුණු මල්පිහිය එලියට ඇද මහපොට ඇඟිල්ලෙන් එහි මුවාත පරීක්ෂා කිරීම ඔහුට ආඩම්බර කරුණක් වුනා. (බ)

:       0       0

සුනිල් ගීකියනගේ Tuesday, 08 November 2016 12:53 AM

සුපර් මාර්කට් එකේ තියෙන්නේ පිරිසිදු කිතුල් පැණි නම සහිත උක් සීනි පැණි බව මතක් තබාගන්න (නි)

:       0       0

අතුල Wednesday, 09 November 2016 02:20 PM

මම දවසක් කුකුලේ ගඟ පැත්තේ යාලුවෙක් එක්ක ගිහින් ඇළකින් නාලා වයසක ආච්චි කෙනෙක්ගෙන් කිතුල් පැණි බෝතල් දෙකක් ගත්ත. මගදී යාළුවගේ බෝතලේ පිපිරුණා.යාළුවා කිව්වා ඔරිජිනල් පැණි බෝතල් වල දාල වහන්න බැහැ කියල!

:       0       0

සුනිල් ගීකියනගේ Thursday, 10 November 2016 06:47 PM

හොඳ කිතුල් පැණි වුවත්, සීනි පැණි වුවත් සකසා ගොඩක් කල් ගතවුවවොත් එය පැසීමට ලක්වෙනවා. පැසීමට ලක්වූ පැණි බෝතල්වල දැම්මාම කැලතීම හා උණුසුම සමඟ පැසීම ඉක්මන් වී පැණි ප්‍ර‍සාරණය වෙනවා. එවිට බෝතලය පුපුරනවා. පැරණි පැණි බව මෙයින් කිව හැකිය. හොඳම ක්‍ර‍මය නම් පැණි උණුකර පිරිසිදු බෝතලයකට රස්නය පිටින් දමා වැසීමයි. ජෑම් බෝතලයක් තමයි මේකට වඩා හොඳ (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 11 November 2016 08:04 AM

අතුල, ඇළකින් නාලා විඩාව නිවාගෙන ගියේ කිතුල් පැණි හොයාගෙනද නැත්නම් එයින්ම හදන මීවිතක් හොයාගෙනද? (අ)

:       0       0

යොහාන් Sunday, 13 November 2016 01:06 PM

පවු අහිංසක මිනිස්සු!

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site