(තිහගොඩ උපසේන ලියනගම)
බස් මගියකුගේ දුරකථන ඇමතුම් උද්දාමයකින් ලද තට්ටුවක් නිසා දැඩි කෝපයට පත් මිත්තනියක් පිළිබඳ මේ අපූරු පුවත අසන්නට ලැබුණේ දකුණු පළාතේ පෞද්ගලික බස් රථයකිනි.
දකුණේ ප්‍රධාන නගරයක සිට ප්‍රධාන රෝහලක් දක්වා දිවෙන මේ බස් රථයෙහි කොරෝනා උවදුර නිසා වැඩි පිරිසක් සිටියේ නැත. සිය මිනිබිරියක සමඟ බසයට නැගගත් මේ මිත්තනිය තිදෙනකුට වාඩිවිය හැකි අසුනේ මිනිබිරිය සමඟ වාඩි වූ අතර කවුළුව අසල වූයේ උපැස් යුවළක් පැලඳි රැවුල්කාර තරුණයකි.
තරුණයාගේ දුරකථනයට ඇමතුමක් ලැබුණෙන් ඔහු ඊට ප්‍රතිචාර දැක්වුයේ මහ හඬින් සිනාසෙමිනි. ඔහු තම දැඩි හිතවතකු සමග කතා කරන් බව පෙනිණ. ටික වේලාවකින් ඔහු මහත්සේ සිනා සෙමින් කතා කළේ බසයේ ඉදිරිපස අසුනට මෙන්ම තම වම් පාදයට ද තට්ටුවක් දමමනි. මෙය අසල වූ මිත්තනියට මහා වදයක් වූයෙන් කීපවරක් ඔහු දෙස රවා බැලුවාය. දුරකථන ඇමතුමෙන් උද්දාමයට පත් ඔහුට තමා සිටි තැනවත් අමතක වූ බවක් පෙනුණි.
වරක් ඔහු මහත් උද්දාමයට පත්ව තට්ටුව දැම්මේ තම කකුලට නොව අසල සිටි මිත්තනියගේ කකුලටය.
දැඩි කෝපයට පත් ඇය ‘‘මොන මල ඉලව්වක්ද යකෝ’’ කියමින් නැගිට සිටි අතර කොන්දොස්තර තැන වහා පැමිණියෙන් තරුණයාගේ ඇමතුම නැවතී ජංගම දුරකථනය කලිසම් සාක්කුවට රිංගා ගියෙන් ගැටුම අවසන් වුවත් මිත්තනිය මිනිබිරියත් ඇදගෙන වෙන ආසනයකට ගියාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුරකතන ඇමතුමෙන් චූන් වූ තරුණයා ආච්චිගේ කකුලට තට්ටුදාලා