කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
රෝහලට ඇතුළත් කර එක් දිනක්වත් සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත්වී ප්‍රතිකාර ලබා ඥාති නිවෙසකට ගොස් රෝහලේ දී මිය ගිය බවට දුරකතන පණිවුඩයක් මිනිපිරියක මගින් ලබා දී ඇතැයි කියන සිව් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ රෝහලකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක වයස අවුරුදු 76 වූ සිව් දරු පියකු වූ ඔහු දියණියන් දෙදෙනකුගේ නිවාසවල පදිංචිව සිටියි. බිරිය කලකට ඉහතදී මිය ගොස් ඇති අතර එක් දියණියක් මහ ගෙදර නිවසේ ද අනෙක් දියණිය ඊට ආසන්නයේ ද නිවාස තනාගෙන පදිංචිව සිටිති. අනෙක් දරුවන් සිටින්නේ පිට පළාත්වලය.
මෙම පියා දින කිහිපයක් මහගෙදර පදිංචිව සිටින දියණිය සමග ද තවත් දින කිහිපයක් ඒ අසල පදිංචිව සිටින දියණියගේ නිවෙසේ ද පදිංචිව සිට දිවි ගෙවූ ඔහු කලක සිට හැන්දෑවට මත්පැන් පානය කර පැමිණ දියණියන් දෙදෙනාට ද බෑනාවරුන් දෙදෙනාට ද දොස් නගයි. කෑම, ඇඳුම් පැළඳුම් ලබා දුන්න ද හැන්දෑවට මත්පැන් පානය කිරීමට මුදල් නොදීම හේතුවෙන් මෙලෙස තමන්ට දොස් පවරන බව එක් දියණියක් කීවාය.
ඉකුත් දිනක සිව් දරු පියාට බඩේ දැවිල්ලක් සෑදීම නිසා දියණියන් දෙදෙනා විසින් ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට බාර දී ගොස් ඇති අතර දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලැබුවත් ඔහු බැලීමට එක් දියණියක්වත් නොපැමිණියාය.
අසනීප තත්ත්වය සුවවීමෙන් පසුව රෝහලෙන් රෝගීයාට නිවසට යා හැකි බව දන්වා තිබේ. පසුව මොහු බාහිර රෝගී අංශයෙන් ද ලබා ගැනීමට දී තිබුණු ඖෂධ ටිකත් ලබාගෙන පයින්ම කිලෝමීටර් 11 පමණ ඈතින් පදිංචිව සිටින බාල සහෝදරයාගේ පිරිමි දරුවකුගේ නිවෙසකට වැස්සෙම තෙමි තෙමී ගියේය.
නිවෙසට ගිය සිව් දරු පියා මිනිපිරියක ලවා එක් දියණියකගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගන්නා ලෙසත් ගත්තාට පසුව කතා කරන්නේ රෝහලෙන් බවත් රෝගියා මිය ගිය බව දන්වන ලෙසත් දන්වා තිබේ.
පසුව මිනිපිරිය සිව් දරු පියා ලබා දී ඇතැයි කියන උපදෙස් පරිදි දුරකතන අංකයට ඇමතුමක් දී මරණය සම්බන්ධයෙන් තොරතුරු දන්වා තිබුණි.
පසුව දුරකතන ඇමතුම ලබාගත් දියණිය හඬා ගෙන අල්ලපු නිවසේ පදිංචිව සිටින සහෝදරියට දන්වා ඔවුන්ගේ රැකියාවල නිරතව සිටින සැමියන්ට ද අසල්වැසියන්ට ද දන්වා ත්‍රිරෝද රථයකින් දේහය ලබා ගැනීමේ අරමුණින් අඬ අඬා රෝහලට පැමිණ තිබේ.
එක් දියණියක මරණය පිළිබඳ රෝහලෙන් විමසා සිටියදී දන්වා ඇත්තේ එවැනි පුද්ගලයකු මිය ගොස් නොමැති බවත් වහාම රෝහල් පොලිසියට ගොස් විමසා සිටින ලෙසත්ය.
පසුව දියණියන් දෙදෙනා මහ හයියෙන් කෑ ගසාගෙන පොලිසියට පැමිණ ඇති අතර රෝහල් පොලිසියෙන් ද එවැනි පුද්ගලයකුගේ දේහයක් නොමැති බව දන්වා තිබේ.
රෝගියා මිය ගිය බවට දුරකතන ඇමතුම ලබා දී ඇතැයි කියන ජංගම දුරකතනයට දියණියක් යළි ඇමතුමක් ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළාය.
එහිදී අනාවරණය වී ඇත්තේ රෝහලට ඇතුළත් කර ගියා ගියාමයි නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවේ දී එක් දියණියක්වත් සුව දුක් බැලීමට නොපැමිණීම හේතුවෙන් කනස්සල්ලට පත් වී සිව් දරු පියාගේ උපදෙස් පරිදි ඥාති දියණියක ලවා දුරකතන ඇමතුම ලබා දී ඇති බවය.
මෙතෙක් වේලා අඬමින් සිටි දියණියෝ දෙදෙනා ඉන් පසුව කඳුළු පිස දමමින් පියා පදිංචිව සිටින නිවෙසට යාමට පිටත් වූහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දරුවන්ට පාඩමක් උගන්වන්න තාත්තා මළැයි කෝල් එකක් දීලා
fairoos Wednesday, 19 October 2022 02:18 PM
ජීවතුන් අතර ඉන්නකොට බලාගන්න බෑ... මැරුණට පස්සේ බොරු සෝබන..!