X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තාත්තාට දුවගේ නමත් වයසත් අමතක වෙලා

තංගල්ල ප්‍රදේශයේ එක්තරා ගම් පියසක ජීවත් වන කුඩා පවුලකි. පියා වැඩ කරන්නේ රාජ්‍ය ආයතනයක ලිපිකාරයකු ලෙසය. මවද එලෙසම රාජ්‍ය ආයතනයක සේවය කරන අතර මොවුනට පුතකු සහ දියණියන් දෙදෙනෙකි. ඒ අතුරින් කුඩාම දියණියට රාත්‍රී යාමයේ බරපතළ ලෙස උණ රෝගය වැළඳුණු බැවින් පියා ඇය ආරෝග්‍යශාලාවක් වෙතට ගෙන යන ලදී. එහිදී වෛද්‍යවරයා පියාගෙන් දරුවාගේ නම සහ වයස ඇසු කළ පියාට එය අමතක විය. දියණිය වෙත හැරුණු පියා “ කියන්න කියන්න” කියා කී විට නමයි වයසයි කීවේලු. එවිටම දොස්තර මහතා “තාත්තට දරුවගේ නම වයස අමතක වීම ඉතා කණගාටුදායක. එබැවින් ‘සම්මා සතියෙන්’ නිතර වැඩ කරන්නැයි” පැවසීලු.

(වලස්මුල්ල තිලක් මනම්පේරි) 



අදහස් (0)

තාත්තාට දුවගේ නමත් වයසත් අමතක වෙලා

එරංග Tuesday, 20 December 2016 03:00 PM

නම අමතක වෙන එක නම් හරි නෑ. වයස නම් ගොඩක් අයට පැටලෙනවා. අපේ ගෙදරත් පුතයි දුවල දෙන්නයි. පුතා 8, දුවල දෙන්නා 5,3....මම ඉන්න රටේ හැම වෙලේම බෙහෙත් ගණන් ගියාම උපන්දිනේ අහනවා බබාලාගේ. මගේ මහත්තයාට මේක හැම වෙලේම වරදිනවා. දැන් දැන් යන්න කලින් මගෙන් අහලා මතක තියාගෙන යන්න උත්සාහ කරනවා.(බ)

:       0       0

ශාන්ත Tuesday, 20 December 2016 03:04 PM

මේක වෙන්න පුළුවන්. දරුවෙකු අසනීප වුනාම මවට පියාට සිහිය විකල්වෙන්න පුළුවන්. හොඳින් දන්නා දේවල් පවා අමතක වෙන්න පුළුවන් (හේ)

:       0       0

ටෙනිසන් Tuesday, 20 December 2016 04:33 PM

හදිසියට අමතක වෙන්න ඇති (නි)

:       0       0

පහන් Wednesday, 21 December 2016 07:42 PM

සම්මා සතිය කියන්නේ ශීලය ශීලය හැටියට දැකීම, විනය විනය හැටියට දැකීම. මේ අවස්ථාවට කියන්නේ යෝනිසෝමනසිකාරය හෙවත් එළඹ සිටි සිහියෙන් වැඩකිරීම කියලා නේද? දන්නා කෙනෙක් ලියන්න (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 21 December 2016 09:38 PM

බොහෝ රජයේ ලිපිකරුවන්ට කිසිම දෙයක් මතක නැහැ. නමුත් මොණරා ඉන්න කොළ කිහිපයක් පෙන්නුවා නම් ඔක්කොම මතක්වෙනවා (නි)

:       0       0

හේරත් Thursday, 22 December 2016 03:21 AM

රාග, ද්වේශ හෝ මෝහ වලින් තොරව සිහිය පවත්වා ගැනීම සම්මා සතිය ලෙස මා අසා ඇත. (බ)

:       0       0

අබය Thursday, 22 December 2016 06:07 AM

අපේ පවුලේ ඔක්කොම එකොළොස් දෙනෙක්. අපේ දෙමව්පියෝ කොහොම නම්, ගම්, උපන්දින මතක තියාගෙන හිටියද මන්දා. (නි)

:       0       0

ක්‍රිස් Thursday, 22 December 2016 11:05 AM

අපේ අම්මාට වයස 82යි. දරුවෝ 8දෙනයි. හැම ළමයාගේම නම, වයස පමණක් නොව ඉපදුන රෝහල, ඉපදුන වෙලාව පවා අද වෙනතුරුත් නිවැරදිව කීමට පවා පුළුවන්. අපට අමතක වුන දේවල් පවා ඇයට හොදින් මතකයි. පුදුමයි ! (හේ)

:       0       0

පීරිස් Thursday, 22 December 2016 02:20 PM

අද වෙන දේවල් වල හැටියට මේවත් මොනවද?

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 08:25 PM

ජර්මනියේ රජයේ සේවකයෙක් වෙන්න නම් විශ්ව විද්‍යාලයක රාජ්‍ය සේවය පාඨමාලාව හදාරා උපාධියක් තිබිය යුතුය. ලංකාවේ අවශ්‍ය වන්නේ අපොස සාපෙළ සහ දේශපාලන අනුග්‍රහය පමණි. ඉතින් මෙය පුදුමයට කරුණක් නොවේ. ලංකාවට අාවහම රාජ්‍ය ආයතන වලින් වැඩක් කරගන්න ගිහින් රස්තියාදු වෙනකොට මතක් වෙන්නේ මේ ගොල්ලන්ගෙ දෙමවුපියෝ. ඉතින් මොනවා කරන්නද ඉවසගෙන ඉඳලා වැඩේ කරගෙන යනවා (නි)

:       0       0

ජනහිත Friday, 23 December 2016 04:11 AM

ද සිල්වා බෙර්ලින්, ඔය කතාවට විශ්‍රාමික රජයේ සේවකයෙක් වශයෙන් මම විරෝධතාවය පානවා. මොකද ඔය වැඩ කරන අය මගේ රාජකාරි ජීවිතයේදී දැකලා තියනවා, එ්ත් හැමෝම නොවෙයි. මුලික හේතුව ඇයි දෙන්නේ. නොදී වැඩ කරගන්න බැරි නම් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තියන බව අමතක කරන්න එපා. අපේ ලංකාව තාම දියුණු රටවල තත්වයට නැහැ තමා. මමත් ඔය වැඩ කරගන්න මාස 6 ක් බලා හිටියා. මෙයට මුලික හේතුව දේශපාලනය වෙනස් වෙනකොට රජයේ සේවය වෙනස්වීමයි. (නි)

:       0       0

අමර Friday, 23 December 2016 05:24 AM

ජනහිත මහත්තයෝ අපි ලංකාවට නිවාඩු යන්නේ සතියකට ,දෙකකට,මාසයකට හෝ ඒ කිට්ටු කාලයකට පමණයි... ඉතින් වැඩක් කරගන්න මාස හයක් යනවා නම් මොනර කොළ පෙන්නලා හරි කරගන්නට එපායැ...නේද? (ම)

:       0       0

ජනිත Friday, 23 December 2016 06:18 AM

මම කිවුවේ මෙතන තියන දේශපාලනමය ආකල්පයයි. ගිය අවුරුද්දේ සිදුවූ දේශපාල වෙනස් වීම නිසා සිදුවූ අමාත්‍ය මාරුවෙන් රජයේ සේවකයන්ට තීරණ ගන්න බැරිව මාස කීපයක් ඉන්න වුණා. ඒ අය උන්නේ මොනවද කරන්නේ දන්නේ නැතිව වගේම තමන්ගේ අමාත්‍ය වරයා කවුද කියල කල් ගත කරන්න වුණා . හොදම උදහැරණය තමයි එක ඇමති කෙනෙක් අත්සන් කරපු කොලය බෙදුවේ වෙනත් ඇමති කෙනෙක්. (බ)

:       0       0

අනුරාධ Friday, 23 December 2016 11:40 AM

දැන් ඉන්න තාත්තලා බොහෝ දෙනෙකුට දරුවන්ගේ දේවල් අමතක වුණාට අර ඉංග්‍රීසි පත්තරෙයි,බෝතලෙයි,අනියම් කෙනාවයි හොඳට මතකයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site