දවසක හඳුනාගැනීමකින් පසු හෝටලයක කාලය ගතකරමින් සිටි අනියම් යුවළකගෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පමක් ගත් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර හෝටලයේ ගතකර ඇත්තේ හලාවතට නුදුරු ප්‍රදේශ දෙකක විවාහක දරවන් සිටින පුරුෂයකු සහ කාන්තාවකි පොලිස් විමර්ශනවලට අනුව සහ පැමිණිලිකරු ලබාදුන් තොරතුරු වලට අනුව සිද්ධිය මෙසේය.
මෙම පුරුෂයා සහ කාන්තාව හලාවතදී අහම්බෙන් මුණ ගැසීඇත. සුළුකාලයක් ආගිය තොරතුරු කතාකරමින් සිටියදී හොඳින් දන්නා හඳුනන දෙදෙනෙකු සේ කුලුපගව වැඩිදුර තොරතුරු කතා කිරීම සඳහා දෙදෙනාගේම යෝජනා ස්ථීරත්වයෙන් හලාවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් ඇත. දෙදෙනා මෙසේ හෝටලයේ පෙමින් වෙලී සිටියදී එකවර හෝටලයට කඩාවැදුණු දෙදෙනකු මෙම පිරිමියාට මරණ තර්ජන එල්ලකර මෙම සිද්ධිය ඔහුගේ බිරිඳට දරුවන්ට සහ සමාජයට කියන බව දන්වා ඇති අතර එසේ නොකිරීමට නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බව පවසා ඇත.
ඒ අනුව අනියම් පෙම්වතා සිද්ධිය ප්‍රසිද්ධ වෙතැයි බියෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පම්කරුවන්ට ලබාදී ඇත. වහා හෝටලයෙන් එලියට පැමිණි අනියම් පෙම්වතා මෙම සිද්ධිය පිළිබඳව සමීපතමයකුට පැවසීමෙන් අනතුරුව මෙය කුමන්ත්‍රණයක් බවට සැකකර මේ පිළිබඳව පොලීසියට පැමිණිලිකර ඇත.
වහා පරීක්ෂණයක් ඇරඹු පොලිස් කණ්ඩායම මෙම දෙදෙනාත් කාන්තාවත් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා අත මුදල් ඇතිබව කාන්තාව සැලසුම් සහගත ලෙස එම පුද්ගලයන් දෙදෙනා හෝටලයට කැඳවාගන කප්පම ගෙන ඇතිබවට සැකකළ පොලීසිය මෙය ජාවාරමක් ද යන්න සොයා බැලීමටද පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනවිරත්න එදිරිසිංහ මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති අමිල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක දිල්රුක් සහ අදාසූරිය පොලිස් සැරයන් රංජිත් 29727, සුරසිංහ 21365, පොලිස් කොස්තාපල් සුසන්ත 53275, අබේසිංහ 38026, දේවප්‍රිය 17775 යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දවසක හොර මඟුලෙන් හෝටලේට රිංගුවාට ලක්ෂ 2 ක කප්පමක්