මාර්ගයේ සිටි සුරතල් බල්ලෙක් යතුරුපැදියක හැපී තුවාල වී බිම ඇදවැටුණි. බල්ලාට නැඟිටගත නොහැකිව වේදනාවෙන් කෑ ගසන්නට විය. ශෝකජනක වූ බල්ලාගේ දසුන දුටු අසල සිටි සමහරු පැවසුවේ බල්ලා මියයන බවය. මේ අතර එතැනට පැමිණි කාර්යාලයක සේවය කරන නිලධාරිනියක් වහාම ත්‍රිරෝද රථයකට කතාකොට බල්ලා ඔසවා එතුළට දමා සතුන් සඳහා ඇති රෝහලකට රැුගෙන ගියත් රෝහල වසා තිබුණෙන් වෙනත් රෝහලකට රැගෙන ගියාය.
එහිදී බල්ලාට එන්නත් සහ බෙහෙත් වර්ගද දී තුවාලවලට ප්රතිකාරද කෙරිණි. බල්ලාගේ තත්ත්වය සුව අතට හැරුණු නිසා ගාස්තුව වශයෙන් රුපියල් එක්දාස් පන්සීයක් ගෙවූ ඇය ත්‍රීරෝද රථ රියදුරාටද රුපියල් පන්සීයක් දී බල්ලා අනතුරට මුහුණ පෑ ස්ථානයට ගෙනවිත් ගසක් යට තැබුවාය.
අසල කාර්යාලයක ආරක්ෂක නිලධාරියකුට කතා කළ ඇය, ‘‘කවුරු හරි බල්ලාව අරන් යන්න ආවොත් මට දන්වන්න. මම ඉන්නේ අර පේන ඔෆිස් එකේ. බල්ලට දෙන්න ඕන බෙහෙත් මා ගාව තියෙනවා. අපිත් බල්ලන්ව ඇතිකරනවානේ. මට සල්ලි ඕනේ නැහැයි’’ පවසා පිටවූවාය.
ස්වල්ප වේලාවකින් බල්ලා අසලට පැමිණි පුද්ගලයෙකි. ඔහු දුටු බල්ලා වලිගය වනන්නට විය. ත්‍රිරෝද රථයකට බල්ලා දමනු දුටු ආරක්ෂක නිලධාරියා, ‘‘මහත්තයාගේ බල්ලා හැප්පුණා. මිස් කෙනෙක් බෙහෙත් අරන් දීලා දැන් තමයි ගියේ. බල්ලාගේ බෙහෙත් මිස් ළඟ තියෙනවා.’’ පැවසීය. ‘‘හරි හරි මන් පස්සේ එන්නම්’’ කී හාම්පුතා බල්ලා ද රැගෙන නොපෙනී ගියේය. කොළඹදී දැකගන්නට ලැබුණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තුවාල වූ සුනඛයා සනීප කළාම හාම්පුතා ඇවිත් අරන් ගිහින්
ලක්ෂිකා Friday, 08 August 2014 09:37 AM
ඔබට නිරෝගී සුව පතමි (අ)
සජිත් Thursday, 07 August 2014 02:54 PM
මම බල්ලන්ට කැමති එක හේතුවක් වෙන්නේ ඔවුන්ට මනුස්සයන්ට වගේ ඇඟට පතට නොදනී ඇනුම්පද කීමට නොහැකි වීම නිසා. (නදී)
ජගත් Thursday, 07 August 2014 04:14 PM
බලු කුක්කාට වෙදකම් කළ නෝනට නිදුක් නීරෝගී සුව පතමු. බලු කුක්කා අයිති මහත්තයා පසුව ඇවි්ලලා ස්තුති කළොත් මහත්මා ගති ඇත්තෙක් ලෙස සැළකිය හැක. නැත්නම්?? (නි)
රවිඳු Thursday, 07 August 2014 04:17 PM
මනුෂ්‍යයින් වශයෙන් අපි සතුන් කෙරෙහි කරුණාවෙන් බැලීම හොඳ මනුෂ්‍ය ගුණාංගයක්. ඒ මහත්මිය සමාජයට හොඳ ආදර්ශයක් දී තිබෙනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියනවනේ. කාන්තාවන් නම් ඇනුම් පද කියන්න දක්ෂයි කියලා මම අහලා තිබුනට පිරිමි ඕවා ඒ හැටි ගණන් ගන්නවා මම නම් අහලා දැකලා තිබුනේ නැහැ. (නි)
මංජුල Thursday, 07 August 2014 04:49 PM
අනේ මෙහෙමත් මහත්වරු? (නි)
සුසිර Thursday, 07 August 2014 08:43 PM
කතාව කියවලා අදහස් ටික බැලුවහම තමයි හිතුනේ සමහරුන්ට බලුපොරයක් නරඹන්න හිත යට පොඩි ආශාවක් තියනවා කියලා. බලමු එළිවෙද්දී සද්දේ කොහොමද කියලා? (නි)
චානි Friday, 08 August 2014 01:22 AM
කරුණාවන්ත කාන්තාවට ආසිරි පතමින් , සුසිරගේ කියමන හරියට හරි කියමින් නවතිමි. (නදී)
මිලි Friday, 08 August 2014 02:38 AM
මිනිසා නොමිනිහා වීම (දී)
සරත් Friday, 08 August 2014 09:18 AM
අර නෝනා මහත්මියට නිදුක් නිරෝගී මත දිවියක් ප්‍රර්ථනා කරමි... (දිල්)
ගුණේ Thursday, 07 August 2014 02:50 PM
රුවන් කිව්වත් එක්කම එක්කෙනෙක් පටන් ගත්තා. බල්ලන් ඉස්සර කරගෙන ඇනුම්පදයක් සමග. පුවතෙහි සඳහන් කාන්තාව අගය කරමින් නවතිමි. (නදී)
බුද්ධි Friday, 08 August 2014 01:10 PM
ඔබ ඉතාමත් හොඳ කාන්තාවක්. මේ කළ පිනම ඇති ඔබට ජිවිත කාලයටම නිදුක් නිරෝගී ජිවිතයක් ගත කිරීමට (නි)
ෆෙරෝස් Friday, 08 August 2014 02:59 PM
බල්ලාගේ අයිතිකාරයාව බල්ලාට සමාන කරන්න නරක්යි (නි)
උපුල් Saturday, 09 August 2014 05:15 AM
සල්ලි ගන්නෙ නැතිනම් ඒක තියල හරි හුරතලාව අරගෙන ගියානම් තමයි හොද මම නම් හිතන්නේ. මොකද ඒ නොනගේත් හිත කොයි තරම් හොද වෙයිද එහෙම කලානම්.(අ).
සජී Saturday, 09 August 2014 05:22 AM
මේවාගේ මිනිසුන් දෙවියෝම ආරක්ෂා කරත්වා (අ)
පහන්දී Saturday, 09 August 2014 06:35 PM
ෆෙරෝස්, මොකද ඔයා හොට් වෙලා, මට හිතෙන්නේ බල්ලාගේ අයිතිකාරයි,මේ කතාවේ අයිතිකාරයයි දෙන්නම ඔයා කියල, (දී)
හේවා විතාරණ Saturday, 09 August 2014 06:46 PM
බල්ලාද එහිදී බලු ගතිය පෙන්වීය (දී)
හසන්ත Sunday, 10 August 2014 08:13 PM
හොඳ කාන්තාවක් (නි)
මහින්ද Sunday, 10 August 2014 08:58 PM
යහපත් කාන්තාවක්. ඔබතුමියට නිරෝගි සුවය අත්වේවා! (නි)
රුවන් Thursday, 07 August 2014 07:57 AM
දැන්ඉතින් මාත්තෘකාවෙන් පිටපනිමින්,අනුන්ට මඩගැසීම්,කල්ලිගැසී චැට්කිරීම්,තමාගේ මෝඩකම් පෙන්වීම පටන්ගනී.කරුණාකර මාත්තෘකාවට අදාලව පමණක් අදහස්දක්වන්න ස්තුති.(දී)
වංචාවල පැතුම් Thursday, 07 August 2014 05:03 AM
සතුන්ට කරුණාව දක්වන, හොඳ හදවතක් ඇති මහත්මියක්. ඔබට නිරෝගී සුවය ලැබේවා(අ)
රොෂාන් Thursday, 07 August 2014 05:35 AM
ඔබගේ යහපත් ක්‍රියාවට ඔබගේ සියලු බලාපොරොතු ඉටුවේවා නිදුක් නිරෝගී වේවා.(අ)
ගයනි Thursday, 07 August 2014 05:57 AM
මෙහෙම කරුණාවන්ත අයත් මේ සමාජයේම ඉන්නවා. ඒ මහත්මියට සසර පුරා නිරෝගී සුවය මමත් පතනවා. (දී)
දිලිප් Thursday, 07 August 2014 06:30 AM
අපේ උතුම් රටේ ඉන්නේ උතුම් මිනිස්සුන්ගේ කුහක කම තේරෙනවා අඩුගානේ කරපු වැඩේටඅගය කරන්නේවත් නැහැ (දී)
ගාමිණී - සිරි Thursday, 07 August 2014 07:01 AM
බලු පැටියාට් ප්‍රථිකාර කල ඒ නෝනාට දෙවියන්ගේම පිහිටයි !අඩු වශයෙන් ස්තුතිවත් නොකර,බලු පැටියා රැගෙන ගියාට දෙයියෝ ..සාක්කි !! (දී)
රුවන් Thursday, 07 August 2014 07:49 AM
හුඟක් කරුණාවන්ත නෝනා මහත්මියක්.අද කාලේ මනුස්සයෙක් ලෙඩක් හැදිලා බිමවැටිලා හිටියත් අහකබලන් යන කාලෙක මෙවැනි උතුම් කාන්තාවන්ද සිටීම සතුටක්,මෙම මහත්මියට නිරෝගිසුව හා දීර්ග ආයුෂ පතමි. (දී)
කෝකිලා Thursday, 07 August 2014 07:57 AM
ඒ සතා තරම්වත් හාම පුතා කල ගුණ දන්නේ නැහැ වගේ (දී)
කපිල Thursday, 07 August 2014 07:56 AM
බල්ලෝ හොඳයි වගේ (දී)
ඉසුරන්දි Thursday, 07 August 2014 04:57 AM
බල්ලාගේ හාම්පුතා,, බලු තාත්තෙක්නේ..(අ)
සංජිව Thursday, 07 August 2014 09:31 AM
මිනිස්සුන්ගේ අහික්මුනු කම හා හික්මුණු කම (දී)
ජයනි Thursday, 07 August 2014 09:44 AM
බල්ලන් කල ගුණ දන්නා සත්ව කොට්ටශයක්. ! තවත් දෙයක් .පුවතට අදාලව අදහස් දක්වන ලෙස ත් , අනෙක් අයට පුද්ගලික උපහාස එල්ල කර මේ සභාව අප්‍රසන්න තැනක් නොකරන ලෙසත් සියලුම පාඨක භවතුන් ගෙන් කාරුණිකව ඉල්ලමි. (දී)
චම්පිකා Thursday, 07 August 2014 09:47 AM
ඇත්තටම හිත හොඳ කාන්තාවක්. ! මේවා සසර පුරා පල දෙන පින් තමයි. (දී)
කුමාර Thursday, 07 August 2014 09:50 AM
ඒ කාන්තාව ගේ ගෙදර ඉන්න බලු සුරතලුන්ට රජ සැප ඇති. (දී)
නිර්මලා Thursday, 07 August 2014 01:21 PM
වඩා හොඳට කාලගුණ සලකන්න දන්නේ බල්ලෝද මනුෂ්‍යයෝද කියන තැනදී බල්ලෝ ඉදිරියෙන් ඉන්න බව කවුරුත් දන්නා කරුණක්. එත් බල්ලෝ මනුෂ්‍ය වෙසින් පෙනී ඉන්න උත්සහ කරනකොට තමයි අනවශ්‍ය ගැටළු ඇති වෙන්නේ. සමහරු බන කිව්වට බුරනවා වගෙයි අපට ඇහෙන්නේ.(නදී)
පහන්දී Thursday, 07 August 2014 01:20 PM
ඔබ වැනි උතුම් ස්ත්‍රියන්, මුළු ලොවටම ආඩම්බරයකි!!! ඔබට චිරාත් කාලයක් ආයු ලැබේවා...! (නදී)
අජිත් Thursday, 07 August 2014 02:36 PM
බල්ලාට ප්‍රතිකාර කල එම නෝනට මා හදවතින්ම සුභ පතමි. ඔබට දීර්ගායු ලැබේවා. (නදී)
සංජය Thursday, 07 August 2014 02:46 PM
පිට රට ඉන්න මට හරි සතුටුයි ඒ මහත්මිය ගැන (නදී)