X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ත‍්‍රීවිල් හයර් යන්න ඇවිත් රියැදුරුගේ කනෙන් රිංගලා

එය මීටරයක් සවි කරන ලද ත‍්‍රිරෝද රථයකි. ටයි පටියක් පැළඳි තරුණ මහතෙක් හවස් වරුවේ එයට ගොඩවිය. ‘‘ඉස්සරහට යමු’’ හෙතෙම පැවසූ විට මීටරය ක‍්‍රියාත්මක කළ රියැදුරා ගමන ආරම්භ කළේය.


තම සේවා ස්ථානයට පැමිණි තරුණ මහතා, පොඞ්ඩක් ඉන්න මං ටක්ගාලා එන්නම් යැයි පැවැසීය. මීටරයේ රුපියල් හැත්තෑවක් සටහන්ව තිබිණි. මීටර් ත‍්‍රිරෝද රථයකින් පාරිභෝගිකයකු ගමණක් ගොස් නැවත පැමිණෙන තුරු නවත්වා සිටින විට පොරොත්තු ගාස්තු විනාඩියකට රුපියල් දෙකක් ගාස්තුවට එකතු වේ. පැය භාගයක් ගතවිය. තරුණයා පැමිණියේ නැත. පොරොත්තු ගාස්තු වශයෙන් රුපියල් හැටක් එකතු වී තිබිණි.


රියැදුරා අසල සිටියකු අමතා ‘‘දැන් බලන්න මහත්තයා කීවේ ටක්ගාලා එන්නම් කියලා. දැන් පැය භාගයක් ගිහිල්ලා. ‘වෙයිටින්’ වැටෙනවා තමයි. ඒ වුණාට මේ පැය බාගෙට පාරේ හිටියා නම් රුපියල් තුන්සීයකටත් වැඩියෙන් හොයලා’’ ඔහු පැවැසීය. ස්වල්ප වේලාවකින් නැවත පැමිණි තරුණයා රියැදුරාගේ පිටට තට්ටුවක් දමා, මල්ලී තව ටිකක් යැයි පවසා යළි ඇතුළට ගියේය. ‘‘මම කැමතිම නැහැ ඔය වගේ හයර් යන්න’’ රියැදුරා නෝක්කඩු ස්වරයෙන් අයකුට කීය. පැයක් ගතවිය. රුපියල් හැත්තෑවේ ගාස්තුව රුපියල් එකසිය අනූවක් බවට පත් වී තිබිණි. ‘‘එහෙනම් අපි යමු’’ තරුණ මහතා රථයට ගොඩවෙමින් පැවැසීය. ත‍්‍රිරෝද රියේ පසුපස අපූරු වදන් පෙළක් සටහන් වී තිබිණි.


‘‘යන්නෙත් නැහැ. ගියත් ඉන්නත් බැහැ, ඒත් ටක්ගාලා එන්නම් හොදේ’’


(ක‍්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුර)



අදහස් (0)

ත‍්‍රීවිල් හයර් යන්න ඇවිත් රියැදුරුගේ කනෙන් රිංගලා

චමින්ද Wednesday, 24 September 2014 08:24 PM

මම මේ පුවත සම්පුර්ණයෙන්ම කියවන්න කලින් හිතුවා, මහත්මයා " ටක් ගාලා එන්නම් " කියලා ගිහිල්ලා,ගාස්තුවත් නොදී අතුරුදහන් වෙලාම ගියා කියලා.ආපහු ආපු එක ලොකු දෙයක්. (දී)

:       0       0

අමා Wednesday, 24 September 2014 09:36 PM

අනේ අහිංසක අසරණයා! දුෂිත අයත් ඉන්නවනේ කොච්චරවත් (නි)

:       0       0

ඉන්දු Thursday, 25 September 2014 02:25 AM

මට නම් මේක හිතාගන්න බැහැ (නි)

:       0       0

ලූලා Thursday, 25 September 2014 03:19 AM

පැයට 600 නම් දවසට පැය 8ක් වැඩ කලොත් මෙයා 4800 ක් හොයනවා. මගෙ අම්මෝ මන්ත්‍රී තුමෙක්ගෙ මාසෙක වැටුප මෙයා දවස් 6න් හොයනවානේ.... (දී)

:       0       0

මහේෂ මුතුකුඩ Thursday, 25 September 2014 04:31 AM

ලූලා ඔයා හුල්ලන්න එපා අහිංසක මිනිස්සුන්ට. ඔයත් ත්‍රීවීල් එකක් ගන්න. (දී)

:       0       0

ගයාන් Thursday, 25 September 2014 04:49 AM

ඔය කොළඹ ඉන්න බහුතරයක් ත්‍රීරෝද රියදුරන් කියන්නේ අමු කපටි කට්ටියක්. කොළඹ ගැන දන්නේ නැති කෙනෙක් අවොත් සුද්ද කරලා යවන්නේ. ඔය මිනිස්සුන්ට කොච්චර සල්ලි හම්බ වුනත් ඒවා වගතුවක් නැති වෙන්නේ ඔය මිනිස්සු කරන කපටි වැඩ නිසා. රුපියල් 70 හයර් එකට රුපියල් 120-150 කඩනවා මමනම් ආසම නැති කට්ටියක් තම පිට කොටුවේ රියදුරන්ව . (දී)

:       0       0

පද්මේන් Thursday, 25 September 2014 06:07 AM

ගයාන් ගමක කෙනෙක් බව වැටහෙනවා. ත්‍රී වීල් ස්ටෑන්ඩ් වල ඉන්න අය එක්ක ගියොත් නම් ඔයවගේ වැඩ වෙනවා.හැමතැනම හොඳ සහ නරක දෙගොල්ලක් ඉන්නවා. (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 07:12 AM

ත්‍රි විලර රියදුරාට පාඩුවක් වුනේ නැහැනේ . කොහොම හරි ඇවිත් ගාස්තුව ගෙව්වනේ , ටක් ගාල වැඩක් කරන්න ගියාට ලංකාවේ කොහෙද ඒවා. හැමතැනම රස්තියාදුව , මේවා ත්‍රි විලර රියැදුර දන්නවනේ ? (දී)

:       0       0

චමින්ද Thursday, 25 September 2014 09:33 AM

ඒකනම් ඇත්ත ලකී.අපේ ලංකාවේ හැම කෙනෙක්ම, වෙලාවට වැඩ කරනවා නම් කොච්චර හොදද ?(දී)

:       0       0

නලා Friday, 26 September 2014 05:16 AM

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග (දී)

:       0       0

ටෙනිසන් Saturday, 27 September 2014 06:05 AM

සාමාන්‍යයෙන් කොටුවේ දුම්රිය ස්ථානයේ සිට රාජගිරියේ කොස්වත්ත හන්දියට මීටර් ත්‍රීරෝද රියක ගාස්තුව වැටෙන්නේ රු.250/= ට අඩුවෙන් එදා වැස්ස දවසක් මා රථයට ගොඩ වී කොස්වතට කී විට ඔහුගේ මුල් පැනය වුයේ කොයි කොස්වත්තද? මා රාජගිරිය කී විගස ඔහු රු. 650/= යි පිළිතුරු දුනි. ඇයි මීටරය වැඩ කරන්නේ නැද්දැයි මා අසු විට '' වැස්ස දවස් වලට මීටරයට දුවන්නේ නැහැ'' යි ඔහුගේ පිළිතුර විය. නීතිය හා සාදාරනය කොතනද? (දී)

:       0       0

ආකාෂ් Sunday, 12 October 2014 04:18 PM

ඒ වෙලාවේ හයර් ගියානම් වැඩි ගාණක් හොයාගෙන.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site