රජරට පදිංචි මැදි වයසේ කාන්තාවකි. වසර ගණනාවක් විදේශගතව සිට මුදල් උපයාගෙන මවු රටට පැමිණෙන විට ඇයගේ කල වයස ද පසුවී තිබුණි. ඉක්මනින්ම විවාහයක් කර ගන්නා අදහසින් ඇය පුවත්පතක මංගල දැන්වීම් තීරයේ දැන්වීමක් පළ කළාය. දැන්වීම පළ දරමින් දින දෙකක් යන්නට මත්තෙන් මනාලයෙක් ඈ සොයා පැමිණියේය. මනාලයා හොඳ සල්ලිකාරයෙක් වගේය. ඔහුගේ අතෙහි පවුම් හතරක් පහක් පමණ වෙතැයි සිතිය හැකි පළඳනාවකි. ගෙලෙහි බලූ දම්වැලක් තරම් මහත රන් මාලයකි. මම මේව ගත්තෙ ඊයෙ. ගෙදර ගියොත් ඔයාට මෙච්චර ලොකු රත්තරන් බඩු ඕන නෑ කියල අම්මා ගලවා ගන්නවා. මේව ඔයා ළඟ තියාගන්න” මනාලයා රන් දම්වැලත්, අත් පළඳනාවත් ගලවා කාන්තාව අත තැබුවේය. හමුවූ පළමු දිනයේදීම තමා ගැන විශ්වාසවන්තව සිතන සල්ලිකාර මනාලයකු හමුවීම ගැන ඇය ඉමහත් සතුටට පත්වූවාය. ”ඔයාගේ කර පාළුයිනෙ. මේක දාගන්න” කාන්තාව විදේශයක බැල මෙහෙවර කර ඉපයූ මුදලින් මිලට ගෙන තිබූ පවුම් හතරක රන් මාලය එක් දින මනාලයාගේ ගෙලෙහි පැළඳුවාය. මනාලයා කාන්තාවගේ නිවසින් පිටව ගියේ දිවා ආහාරය ද ගැනීමෙන් අනතුරුවය. එදින රැයේම අදාළ කාන්තාව සිය මනාලයාට දුරකතන ඇමතුමක් ලබාගත්ත ද එම අංකය භාවිතයේ නොමැති බව දැනගන්නට ලැබුණි. රන් භාණ්ඩ හොඳින් පරීක්ෂා කරන විට ඒවා ව්‍යාජ රන් භාණ්ඩ බව හෙළිවිය. අවසානයේදී මනාලයා සොයන්නට පොලිසියේ සහාය පතන්නට ඇයට සිදුවිය. ඒ විවාහ අපේක්ෂාවෙන් නොව, තමාගේ වටිනා රන් මාලය සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දැන්වීමට ආ රත්තරන් මනාලයා අල්ලන්න දැල් දාන්න වෙලා