X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


දත ගැලවී බනිස් ගෙඩියට වැටිලා කත පරල වී රණ්ඩුවට පැටලිලා

මෙය රජරට පළාතේ ප‍්‍රධාන පෙළේ රෝහලකි. පසුගියදා රෝගියකු බැලීම සඳහා රෝහලකට පැමිණි කාන්තාවක දහවල් රෝගීන් බැලීමේ වේලාව පැමිණෙන තුරු රෝහල් ආපනශාලාවට ගොඩ වැදුනේ තේ එකක් බීමේ අදහසිනි.


එහිදී ඇයගේ ඇණවුම පරිදි ආපනශාලා සේවකයකු විසින් බනිස් ගෙඩි කිහිපයක් රැුගෙන ආවේය. කාන්තාව එයින් බනිස් ගෙඩියක් ගෙන කමින් සිටියදී බනිස් ගෙඩිය තුළින් යමක් තදට හැපෙනු දැනී එය අතට ගෙන බැලූවාය. පුදුමයකි. බනිස් ගෙඩිය තුළ තිබී ඇත්තේ දතකි. මෙහිදී ඇතිවූ තදබල පිළිකුල සහ කෝපය ඉවසාගත නොහැකි කත ආපනශාලා හිමියාට බැණ වැදුණේය. කාන්තාව කේන්තියෙන් පුපුරමින් ආපනශාලා හිමියාට ගෝරනාඩු කරද්දී ඔහු කාන්තාව ඉදිරියේ බැගෑපත් විය.


අනේ නෝනා සමාවෙන්න අපි වෙනත් කෑම ජාති මෙහේ හැදුවට පාන් බනිස් වගේ දේවල් ගේන්නේ පිටින්. ඒ නිසා මේක අපි අතෙන් වෙච්ච වරදක් නොවෙයි. යනුවෙන් ආපනශාලා හිමියා නැවත නැවතත් පින්සෙණ්ඩු වුණේය. ඉන්නවකෝ මම මේක ලේසියෙන් අරින්නේ නෑ. කියමින් රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දක්වා ප‍්‍රශ්නය ගෙන ගියාය. බනිස් ගෙඩියක් තුළින් දතක් හමුවීමේ කාරණය සුළු පටු සිද්ධියක් නොවන හෙයින් ආපනශාලා හිමියාට එරෙහිව නීති මඟින් ක‍්‍රියා කිරීමට තීරණය කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා බනිස් ගෙඩියේ තිබූ දත මිනිස් දතක් ද නැතහොත් සතකුගේ දතක් ද යන්න නිගමනය කර ගැනීම සඳහා රෝහලේ දන්ත වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකු කරා එම දත යොමු කළේය.


එය ඉඳුරාම මිනිස් දතක් බව එම දත පරීක්‍ෂා කළ දන්ත වෛද්‍යවරයා විසින් තහවුරු කළේය. එමෙන්ම බනිස් ගෙඩියේ තිබූ දත හමුවූයේ යැයි කියන කාන්තාව ද තමන් වෙත පමුණුවන ලෙස දන්ත වෛද්‍යවරයා විසින් දැනුම්දී තිබිණි. එම කාන්තාවගේ දත් ඇන්ද පරීක්‍ෂා කළ දන්ත වෛද්‍යවරයා එම දත අදාළ කාන්තාවගේ දත් ඇන්දෙන් ගැලවී ගිය දතක් බවට ද නිගමනය කර ගත්තේය. මෙම කරුණ අනාවරණය වීමෙන් පසුව කාන්තාව මහත් සේ ලැජ්ජාවට පත්වූවාය.


අහක යන මරාලයක් මගේ ඔළුවට කඩා වැටිලා තව පොඞ්ඩෙන් මාත් උසාවි යන්න වෙනවා. ඇති යන්තම් ඒකෙන් ගැලවුණා යැයි කියමින් ආපනශාලා හිමියා දත් දොස්තර මහතාට මුව නොසෑහෙන සේ ස්තූති කළේය.
(ක.ග. කරුණාරත්න - පොලොන්නරුව)



අදහස් (0)

දත ගැලවී බනිස් ගෙඩියට වැටිලා කත පරල වී රණ්ඩුවට පැටලිලා

රුවන් Tuesday, 17 February 2015 08:55 PM

දැන් කාන්තාවට විරුද්ධව නඩුවක් දැම්මා නම් හරි, හෝටල් හිමියාට වුණ අපහාසයට හා අලාබයට. (නි)

:       0       0

සරත් Tuesday, 17 February 2015 11:37 PM

මම නම් මටම නඩු දාගන්නවා වෙච්ච ලැජ්ජාවට. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 18 February 2015 12:01 AM

ඔය වාගේ වැඩ කරන්න ගියොත් අන්තිමට වෙන්නේ අනිත් දත් ටිකත් නැතිකර ගන්නයි. (නි)

:       0       0

වික්‍රම Wednesday, 18 February 2015 05:19 AM

තමන්ගේ දතක් අඩු වූ බව ඇයට නොදැනුනේ කොහොමද?(දිල්)

:       0       0

හෂාන් Wednesday, 18 February 2015 07:41 AM

සමාව ගැනීම හා සමාව දීම උතුම් ගුණාංගයකි (අ)

:       0       0

ජයා Wednesday, 18 February 2015 07:56 AM

ඒ තරම් වයස නෝනා කෙනෙක්ද මේ තමන්ගේ දත ගැලවුණා කියලා නොදැනෙන්න තරම් (දිල්)

:       0       0

ජයා Wednesday, 18 February 2015 08:08 AM

බොහොම ස්තුතියි ලංකාදීප කර්තෘ මණ්ඩලය ට ඔබ මගේ වැකිය වෙනස් කර දැමීමට. ඒ මගේ අදහස වෙනස් නොවීම ගැන. (අ)

:       0       0

අරුණ Thursday, 19 February 2015 01:04 PM

මේ දවස් වල උම්බලකඩ ලාබ හින්ද බලාගෙන කන්නේ දත් ඇන්දම ගලවයි (නදී)

:       0       0

රූපවතී Thursday, 19 February 2015 08:17 PM

මීට වසරකට පමණ පෙර මා සමග අප අවුල ගුවන්තොටුපල ආපනශාලාවකින් කෑමට දෙයක් රැගෙන අසුනක වාඩි උනා. එ්ත් සමග ඒ අසල සිටි මාම කෙනෙක්ගේ එයා බිබී හිටිය කෝපි කෝප්පයට එයාගේ දත් කුට්ටම පිටින්ම ජබුක්ගාල වැටුනා. මට තාමත් ඒක මතකයට එන විට හිනා. (නදී)

:       0       0

රූපවතී Thursday, 19 February 2015 08:16 PM

මීට වසරකට පමණ පෙර මා සමග අප අවුල ගුවන්තොටුපල ආපන ශාලාවකින් කෑමට දෙයක් රැගෙන අසුනක වාඩි උනා. එත් සමග ඒ අසල සිටි මාම කෙනෙක්ගේ එයා බිබී හිටිය කෝපි කෝප්පයට එයාගේ දත් කුට්ටම පිටින්ම ජබුක්ගාල වැටුනා. මට තාමත් ඒක මතකයට එන විට හිනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site