X Advertisement
IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දුම්රියේ ගිය කතුන්ගේ ළැම අත ගෑ අනංගයා කූඩුවේ

(බදුල්ලේ පාලිත ආරියවංශ)
දුම්රියේ ගමන් කරන කාන්තාවන් ළඟ වාඩි වී බිංගෙවල් හමුවන විට කාන්තාවනගේ ළැම අතගාන අමුතු තාලයේ අනංගයකු ගැන ඇල්ල පොලිසියෙන් වාර්තා වේ.


උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හා දෙමෝදර අතර කොටසේ හමුවන බිංගෙවල්වලදී ඔහු මෙසේ හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත සිවිල් ඇඳුමින් සැරසීි සෝදිසියෙන් සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.


තනිවම දුම්රියට ගොඩවන කාන්තාවන් ගැන සෝදිසියෙන් සිට යාප්පුවෙන් ළංවී ඔහු මේ අයුරින් හැසිරෙන බවද අනාවරණය වී තිබේ.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හා සහකාර පොලිස් අධිකාරී රංජිත් කොට්ච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති එල්.ඞී.එන්. කරුණාරත්න මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 



අදහස් (0)

දුම්රියේ ගිය කතුන්ගේ ළැම අත ගෑ අනංගයා කූඩුවේ

අජිත් Wednesday, 12 November 2014 01:48 PM

ඉන්න තිබුනේ අර වාරියපොළ නංගී. (නදී)

:       0       0

වික්‍රම Friday, 14 November 2014 07:59 AM

හොද වැඩේ.ඔය වගේ අසහන කාරයින්ට ඔහොම වෙලා මදි.(හේ)

:       0       0

ලංකා Friday, 14 November 2014 06:05 AM

ඇයි කෝච්චිවල ලයිට් දාන්න බැරි? (ර)

:       0       0

උදාර Friday, 14 November 2014 04:32 AM

අත කපන්න ඕනේ (බ)

:       0       0

ජයන්ත Friday, 14 November 2014 02:12 AM

බිංගෙයක් තුළදී කිසිම දෙයක් දකින්න විදියක් නැහැනේ (නි)

:       0       0

රජිත් Thursday, 13 November 2014 02:25 PM

ගෑනු උදවිය පෙන්නං යන ඒවාට මොකද කියන්නේ (අ)

:       0       0

සිරිසේන Thursday, 13 November 2014 07:43 AM

දන්නා තරම තමයි. කූඩුවේ නොදා කොහේ යවන්නද? (නි)

:       0       0

ධනංජය Thursday, 13 November 2014 06:43 AM

කූඩුවේ නෙමෙයි දාන්න ඕනේ.(හේ)

:       0       0

චන්ද්‍රා Thursday, 13 November 2014 04:30 AM

මෙයා මේ සැකසහිත පිලිකා ගැට තියෙනවද බලන්න ඇති. (අ)

:       0       0

ෂාන් Thursday, 13 November 2014 04:04 AM

ශ්‍රියාගේ ගමන කෝච්චියෙන්ද ? (අ)

:       0       0

වාරියපොළ Wednesday, 12 November 2014 11:20 PM

මට එහෙම කළා නම් මම දන්නවා කරන දේ..... (නි)

:       0       0

ජිලාන් Wednesday, 12 November 2014 11:19 PM

අජිත්ට මම එකඟයි . ලංකාවේ දැන් ඉන්න අසහනකාරයින්ගේ හැටියට - " පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් බිමේ ... වාරියපොළ තාලයටම කාලය ගෙවමු මෙහේ " (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Wednesday, 12 November 2014 03:05 PM

වරද අතගාපු එක නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ. මැදිරිවල ලයිට් නැතිඑක. බැරිවෙලා හරි ඕක බිංගේක නතර උනොත් ඔය අනෙක් උපාසක බළලුත් හොඳට මීයෝ අල්ලාවි. (නදී)

:       0       0

බණ්ඩාර රුසියාව Wednesday, 12 November 2014 03:05 PM

වරද අතගෑ එක නොවේ. මැදිරිවල විදුලිය නැති එක. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 12 November 2014 03:05 PM

බැරිවෙලාහරි ඕක බිංගෙයක නතරවුණොත් ඔය අනෙක් උපාසක බළල්ලුන්ගේ හැටිත් හොඳට බලාගන්න තිබුණා (නි)

:       0       0

ශාන් Wednesday, 12 November 2014 02:55 PM

ඇඟිලි සළකුණු එහෙම ගත්තේ නැද්ද? (නි)

:       0       0

මස්තාන් Tuesday, 11 November 2014 09:16 PM

දුම්රියත් මොන එහෙකටද මෙච්චර බිංගෙවල් අස්සෙන් යන්නේ? (නි)

:       0       0

අජිත් Wednesday, 12 November 2014 01:47 PM

ඉතින් ඒ මනුස්සයට විවාහයක් කර ගත්ත නම් හැමදාම අතගගා ඉන්න තිබුනනේ. (නදී)

:       0       0

ඡානක දිනේෂ් Wednesday, 12 November 2014 01:32 PM

උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හා දෙමෝදර අතර කොටසේ බිංගෙවල්වල් මා දන්නා තරමින් නැත. (නදී)

:       0       0

දිමුතු Wednesday, 12 November 2014 11:33 AM

කලින් මේ දේවල් සිද්ධ වුන අවස්ථා වල අහල පහල හිටපු අහිංසක පිරිමිත් සෙරෙප්පු පාරවල් කන්න ඇති. ඇයි ඉතින් කළුවරේ කවුද කියල පේන එකක්යෑ. (ර)

:       0       0

රුවන් Wednesday, 12 November 2014 10:59 AM

දැන් සිවිල් ඇඳුමෙන් ගිහිල්ල පුද්ගලයාව අල්ලන්න තියෙන්නේ කාන්තා පොලිස් නිලධාරිනියක් ද ? (නදී)

:       0       0

මේනක Wednesday, 12 November 2014 10:49 AM

මෙහෙම බයක් සැකක් නැතිව අල්ලන්න පුළුවන් නම් ඊළඟ ඡන්දෙට ඉල්ලන්න සුදුසුයි. (නදී)

:       0       0

ශ්‍රියා Wednesday, 12 November 2014 10:34 AM

ප්‍රසිද්දියේ නොකිව්වට සමහරක් කතුන් මේවට කැමතියි (නදී)

:       0       0

බමුණු Wednesday, 12 November 2014 09:50 AM

ලබන ආත්මේ මෙයා තිසරපටක් වී උපදීවී. (ර)

:       0       0

පද්මේන් Wednesday, 12 November 2014 07:22 AM

ඇත්තටම ප්‍රවෘත්තිය කියෙව්වම මට මේ මනුස්සය ගැන ඇතිවුනේ දුකක්. ඔය මනුස්සය ඔය විදිහට තමන්ගේ ආශාවන් කරගන්න හැදුවට සමහර අය අමානුෂීය විදිහට ඔයදේම කරනවා. සමාජ විද්‍යාඥයින් තමයි මේවට උත්තර හොයන්න ඕන. (බ)

:       0       0

කුවේට් අශෝක Wednesday, 12 November 2014 05:19 AM

මොනව වුණත් අපේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනදට වඩා හොඳයි කියල හිතෙනවා (බ)

:       0       0

සරත් Tuesday, 11 November 2014 11:48 PM

මේවාට විරුද්ධත්වයක් නොපෙන්වන අයත් නැතුවාම නොවෙයි... (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 11 November 2014 11:10 PM

ඔය එක කාන්තාවකටවත් බැරි වුණාද සෙරෙප්පුව ගළවලා කම්මුල හරහා හොඳ පහරක් දෙන්න. මින් ඉදිරියට ඔය වාගේ වැඩ නොකර ඉන්න. (නි)

:       0       0

ධනුක Tuesday, 11 November 2014 09:30 PM

හොඳ වෙලාවට මිනිහා ඉන්නේ දෙමෝදර. අර තිරිහන් කරන ක්ලිනික් එක පැත්තේ වාසය කළා නම් අනේ අම්මේ! එතන අතුගාන වැඩේ හරි ඉල්ලාගෙන යයි. (නි)

:       0       0

ජෙහාන් Tuesday, 11 November 2014 09:26 PM

මේ නම් පුහුණුවෙන ටේලර් කෙනෙක් වෙන්න ඇති. පපුවේ මිම්ම ගන්න පුරුදු වෙනකොට ඒ මනුස්සයා නිරපරාදේ අහුවෙන්න ඇති. (නි)

:       0       0

ජයනි Tuesday, 11 November 2014 09:22 PM

හැබැයි ඉතින් කොහොමද දැනගත්තේ අතගෑවේ මේ අහුවුණ කෙනාමයි කියලා. බිං ගේ ඇතුළේ කළුවරේ අහළින් පහළින් හිටි වෙනත් අහිංසකයෙක්ද දන්නෙත් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site