තී‍්‍රරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා තරුණයකු සිය මිතුරකු සමඟ වැලිවේරිය ප‍්‍රදේශයේ ඉන්ධන හලක් වෙත පිවිසියේය. රුපියල් 130ක ඉන්ධන රථයට ලබාගත් තරුණයා සිය මිතුරා ලබාදුන් රුපියල් 5000ක මුදල් නෝට්ටුව ඉන්ධන හලේ සේවකයාගේ අතේ තැබුවේය.
ඉතිරි මුදල් ලබාගැනීමට අමතක විය. සිය නිවෙස ආසන්නයේදී මිතුරා, රුපියල් 5000යේ ඉතිරි මුදල තරුණ තී‍්‍රරෝද රථ රියැදුරුගෙන් ඉල්ලා සිටියේ ගමනේ ගාස්තුව ලබාදීමේ අදිටනෙනි. තරුණයාට දෙවියන් සිහිවිය. ඉතිරි මුදල් ලබානොගත් බව පවසා ඔහු මිතුරාද කැටුව යළිත් ඉන්ධන හළ වෙත රථය පැදවුයේ දෙවියන් අයදමිනි. ඉන්ධන ගැසූ සේවකයා ඉතිරි මුදල දුන් බව පවසා රුපියල් 4870ක මුදල සඟවා ගැනීමට උත්සාහ කළේය.
‘‘හරි ඔයා කියනවානේ අපි 5000 නෝට්ටුවක් දුන් නෑ කියලා. හරි වැරදි කවුද කියලා බලා ගන්නා ඔයාලගේ මැනේජර්ට මම කතා කරන්නම් යැයි’’ පැවසූ තරුණයා දුරකතන ඇමතුමක්දී ඉන්ධන හලේ කළමනාකරුට මේ බව පැවසීය. දෙවරක් සිතා නොබැලූ කළමනාකරු මේ පිළිබඳව සොයා බැලීමට එවලේම ඉන්ධනහලට පැමිණියේය. කළමනාකරු සී.සී.ටී.වී. රූප රාමු ඔස්සේ සිද්ධිය නිරීක්‍ෂණය කළේය.
සේවකයා ඉතිරි මුදල නොදී සඟවා ගන්නා අයුරු පැහැදිලිවම රූප රාමුවල සටහන්ව තිබිණ. නැවත වරක් මෙවැනි වංචාවක් සිදු නොකරන ලෙසට අවවාද දී සේවකයාගේ පඩියෙන් මුදල් කපා ගන්නා බව පවසමින් කළමනාකරු ඉතිරි මුදල තරුණයාට ලබාදුන්නේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තෙල් ගහද්දී 5000 කට විද්ද සේවක සීසීටීවී කැමරාවේ
චමින්ද Tuesday, 24 November 2015 06:04 AM
හොඳ මැනේජර් කෙනෙක්. ඔහුව අගය කළ යුතුයි (ම)
පන්නිපිටියගේ Tuesday, 24 November 2015 07:40 AM
සී.සී.ටී.වී.කැමරා හරිම වටිනවා. ගේ වටේටම සී.සී.ටී.වී.කැමරා සවිකරගෙන වැරදි වැඩ කරපු කෙනෙක් පොලිසියෙන් අල්ලාගෙන ගිය අයුරු තමන්ටම පසුව බලාගන්න පුළුවන් වුනා අපේ ගෙවල් පැත්තේ (බ)
රන්ජිත් Tuesday, 24 November 2015 08:57 PM
මම ගාල්ලේ සිට කොළඹ පැමිණ බැස්සට පස්සේ මතක්වුණා ඉතුරු සල්ලි නොගත් බව. ටිකට්පතේ දුරකතන අංකයට කතාකළවිට අයිතිකරු ගාල්ලේ සිට කිවුවා බසය එවිට නවතා තිබු තැන. එතනට ගොස් ඉතුරු සල්ලි ඉල්ලුවහම කොන්දොස්තර අකමැත්තෙන් මෙන් ඉතුරු සල්ලි මට දුන්නා. (නි)
පිටිගල Wednesday, 25 November 2015 03:44 AM
අර අකමැත්තෙන් වගේ කියන කෑල්ල නොතිබුනා නම් රංජිත්ගේ කතාවත් ලස්සනයි,.(රේ)
ලතා Wednesday, 25 November 2015 11:33 AM
ඔය වගේ වැඩ කොතෙක් නම් වෙනවද, (අ)
අජිත් Wednesday, 25 November 2015 01:19 PM
කෝ මේ කට්ටිය, මට පෙන්නේ නිවාඩු ගිහින් වගේ අවුරුද්ද අන්තිමෙනේ. (ර)
සමන් Wednesday, 25 November 2015 01:38 PM
අන්න,අජිත්ට ලොකු දොස් මුරයක් වැටිලා චන්දිගේ නමින් ලියනවා කියලා පල්ලෙහා කෑල්ලේ.අම්මප,මගේ නමත් ඈදාගෙන.ඔයා මේ අවරුදු ගැන කතා කරනවා. (අ)
සුදත් Wednesday, 25 November 2015 02:55 PM
කට්ටිය පැත්තකින් තියලා,අල්ලපු වත්තට ගිහින් බැලුවොත් නරකද අජිත් මහත්තයෝ.....? බවලතියකගෙන් පැමිණිල්ලක්. (බ)
විකි Wednesday, 25 November 2015 03:44 PM
සීසීටීවී තවත් ඇසක්. (බ)
දුල්මි Wednesday, 25 November 2015 08:26 PM
දැන් ඉතින් ජීවත්වෙන්න වංචා කිරීම විලාසිතාවක් වෙලානේ. සමහරුන්ට එහෙම නොකළොත් තත්වයට හරි මදි වගේ. (නි)
උපාලි Thursday, 26 November 2015 11:11 AM
බජට් එකෙන් සීසීටීවී වලට බදු අඩු කරානම් කොච්චර වැදගත්ද? (ස)
අජිත් Thursday, 26 November 2015 01:17 PM
ඔව් සුදත්, මම දැක්කා. මම දැනුත් බලලා තමයි මෙතනට ආවේ. ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. (නි)
රිචි බාලසුරිය Thursday, 26 November 2015 02:14 PM
අපරාදේ! සති අන්තය හොඳ අවන්හලකින් මුළු පවුලම කන්න කියා සේවකයා කළ වැඩේ වැරදුණා. (නි)
චන්න බුවනක Thursday, 26 November 2015 04:21 PM
සිසිටිවී කැමරාව සහ වාහනයේ ඉදිරිපස සවිකරන කැමරාව දැන් හරිම වැදගත් වෙලා තියෙන්නේ. ඒ වුණාට කියන්න කණගාටුයි සමහර මිනිස්සු දැන් ජීවත්වෙන්න හිතන්නේ වංචාකාරී විදියට. එම නිසා තමයි කැමරා අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. (නි)