පාර අයිනේ සිටි වෙළෙන්දෙකුගෙන් පැණි කොමඩු ගෙඩියක් මිලට ගෙන එයද පසුපස අසුනේ තබාගත් ත‍්‍රිරෝද රථ රියැදුරෙක් නගරයේ ත‍්‍රිරෝද රථවලට පැමිණියේය. ඔහුට ඒ ගමන්ම ගමන් වාරයක් පැමිණියේ තරුණ යුවළක් රැගෙන යාමටය. ති‍්‍රරෝද රියට නැගී තරුණ යුවළ ගමන යන අතරේ රියැදුරු දෙස හොරෙන් බලමින් පැණි කොමඩුවද ගමන් මල්ලට ඔබා ගත්හ. රියැදුරු කිසිත් නොදොඩා ඔවුන්ට ඇවැසි තැන දක්වාම ගොස් ත‍්‍රිරෝද රිය නතර කළේය. තරුණ යුවළ ති‍්‍රරෝද රියෙන් බැස ගාස්තුව ගැන විමසූහ. ”රුපියල් තුන්සීයයි’’ රියැදුරු ඇඟට පතට නොදැනී පැවසීය. ”වෙන අය රුපියල් දෙසීයයිනෙ ගන්නෙ’’ තරුණිය බිම බලාගෙන කීවාය. ‘‘හරි නෝනා.... ගමනට දෙසීය හරි... අර මම ගෙදර ගෙනියන්න ගත්ත කොමඩු ගෙඩියට සීයයි එතකොට තුන්සීයයි’’ තරුණයා කිසිත් නොදොඩා රුපියල් තුන්සීය ගෙවා වහා නිවස දෙසට පිය නැගීය. තරුණියද කරබාගෙන ඔහු පසුපස ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ති‍්‍රරෝද රථ රියැදුරුගේ කනෙන් රිංගන්න ගිය තරුණ යුවළට තරුපෙනිලා
අමිල කටුනායක Tuesday, 22 May 2012 08:47 PM
කොල්ල හිතන්න ඇති මම පැණිකොමඩු ගන්නව දැක්නෙ නෑ කියලා
සිරිමල් Tuesday, 29 May 2012 03:12 PM
පැනි වැක්කරුනද දන්නෑ...
රසික Thursday, 24 May 2012 11:05 AM
ගොඩක් හොදයි...
චමිල් Thursday, 24 May 2012 09:44 AM
මේ අනේ! ගෑනු ළමයට කොමඩු කන්න ... ආසාව ඇතිවෙන්න ඇති ... හොයාගන්න අමාරු වෙන්න ඇති එකයි මගේ හිතේ .... පවු ..
චමිල් Thursday, 24 May 2012 09:24 AM
මේ අනේ! ගෑනු ළමයට කොමඩු කන්න ... ආසාව ඇතිවෙන්න ඇති ... හොයාගන්න අමාරු වෙන්න ඇති එකයි මගේ හිතේ .... පවු ..
සකල බුජන් Thursday, 24 May 2012 02:23 AM
විහිළුවක්වත් තේරෙන්නෙ නෑ මේගොල්ලන්ට
අසංක Thursday, 24 May 2012 02:12 AM
ත්‍රීවීල් එකේ කොමඩු හරි ලාබයිනෙ...
කරෝලිස් Wednesday, 23 May 2012 10:00 AM
අනේ අපි හොරකම් කරේ නෑ අනේ....
කයිසාරු වත්තේ මොහන්දිරම් Wednesday, 23 May 2012 09:50 AM
කෝ අපේ අලි...
තාරක Wednesday, 23 May 2012 09:17 AM
එදා රැ නම් කොමඩුවෙ පැනි එන්න නැතුවා ඇති.
ඇන්ටන් Tuesday, 22 May 2012 10:36 PM
දුප්පතාටමයි ඔහොම වේනන.. ඒ ඇයි අනේ?
අමර එරංග Tuesday, 22 May 2012 10:20 PM
හොරුන්ට හොදපාඩමක් උගන්නන්න තිබ්බා...
ෆාරු Tuesday, 22 May 2012 11:36 AM
මේ මේ මේ කරපු කැත වැඩේ...
ඉන්දු Tuesday, 22 May 2012 07:51 PM
කැතයි තරුණ යුවලක් කොමඩු ගෙඩියක් හොරකම් කල කියන්නේ ඇදුමක් ඇදගෙනද ඔය වගේ වැඩක් කලේ. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුඉ කියනවනේ
සිසිර Tuesday, 22 May 2012 02:07 PM
ලෝභයගේ දේ කූඹි කනව කියන්නේ ඕකට තමයි...
සුරේෂ් Tuesday, 22 May 2012 01:43 PM
පැණි කොමඩු කන්න ඇති දෙන්නා හොඳට
ප්‍රසන්න Tuesday, 22 May 2012 01:29 PM
ළඟ පොලීසියක් නැතිව ඇති...
පොතේගුරු Tuesday, 22 May 2012 01:25 PM
පිටුපස ආසනවල වාඩිවෙන තරුණ ළමයි හිතන්නේ එයාල කරන වැඩ අනෙත් අයට පේන්නේ නෑ කියලයි....
රංජිත් මංජුල Tuesday, 22 May 2012 01:25 PM
වදුරන්ගේ පුරුද්ද දුටු දේ ඇල්ලීමයි..
ඇන්ටන් Tuesday, 22 May 2012 12:01 PM
ඔන්න නියම දඩුවම්.හැබැයි කරපු වැඩේ හැටියට දඩුවම සැර මදි
ලක්මාල් Tuesday, 22 May 2012 11:51 AM
මරු
පී.එම්.කේ. Tuesday, 22 May 2012 11:50 AM
එම යුවළ හිතන්න ඇති වෙන කාටහරි අමතක වෙලා කියලා
සමන් Tuesday, 22 May 2012 11:48 AM
අය්යෝ ගමේ නම්බුවත් ඉවරයි..
චතුර Tuesday, 22 May 2012 11:38 AM
කරපු හොර වැඩේට මේ ගාණ අරන් මදි