X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


දෑවැද්ද ඩොලර්වලින් ඉල්ලලා මඟුල් ගෙදර ගාලගෝට්ටි

(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ) 
කන්ද උඩරට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙස උත්සව ශාලාවක පවත්වන ලදී. 


උඩරට ප්‍රදේශයේ පාරම්පරික පවුලක මැදිවියට ආසන්න වූ මනාලයා සඳහා පුවත්පතක පළ කරන ලද දැන්වීමකට අනුව ඔවුන් විසින් පළපුරුදු කපු මහතකු තෝරා ගන්නා ලද අතර ඒ අනුව තම පුතණුවන්ට දියණියක සොයා ගැනීමේ භාරදූර රාජකාරිය ඔහු වෙත පවරන ලදී. 


අවස්ථාවන් කිහිපයකදි දිවයිනේ නන් දෙසින් විවිධ අන්දමේ මනාලියන් පිළිබඳ යෝජනා රැසක් මෙම කපු මහතා විසින් ගෙන එන ලද අතර අවසානයේ බස්නාහිර පළාතේ තරුණියක සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට දෙපාර්ශ්වයේ එකඟතාව පළවිය.


මනාලියගේ වතගොත අනුව කලක් උඩරට ප්‍රදේශයේ පදිංචිව සිට වැඩි කලක් විදේශයක පදිංචිව සිට නැවත බස්නාහිර පළාතේ පදිංචි වූ පවුලකි. ඇයගේ රැකියාව විදේශයක පිහිටි බහුජාතික සමාගමක නිලධාරිනියක ලෙස සේවය කිරීමයි.


මනාලයාගේ පවුලේ පිරිස් උඩරට සම්ප්‍රදායික පවුලක් වූ අතර, ඔහුගේ රැකියාව වූයේ වැවිලි කර්මාන්තයට අදාළ ක්ෂේත්‍රයක කළමනාකරුවකු ලෙස කටයුතු කිරීමයි.


මංගල කටයුතු බාර කපු මහතා ඔහු විසින් සිදු කරන ලද මංගල්‍යයන් පිළිබඳ නිරන්තරයෙන් දෙපාර්ශ්වයන් වෙත පුරසාරම් දෙඩීමත් ඒ හරහා ඔහුට හිමි වූ මුදල් හා ආධාර සම්බන්ධයෙන් පැවසීමත් දෑවැදි සම්බන්ධයෙන් කතා කිරීමත් සේවය ලබාගත් දෙපාර්ශ්වයටම කාලයක් යන විට මහත් හිසරදයක් විය.


කෙසේ වෙතත් මාස කිහිපයකට පසු විවාහ මංගල දිනය පසුගියදා උදා වූ අතර උත්සවය අවසානයේදී මනාලියගේ පාර්ශ්වය විසින් මනාල මහතාට හිමි දෑවැද්දට අදළ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සිදු වීම ද චාරිත්‍රානූකූලව සිදුවිය. කෙසේ වෙතත් ටික වේලාවක් ගත වනවිට මනමාල මහතාගේ පාර්ශ්වයේ වැඩිහිටියකු කපු මහතා වෙත පැමිණ යමක් උස් හඬින් විමසන්නට විය.


“කෝ අපිට පොරොන්දු වුණු විදියට දෙනවා කීව දේවල් දීලා නෑ. අපිට සල්ලි දෙනවා කිව්වේ ඩොලර්වලින්. ඒත් දීලා තියෙන්නේ රුපියල්වලින්. මේ වගේ වංචා වැඩ කරන්න හොඳ නැහැ. අපි වැදගත් පවුල්වල උදවිය. පොරොන්දුවක් වුණානම් ඉටු කරන එක කාගේත් යුතුකමයි” යන දෙබස උත්සව ශාලාව පුරා රැව් පිළිරැව් දෙන්නට විය.


ඒ සමගම උත්සව ශාලාව පුරා කසු කුසුවක් පැතිරුණු අතර මේ දිනවල රුපියලේ බාල්දු වීමත්, ඩොලරයේ ඉහළ යාමත්, දෑවැද්ද ඩොලර්වලින් ඉල්ලීමේ සාධාරණ හා අසාධාරණ බව කාගේත් මාතෘකාව විය. 

 



අදහස් (3)

දෑවැද්ද ඩොලර්වලින් ඉල්ලලා මඟුල් ගෙදර ගාලගෝට්ටි

Farzan Thursday, 08 November 2018 05:08 AM

දෑවැද්ද ඉල්ලීම හා දීම අනුමත කරන්න බෑ

:       0       90

vidya Thursday, 08 November 2018 06:50 AM

දැවද්දටවැඩිය බුද්ධිමත් කම හොයන්න ඕනේ.

:       0       0

asoka Thursday, 22 November 2018 07:58 PM

මම හිතන්නේ ඒ මිනිසුන්ට ඕනේ ගැනියෙක් නෙමෙයි දෑවද්ද. අනේ ඒ ගොල්ලන්ගේ තියෙන්නේ නම්බුවද මහන්තත්ත කම්ද කියල ඒ අයවත් දන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site