බෙල්ලෙනුත් පහළට කොණ්ඩය වවා ඇති මාතලීගේ කන් දෙකෙහිම රවුම් තෝඩු දෙකකි. කකුල්වල ඇඟිලිවල ද සුදු පැහැති මුදු දෙක තුනකි. මොහු පදවන රියද තොරණක් වැනිය. එය සැරසීමට විවිධාකාරයේ උපාංග යොදා ඇත. ඒ සියල්ල ඉවසිය හැකි වුවද රියෙන් නැඟන ඇසෙන ඝෝෂාකාරී කන්කරච්චල් සංගීතය පාරේ යන එන අයටද මහත් කරදරයකි. මහා හඬින් නිකුත් වන සංගීත රාවය හරියට සංගීත සංදර්ශනයක් පාවෙනවා වැනිය. මෙය නොරිස්සු ගමේ තරුණ පිරිසක් දිනක් මග රැක සිට රියට අත එසවූහ. කුලී ගමනක් යැයි සිතා රියැදුරු තරුණයාද එය නතර කළේ රථයේ සංගීත හඬ තවත් ටිකක් වැඩි කරමිනි. මොකක්ද මල්ලී මේ කරච්චලේ. පාරේ යන එන අයටවත් කනක් ඇහිලා ඉන්න නෑනේ. යැයි එක් තරුණයෙකු කීය. ‘‘ගණන් ගන්න එපා අයියා. ඕක ඇග නැටවෙන සංගීතයක්නේ’’ රියැදුරු තරුණයා ගණනකට නොගෙන පැවසුවේය. ‘‘මල්ලි මේක තව වැඩි කරන්න බැරිද?’’ ඒ තවත් තරුණයෙක්ගේ පැනයකි. ‘‘අපොයි පුළුවන්. ඔන්න බලන්න. දැන් මේ සද්දේ මීටර් සීයක් දුරට ඇහෙනවා.” රියැදුරු තරුණයා ගීතයේ හඬ තවත් වැඩි කරමින් ඉමහත් උජාරුවෙන් පැවසීය. ‘‘ආ දැන් ඉතිං තමුසේ මේ සංගීතෙට නටනවා නැත්නම් අපි වාහනේ අර ඇළට පෙරළනවා.” මෙසේ කී තරුණ පිරිස රියැදුරු තරුණයාට සංගීතයට අනුව නටන ලෙසට බල කර සිටියේ, එසේ නොකළ හොත් ඇඟ රිදෙන්න බේත් දෙන බවට ද තර්ජනය කරමිනි. මෙය දුටු වටපිට සෙනඟ ද එතැනට රැස් වෙද්දී රියැදුරු තරුණයා ගීතයට අනුව හොඳහැටි නටන්නට විය. බලනවා මීට පස්සේවත් අනිත් අයට කරදරයක් නැතුව පාරේ යන්න. ඔය සංගීතෙ අඩු කරලා. හොඳටම හෙම්බත් වනතුරු රියැදුරා නැටවූ තරුණ පිරිස ඔහුට යන්නට හැරියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත‍්‍රිරෝද රියේ කරච්චල් සංගීතයට තරුණයන්ගෙන් පාඩමක්
බුද්ධික Wednesday, 22 February 2012 10:41 AM
වැඩේ නම් මරු
සෙහාන් සමීර Wednesday, 22 February 2012 11:33 AM
මරු.. ඔහොම තමයි වෙන්න ඕන..
ශිරෝමි එදිරිසිංහ Wednesday, 22 February 2012 01:04 PM
නියම වැඩේ කරල තියෙන්නේ..
කෝලිත Thursday, 23 February 2012 08:26 PM
හොඳ පාඩම
chinthaka Fernando Sunday, 26 February 2012 01:32 PM
ගෙදරින් හැදෙන්නැති ඒකා රටෙන්වත් හැදෙයිනේ.