X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


තැපෑලේ නැතිවුණා: මේසය මත තිබී හමුවුණා

කාර්යාලයෙන් කාර්යාලයට යමින් ලිපි ලියමින් තෙමසක් තිස්සේ සොයමින් සිටි ජාතික හැඳුනුම්පත නිවසේ මේසයක් මත තිබී හමුවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. රජයේ රැුකියාවක නිරත අයෙකි. ජාතික හැදුනුම්පත අපහැදිලිවීම නිසා අලූතින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලැබුයේ මාස තුන හතරකට පෙරදීය. ඒ අනුව සියලූ කටයුතුකර ඉල්ලූම් පත‍්‍රය ග‍්‍රාම නිලධාරී මගින් යවනු ලැබීය.

මසකින් පමණ නව හැදුනුම්පත තැපෑලෙන් ලැබෙනු ඇති බව ප‍්‍රකාශ වුවත් මේ අයට එය ලැබුණේ නැත. ග‍්‍රාම නිලධාරීන්ගෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරනු ලැබුවේ ඒ නිසාය.

ඉල්ලූම්කර දින කිහිපයක් ඇතුළත නව හැදුනුම්පත නිකුත් කර එය අදාළ ලිපිනයට තැපැල් කර ඇති බව අන්තිමේ දැන ගන්නට ලැබිණි. ඒ සමගම චෝදනාව එල්ලවූයේ තැපැල් දෙපාර්තමේන්තුවටය. එය තැපෑලේදී අවස්ථානගත වෙන්නට ඇතැයි සැකයක් ඇතිවිය. හැඳුනුම්පත තැපැල් කළ දිනය ඇතුළු විස්තර ලබාගෙන කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ නියමිත දිනවලදීම එය නිවසේ අයෙකුට බාරදී ඇති බවය.

නිවසේ සිටි ඥාතියා හැඳුනුම්පත අඩංගු ලිපිය බාරගෙන එය මේසයක් මත තැබූ බව සිහිපත් කිරීමෙන් පසු කීය. ඒ අනුව පරීක්ෂා කිරීමේදී එය තිබූ තැනම තිබී හමුවීමෙන් මාස තුනක් තිස්සේ පැවති ගැටලූවක් අවසන් විය.



අදහස් (0)

තැපෑලේ නැතිවුණා: මේසය මත තිබී හමුවුණා

ජෙහාන් Friday, 01 May 2015 04:16 AM

එකත් එකට ගෙදර ඥාතියාත් වැඩ කරන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක වෙන්න ඇති. කවදාවත් වැදගත් ලියකියවිල්ලක් ඒගොල්ලන්ට ඉල්ලපු සැණින් සොයල දෙන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒවා තියපු තැන මතකත් නැහැ. අපි ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරවා ගන්න ගිහින් පුදුම කට්ටක් නේ කන්නේ. (බ)

:       0       0

ජෙහාන් Friday, 01 May 2015 04:16 AM

එකත් එකට ගෙදර ඥාතියාත් වැඩකරන්නේ ආණ්ඩුවේ කන්තෝරුවක වෙන්න ඇති. කවදාවත් වැදගත් ලියවිල්ලක් ඒගොල්ලන්ට ඉල්ලපු සැනින් සොයලා දෙන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. ඒවා තියපු තැන මතකත් නැහැ. අපි ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරවාගන්න ගිහින් පුදුම කට්ටක්නේ කන්නේ. (නි)

:       0       0

අජිත් Friday, 01 May 2015 05:14 AM

ගොඩක් චෝදනා එහෙම තමයි හැමෝම ලේසියට බනින්නේ තැපැල් දෙපාර්තමේන්තුවට නමුත් බොහෝවිට ඔවුන් හරියට වැඩ කරනවා (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 May 2015 01:11 PM

ඒ කියන්නේ මේ ගෙදර මිනිස්සු ඉඳලා නැද්ද? නැත්නම් ගෙදර මෙසේ උඩ තියෙන දේ දැක්කේ නැත්තේ කොහොමද අප්පා? (නි)

:       0       0

ජෙහාන් Friday, 01 May 2015 02:00 PM

මම කියන්නේ ඥාතියා වැඩ කරන්නෙත් තැපෑලේ නැත්නම් ආණ්ඩුවේ කන්තෝරුවක වෙන්න ඇති. ලිපිලේඛන පිළිබඳ මෙලෝ සිහියක් නැති ඒවා නිතර අස්ථානගත වෙන පරිසරයක් තිබෙන්නේ එවැනි කට්ටිය වැඩකරන තැන් වල තමයි. (නි)

:       0       0

සුලෝචන Saturday, 02 May 2015 08:28 AM

මොන සිහියකින්ද ඉන්නේ? (නි)

:       0       0

ද සිල්වා Monday, 04 May 2015 08:00 AM

මේකට හේතුව පිළිවෙලක් නැතිකම. ගෙදරට තැපෑලෙන් එන සියලුම ලිපිලේඛන කියවා බැලු පසු හෝ නොකියවා දමන්න කාඩිබෝඩ් පෙට්ටියක් තබාගන්න. සතියකට වතාවක් එම පෙට්ටියේ ඇති ලිපි ලේඛන පරිස්සමෙන් කියවා බලා අවශ්‍ය දේවල් වෙන වෙනම ලිපිගොනුවල අසුරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site