X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


දර ළිපෙන් බත උයා හැරිල බලද්දී ගෑස් ටැංකිය උස්සලා

නිකවැරටිය ප්‍රියානි මංගලිකා
දර ළිපෙන්  කෑම උයා පිටුපස හැරී බලන විට ගෑස් ටැංකිය අතුරුදන් වීමේ අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරාසන්න පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


මේ දිනවල පවතින ගෑස් හිඟය මෙන්ම, මිල ඉහළ යාමද හේතුවෙන්, දර ළිපේ කෑම උයන ලෙස, විශ්‍රාමික සැමියා රැකියාවැති බිරිඳට නිරන්තර උපදෙස් දෙමින් සිටියේය. 


මෙදින බිරිඳට පාන්දර නින්ද යාම හේතුවෙන් කෑම උයන්නටද නොහැකි විය. බිරිඳ කඩිමුඩියේ ලෑස්ති වී රැකියාවට පිටත්ව ගියේ ‘‘කැන්ටිමෙන් මොනවා හරි කන්නම්”‍ යැයි විශ්‍රාමික සැමියාටද කියාගෙනය.


විශ්‍රාමික සැමියාද උදෑසන ආහාරයට ළඟ කඩයෙන් බනිස් ගෙඩියක් ගෙනැවිත් කෑවේය. තම බිරිඳට දහවල් බත්පත නොමැතිවී⁣ම ගැන කනගාටුවට පත්  සැමියා දහවල් කෑම පිස රැකියාවට ගිය බිරිඳට ගෙන ගොස්  දීමට කල්පනා කළේය.


පසුව විශ්‍රාමික  සැමියා තම  ගෙවත්තේ  ඇවිද දර ටිකක්ද  සොයාගෙන  කුස්සියට  ගොස්   කෑම පිසින්නට විය. එළවලු‍ දෙකක් සහ  කරවල වෑංජනයක්ද සාදා බිරිඳට බත් පතද ඔතා, පිටුපස හැරී බලන විට  ගෑස් සහිත ටැංකියේ  බටය බිම වැටී තිබෙන අයුරුද, ගෑස් ටැංකිය අතුරුදන් වී ඇති අයුරුද  දක්නට ලැබී ඇත.


උදේ තිබුණ ගෑස් ටැංකියට සිදු වූ දෙය ගැන  සැමියාට උතුර  දකුණ මාරු විය. එය එසේ වුවද ඇගේ බත් පතද රැගෙන සැමියා  නියමිත වෙලාවට බිරිඳගේ කාර්යාලයට ගියේය. සිදුවූ දෙය ගැන  බිරිඳටද කියා සිටියේය.   තමා  මෙම සොරකම ගැන පැමිණිල්ලක් දැමීමට පොලීසියට යන බවද සැමියා බිරිඳට කීවේය.


‘‘පොලිසි යන්න එපා මහත්තයා මිනිස්සු දැන ගත්තම ලැජ්ජාවේ බෑ. දැන් ගෙදර යන්න. අපි දර ළිපේම උයමු. වැස්සකුත් එන්න වගේ  ගෙදර ගිහින් දර ටිකක් ගෙට ගන්න”‍ යැයි බිරිඳ සැමියාට කීවාය. සැමියා මහත් කණස්සල්ලෙන් ගෙදර ගියේලු‍.



අදහස් (0)

දර ළිපෙන් බත උයා හැරිල බලද්දී ගෑස් ටැංකිය උස්සලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site