(වියලූව වාර්තාකරු)
පදමට වෙරි වී නගරයේ වෙළෙඳ සලක් අසළ තිබූ ත්‍රීරෝද රථයකට වැදී මර නින්දේ පසු වූ පුද්ගලයකු ත්‍රීරෝද රථයෙන් බස්සවා ගැනීම සඳහා අපූරු උපායක් යෙදූ තරුණ පිරිසක් පිළිබඳ වියලූවේ ප්‍රධාන නගරයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
පසුගිය දිනෙක ගම්බද ප්‍රදේශයක සිට නගරයට පැමිණි පුද්ගලයකුට නිවෙසට ඇවැසි කළමනා ද මිලදී ගෙන එම නගරයේම තිප්පොළකින් හොඳ හැටි සප්පායම් වී ඇත්තේ ඊළඟ බසයේ නැගී නිවෙසට යන්නටය.
මග යන්නට තරම්වත් පණ නැති ඔහු නංවා ගැනීම බස් රථ කීපයකින්ම ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ ඔහු වෙළෙඳ සැලක් අසල තිබූ ත්‍රීරෝද රථයකට ගොඩ වී නිදාගත්තේ වෙරි හිඳුනාම යෑමේ බලාපොරොත්තුව ඇතිවය.
එයින් දැඩි අපහසුතාවට පත් ත්‍රීරෝද රථය හිමි තරුණයා ඔහු ඉන් පිටතට ගන්නට කොතෙක් වෑයම කළ ද පලක් නොවීය.
මොහු ත්‍රීරෝද රථයෙන් බස්සවා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටි ඔහුට එහි සිටි මිතුරෙක් අපූරු යෝජනාවක් ගෙනාවේය.
එහි සිටි එක් තරුණයකු හිටි වනම උසස් පොලිස් නිලධාරියකු ලෙස කතා කරන්නට විය. ”ඒයි තමුසේ බීලා නේද? පී.සී. ගේනවා ජිප් එක පොලිසි ගෙනියන්න” පොලිස් වෙස් ගත් තරුණයා ත්‍රීරෝද රථයට මුවා වී ගුගුළේය. එතෙක් මර නින්දේ සිටි බිමත් පුද්ගලයා දෙනෙත් විවර කරමින් ආයාචනාත්මකව කියා සිටියේ ”අනේ රාලහාමි ටිකක් බිව තමා ඒත් මේකට ඉතිං පොලිසි ගෙනියන්න ඕනෑ යැ” යනුවෙනි.
”හා... හා.... එහෙනම් ඔය බඩු ටිකත් අරං ගෙදර යනවා” යළිත් පොලිස් වෙස්ගත් තරුණයා ගෝරනාඩු කළේය.
පූස් පැටියකු සේ තම බඩු මුට්ටු ටික ද රැුගත් බීමත් පුද්ගලයා බස් නැවතුම්පොළ වෙත ගමන්කළේ තමන් බේරා දුන් එහි සිටි තරුණ පිරිස දෙස කෘතඥ පූර්වක බැල්මක් ද හෙළමින්ය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ත්‍රීරෝද රියේ ‘‘ඩෝපර්’’ බිමට බස්සවන්න උප්පරවැට්ටියක්
ප්‍රියන්ත Monday, 22 December 2014 04:38 AM
ඇතුවත් බැරි නැතුවත් බැරි පොලිසිය (බ)
සරත් පර්ත් Monday, 22 December 2014 07:20 AM
දේශපාලකයින් පොලිසියට බය නැති උනාට මහජනයා ලඟ තවම බය සැක තියෙනවා. පොලිසියේ අය ඒය තේරුම්ගෙන වැඩ කළොත් හරි (නදී)
සිතුම් Monday, 22 December 2014 10:37 AM
නියම වැඩේ යාලුවනේ.(හේ)
අබේසිංහ Monday, 22 December 2014 05:22 PM
ඔලුව කියන්නේ ඕකට තමයි (නි)
අධීෂ රණසිංහ Tuesday, 23 December 2014 04:14 AM
දේශපාලකයින් පොලිසියට බය නැති උනාට මහජනයා ලඟ තවම බය සැක තියෙනවා. පොලිසියේ අය එය තේරුම්ගෙන වැඩ කළොත් හරි (නදී)
ලලිත් Tuesday, 23 December 2014 09:07 PM
පොලිසියට මොකටද බයවෙන්නේ තමන් වරදක් කරලා නැතිනම්? (නදී)
ඩබිලිව්.ජී ප්‍රේමදාස Wednesday, 24 December 2014 08:26 AM
හොඳ වැඩේ (නදී)