(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
බාල වයස්කාර දරුවන් තිදෙනා සැමියාට දී අනියම් සැමියා සමග යතුරු පැදියේ නැගී පිටවගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ පොලිසියකින් වාර්තාවේ.
වසර දහයකට පමණ පෙර විවාහ වී ඇති යුවළකට වයස අවුරුදු අටක දියණියක සහ අවුරුදු පහක හා දෙකක පුතුන් දෙදෙනකු සිටින අතර සැමියා නිවෙසින් බැහැරව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියැලෙමින් සිටී. කාන්තාව අසල්වැසි තරුණයකු සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාව නිසා දෙදෙනා අතර විවිධ අවස්ථාවල පවුල් ආරවුල් හටගෙන ඒ පිළිබඳව පොලිසියට ලද පැමිණිලිවලට අනුව දෙදෙනාට අවවාද කර නිවෙසට පිටත්කර හැරියද බොහෝ අවස්ථාවල කාන්තාව දරුවන් නිවෙසේ තබා තම මහගෙදර ගියාය. සැමියා රැකියාවට ගිය පසු කාන්තාව අනියම් සම්බන්ධතාව දිගටම පවත්වා ගෙනයාම පිළිබඳව සැමියා කළ පැමිණිල්ලකට අනුව දෙදෙනාම පොලිසියට කැඳවා විමර්ශනයක් සිදුකළේය.
පැමිණිලි විභාගයේදී දරුවන්ගේ රැකවරණය හා අනාගතය පිළිබඳව සිතා තමා සමග පැමිණ සතුටින් නිවෙසේ සිටින ලෙස සැමියා බිරිඳගෙන් ඉල්ලා සිටියේය. කාන්තාවද එයට කැමැත්ත පළකර සිටි නිසා පොලිසිය වැඩිදුරටත් කරුණු පැහැදිලිකර දී සැමියා සමග ගොස් සතුටින් සිටින ලෙස අවවාද කළේය. පොලිසියේදී එලෙස එකඟවූ 30 හැවිරිදි කාන්තාව පොලිසියෙන් පිටතට පැමිණ සිය විසි හැවිරිදි පෙම්වතාට දුරකතන ඇමතුමක් ලබාදී ගෙන්වාගෙන ඔහුගේ යතුරු පැදියේ නැගී පිටව ගියාය. සැමියා තමන්ට මුහුණ පෑමට සිදුවූ අවාසනාවන්ත සිද්ධිය යළිත් පොලිසියට පවසා කදුළුපිරි දෙනෙතින් යුතුව සිය නිවෙසට ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දරු තිදෙනා සැමියාගේ ඇඟට දමා බ්රිය අනංගයත් එක්ක ඉගිලිලා
nanda Saturday, 04 September 2021 06:01 AM
වැඩි වයස් කාන්තාවෝ අඩු වයස් තරුණයන් සමග සම්බන්ධතා ඇතිකරගැනීමේ ප්‍රවනතාවක් තමා පෙන්නේ.
wijeSaturday, 04 September 2021 01:56 PM
පන්සලේ නායක හාමුදුරුවන්ගෙයි, සාමණේරයන්ගෙයි වයස සසඳන්න බලන්න... ලාබාලයින් කැමැතියි මෙව්වා ඉගෙන ගන්න. වැඩිහිටි අය කැමැතියි උගන්වන්න.
saman Monday, 06 September 2021 12:32 PM
මේ වගේ සිද්දි අද රට පුරා අහන්න තියෙනවා. අද කාන්තාවෝ අඩු වයස් තරුණයින් සමග අනියම් සම්බන්ධතා වැඩයි. මේ සඳහා වෙනදාට වඩා අද වැඩියි... අන්තර්ජාලය, ෆේස්බුක් වරද කාගේද? ලෝකයේ හැමදේම වෙනස් වෙලා තව මොන දේවල් අහන්න ලැබෙයිද?