(ගල්ගමුව - නිහාල් ජයවීර)
රුපියල් හැට දහසක් පමණ වටිනා එළ වැස්සියක සොරා ගෙන ගොස් කොණ්ඩයේ ආලේප කරන කළු පැහැති ඩයි වර්ගයක් ආලේප කොට නිවෙසක පිටුපස බැඳ තබා සිටියදී එළ වැස්සිය හා නිවෙස් හිමියා සැකපිට අත් අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය කීය.
ගිරිබාව, පහළ ගිරිබාව කුඹුරු යායේ බැඳ සිටි වයස අවුරුදු එකයි මාස දෙකක් පමණ වූ එළවැස්සිය සොරාගෙන ගොස් ඇති බවට පහළගිරිබාව පදිංචි සුනිල් චාමර නමැති අය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කළ පොලීසියට මේ ගව සොරකම අනාවරණය කර ගැනීමට හැකි තිබේ.
පැමිණිලිකරුගේ එළවැස්සියට සමාන එළ වැස්සියක ඉහළවැව, වරාවැව ප්‍රදේශයේ නිවසක පිටුපස සිටින බවද, එහෙත් තමාට අයත් එළ වැස්සිය ගුරු පැහැති එකියක බවත් යට නිවසේ පිටුපස සිටින වැස්සිය කළු පැහැති බවත් පැමිණිලිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබේ. පැමිණිලිකරුත් සමඟ පොලීසිය මෙම නිවසට ගොස් එළවැස්සිය පරික්ෂාකරන විට ඒ වැස්සිය පැමිණිලිකරුගේ පාද ලෙව කෑමට පටන්ගත් බවද පොලීසිය කීය. එළ වැස්සිය තව දුරටත් පරීක්ෂා කිරිමේදී ඇගේ ශරීරයේ කළු පැහැති ඩයි වර්ගය තවරා තිබෙන බවද, වැස්සියගේ බඩ ප්‍රදේශයේ තැන් තැන්වල ඩයි තවරා නොතිබූ බවද පොලීසිය කීය. මේ නිවෙස පිටුපස තව එළදෙනෙනුන් දෙදෙනෙකු සිටි බවත්, ඒ සතුන්ද මෙසේ සොරාගෙන පැමිණ ගස් බැද තබන්නට ඇතැයි සැකටත් ඒ දෙනුන් දෙදෙනාද නිවෙස්හිමිකරු ද අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කීය.
සැකකරු විවාහකයෙකු බවත් මෙවැනි අපරාධවලට සම්බන්ධව අධිකරණයෙන් දඩුවම් විඳි අයකු බවත් පොලීසිය කීය. නිකවැරටිය පොලිස් අධිකාරී සංජීව බන්ඩාර ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ සිදු කරති. සැකකරු ඊයේ (19) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා
abaran Monday, 19 March 2018 10:40 PM
දියවන්නාවට යන්ට හොඳ පෙර හුරුවක්....
janahitha Tuesday, 20 March 2018 03:39 AM
ගණ දෙවියන්ටත් අගරු කරන මෙහෙවූ එවුන්ට යන්න ලෝකයක් තියෙයිද මන්ද? මෙහෙමත් ලෝකයක්.
mahinda Tuesday, 20 March 2018 04:32 AM
නිසකවම මේ හොරා දේශපාලකයකු හෝ අනාගතයේ එවැන්නකුට අවශ්‍යම මූලික සුදුසු කම සපුරා ඇත. ඒ නිසාම මීලග මැතිවරණයෙන් ඔහුට ඒ අවස්තාව දෙමු.
දුෂාන් Wednesday, 21 March 2018 04:44 PM
වැඩේ නම් වැරදියි තමයි. හැබැයි අයිඩියා එක නම් සුපිරි... මේ මොළේ හොඳ වැඩකට ගත්තා නම් සමහරවිට ලෝකයම වෙනස් කරන්නත් පුළුවන් වෙයි. වෙනස් විදිහට හිතන මිනිස්සු නිසා තමයි ලෝකය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ ඉතිහාසය පුරාම....
Chandima Thursday, 22 March 2018 07:13 AM
ලෝකෙම පළමු වතාවට වෙන්න ඇති මෙහෙම දෙයක් වුනේ. දැන් ඉතින් ඔන්න බල්ලෝ පුසෝ ඩයි දාන්නත් මේ ක්‍රමේ යොදා ගනීවි.
මෙල්බර්න් Saturday, 24 March 2018 09:47 AM
ඉස්සර කාලෙක ජනප්‍රිය රේස් අශ්වයකු දියසායම් වලින් පාට කරලා ජනප්‍රිය නොවන අශ්වයකු විදිහට රේස් එකට යවලා ඔට්ටු අල්ලලා දිනපු කතාවක්... මම මෙහෙදී අහල තියෙනවා. ඒකට අදාල කෙනා ලඟදි මියගියා. වැඩේ අහුවෙල තියෙන්නේ දවසක් රේස් එක යනකොට හදිසියේ වැස්සක් වැටිලා අශ්වයා ගේ දියසායම් හේදිලා.