X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


දුව රට ගිහින් එවපු තෑගි මල්ල දැක මවට තරු පෙනිලා

අරාබි රටට ගිය ඥාති දියණියක් එවන ලද ත්‍යාග පාර්සලය ලබාගැනීම සඳහා ලොරියක් අරගෙන කොළඹ ගිහින් බලනවිට එවා ඇත්තේ හාල්, රට ඉඳි, සුදුලූනු බව දැනගෙන මවට දෙවියන් සිහිවූ සත්‍ය සිදුවීමක් වාර්තාවෙයි.

තම දියණිය පිටරට ගොස් වසරක් ගතවී තිබිණි. ඇය නිතර මවටත්, පියාටත් දුරකතනයෙන් කථා කළාය. මෙවර නත්තල ළඟ නිසා තමා විශාල බඩු පාර්සලයක් එවූ බවත් අදාළ ස්ථානයට ගොස් ඒ ත්‍යාග බඩු ලබාගන්නා ලෙසත් දුව මවට දැනුම් දුන්නාය.

උද්දාමයට පත් මව අසල්වැසි තරුණයන් කැඳවා තමාගේ රට සිටින දියණිය එවන ලද ත්‍යාග හා බඩු ගෙන ඒමට ලොරියක් අවශ්‍ය බව පැවැසුවාය. නියමිත ලිපිය හා අවශ්‍ය ලියකියවිලි රැුගෙන පියත් මවත් අසල්වැසියනුත් සමග එම බඩු ලබාගන්නා ආයතනය වෙත ගියේ සතුටිනි.

ආයතනයෙන් ලබාදුන් බඩු කිලෝ ගණනාවක පෙට්ටි 3x4ක් දැකීමෙන් සතුටට පත් තරුණ පිරිස ”බරටම තෑගි එවලා” පවසමින් ලොරි රථයට පටවන්නට වූහ. ”මහත්තයලා දුර ඉඳලද.

බඩු පෙට්ටි දෙකක්ම නරක්වෙලා වගේ හරිම දුගඳයි” පාර්සල් භාරදුන් ආයතනයේ නිලධාරියා පැවැසීය. මවුපියන්ගේ ඉල්ලීම මත තරුණ පිරිස ද ගමන අතරමගදී පෙට්ටි දිගහැර පරීක්ෂා කළහ. නරක් වී කළු වී ගිය සුදුලූනු, රටඉඳි සහ කීරි සම්බා එහි විය. ලොරි ගාස්තුවම 10,000ක්. මවට දෙවියන් සිහි විය.



අදහස් (0)

දුව රට ගිහින් එවපු තෑගි මල්ල දැක මවට තරු පෙනිලා

දුල්මි Friday, 18 December 2015 11:35 PM

මවුපියන් බලු කූඩු වලට දමන දරුවන් ඉන්න රටේ මේ ගුණවත් දියණියගේ තෑගි බොහෝ වටිනවා (නි)

:       0       0

මනෝජ් Monday, 21 December 2015 01:51 AM

විදේශගත, විශේෂයෙන්ම මැදපෙරදිග ඉන්න අය තමන්ගේ පවුල්වලට මෙවැනි දේවල් යවන එක සාමාන්‍යයි. තමන්ට ලැබෙන තත්වයෙන් උසස් දේවල් තමන්ගේ මව්පියන්ටත් දෙන එක කොතරම් හොඳද? ඒකට අපහාස කරන්න එපා. (නි)

:       0       0

විජේසුන්දර Monday, 21 December 2015 01:38 AM

මමත් ඉන්ද්‍රජිත් සමඟ එකඟයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 20 December 2015 08:14 PM

අහිංසක ගැමි පවුලකට සිදු වූ අකරතැබ්බයක්. (නි)

:       0       0

ශාන්ත Sunday, 20 December 2015 05:45 PM

රට යන හැමදෙනාම උගත් පොහොසත් අය නොවෙයිනේ (නි)

:       0       0

ඉන්ද්‍රජිත් කුවේට් Sunday, 20 December 2015 08:50 AM

මෙතන වරද කරලා තියෙන්නේ පාර්සල් ගන්න ගිය කාර්ගෝ එකේ කට්ටිය ...මමත් වැඩ කරන්නේ කාර්ගෝ එකක .....අපිටත් ඔය වගේ වැඩ ඕනෑතරම් වෙනවා .....මැදපෙරදිග ඉන්න සියලු දෙනා උගත්තු නෙවේ ....මෙහෙම දේවල් වෙනවා ...ඒවා එතරම් ගණන් ගන්න ඕන දේවල් නෙවේ (බ)

:       0       0

චන්දි Sunday, 20 December 2015 05:36 AM

ඉතින් ඔය දේවල් කවුරුත් එවනවනේ හැබැයි සුදුලුනු වගේ දේවල් නම් නැහැ මම අපේ අම්මට ගිනිපෙට්ටි,ඉටි පන්දම් වැනි දේ වගේම හාල් සිනි කඩල පරිප්පු එනසාල් තෑගිත් එක්ක යවන්නේ අම්මට හරි සතුටුයි ගිනිකුර ගහපු ගමන් පත්තු වෙනවා කියල අපිට නම් ඒ ගැන ලජ්ජා වෙන්න ඕන නැහැ මේ දියණිය ගැන සතුටු වෙන්න ඕනේ මිසක් අපහාසයට පත් කරන්න හොද නැහැ මේ මට හිතුන දේ (බ)

:       0       0

රුවන් Saturday, 19 December 2015 10:20 AM

මොකක්ද ඒකේ ඇති වැරැද්ද? ලංකාවේ කඩවලට වැඩිය රට මේවා ලාබ නිසා එවන්න ඇති (නි)

:       0       0

සවිඳු Saturday, 19 December 2015 12:38 AM

අපිට තේරෙන්නෙ නැහැ ලංකාවේ ඉන්න අයට සල්ලි තරම් මේ දේවල් නොවටින්නේ ඇයි කියලා (නි)

:       0       0

අබරන් Friday, 18 December 2015 05:36 AM

මම හිතන්නේ රට කියල ගිහින් තියෙන්නේ " රජ රට " නැත්නම් " මතුරට " වෙන්ට ඕන. (ම)

:       0       0

විජේසුන්දර Friday, 18 December 2015 11:40 PM

නරක්නොවී තිබුණා නම් වටිනාකම කියලා නිමකරන්න බැහැ (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 18 December 2015 06:33 PM

රටින් එවපු බඩු වලටත් වෙලා තියෙනේ අයවැයට වුණදේමයි. (නි)

:       0       0

රාධා Friday, 18 December 2015 04:08 PM

රට ඉඳලා මුදල් ටිකක් බැංකුවට 'සුරුස්' ගාලා එව්වනම් ඉවරයිනේ. අපිට එස් එම් එස් එකකින් බැංකුවෙන් දන්වනවානේ ගෙදරටම. අවශ්‍ය බඩු ටික කඩෙන් ගන්නත් පුළුවන්නේ (නි)

:       0       0

මහනුවර - නුවන් Friday, 18 December 2015 12:55 PM

ගම්බද ප්‍රදේශවල ඉන්නා දෙමාපියන්ට චොකලට්, රසකැවිලි වර්ග, ස්වීට් වර්ග වැනි විච්චූර්ණ කෑම වලට වඩා ඇත්තටම වටින්නේ මේ සහෝදරිය එවපු කෑම වර්ග තමයි. නරක් නොවී තිබුනා නම් මේ තෑග්ගේ වටිනාකම ඉතාම ඉහළයි. අනික මැදපෙරදිග රටවලින් එවන කෑම වර්ග ලංකාවේ කෑම වලට වඩා ප්‍රමිතියෙන් ඉතාම ඉහළයි. එහෙම කෑම හැමෝටම ලැබෙන්න‍ේ නැහැ. මේ සහෝදරිය තමන්ගේ දෙමාපියන්ට දුන් තෑග්ග අපි අගය කරමු. (නි)

:       0       0

සොපී Friday, 18 December 2015 12:17 PM

ඔව් ඉතින් ආහාර වර්ග එවන එකේ කිසි වරදක් නැහැ .මෙහෙ දැන් බඩුත් මිල වැඩියිනේ .. (නි)

:       0       0

නාලක Friday, 18 December 2015 09:37 AM

දෙහි ටිකක් මිරිස් කරල් ටිකක් එවල තිබ්බ නම් ඔව්ව කියන්නේ නැහැ (බ)

:       0       0

චන්න බුවනක Friday, 18 December 2015 08:47 AM

විදේශ වල ඉන්න අපි ලංකාවට යවන පෙට්ටි වල යවන්නේ හාල්, සබන්. කිරිපිටි, සබන් කුඩු, සීනි, ආහාරයට් ගන්න තෙල් වර්ග,රට ඉඳි, වගේ දේවල් මේක විශේෂ දෙයක් නෙවෙයි.(ම)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 December 2015 07:00 AM

මොනවා වුණත් දිරිය දියණියක් , අම්මාගේ තාත්තගේ කුසගින්න ගැන හිතල වෙන්න ඇති කෑම ජාති එවලා තියෙන්නේ ! අනික ඉතින් අපේ රටේ ගුදම් වල මාස ගණන් ප්‍රමාද වෙනවනේ පිට රට ඉන්දල එවන බඩු, (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site