X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


දුව රටින් එවූ බීම පැකට්ටුව දුම් කබලට දාලා

විදේශ රටක සිට තම ලොකු දුව එවූ බීම කුඩු පැකට්ටුවක් සුවඳ දුම් කුඩු යැයි සිතා ගිනි කබලක දමා දුම් ගැසු පියකු පිළිබඳව අපූරු පුවතක් තංගල්ලට නුදුරු ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි.

අගනුවර ප‍්‍රධාන පෙළේ ආයතනයක සේවය කළ මෙම දියණිය විදේශ රටක සේවය කරන නිලධාරියෙකු හා මිතුරුවී විවාහයෙන් පසු එතෙර පදිංචියට ගියාය.
එහි ගිය පසු පවුලේ අයට විවිධ දේ පාර්සල්කොට එවූ ඇය පසුගියදා විවිධ වර්ගයේ කුඩා බීම සහ විලවුන් වර්ග එවා තිබිණි. ඒවා අතර සුවඳ කුඩු පාර්සලයක්ද විය.

එහි වූ උපදෙස් කියවා ගත නොහැකිවූ පියා පිටත තිබූ ඡුායාරූප ඇසුරින් මෙය නිවාසවල අපල දුරු කිරීමට ගන්නා සුවඳ කුඩු බව හඳුනාගෙන ගිනි කබලට දමා නිවෙස දුම් ගැස්සුවේය.
දියණිය ගෙදරට කතා කළ දිනෙක මේ ගැන කීවිට දුව පැවසුවේ මෙය රසවත් බීමක් සඳහා වු කුඩු වර්ගයක් බවය. එහෙත් මෙය නොපිළිගත් පියා ඒවායේ දුම් ඇල්ලීමෙන් නිවසේ සියලූ අපල උපද්‍රව නැතිවී ගිය බව දුවට කීවාලූ.



අදහස් (0)

දුව රටින් එවූ බීම පැකට්ටුව දුම් කබලට දාලා

දයා අළහකෝන් Thursday, 03 April 2014 06:22 PM

එක තාත්තා කෙනෙක් තමන්ගේ රට ඉන්න දුවට ලිපියක් යවලා කියලා තිබුණලු, 'සිංහලෙන් කතා කරන රේඩියෝ එකක් මිසක් ඔය දෙමළෙන්,ඉංග්‍රීසියෙන් කතාකරන ඒවා එපා කියලා' (නි)

:       0       0

චන්දි Sunday, 06 April 2014 08:30 PM

අනේ මේ කව්ද මගේ නමින් ලියන්නේ? මං ගොඩක් ආදරෙන් කියන්නේ, අර සමදරාට කළ දේ මට කරන්න එපා. (නි)

:       0       0

චන්දි Sunday, 06 April 2014 02:30 PM

මොකක්ද හිල්මි ඉන්දියන් හමුදාව අපේ රටට ආවේ. කවද්ද සුනාමි වලට ද (ස)

:       0       0

හෙමන්ත ප්‍රදිප් Saturday, 05 April 2014 10:08 PM

එම තාත්ත අන්ධ මත විශ්වාසකරන කෙනෙක්දද (දී)

:       0       0

ඉන්දික ගම්පහ Saturday, 05 April 2014 02:02 PM

මටනම් ඒ පියා ගැන ආඩම්බරයි . ඔහු මව සොයාගැනීමක් කරලා තියන්නේ. ඔය විස සහිත රට කිරි පිටි වඩාත්ම සුදුසු වන්නේ අපල දුරුකරගැනීමට දුම් ඇල්ලීමටයි. මෙය නවතම සොයා ගැනීමක්. ඔහු එය තහවුරු කරලත් තියෙනවා. ඉතින් අපි හැමෝම ඒ පියාට සුභ පතමු . (දී)

:       0       0

අසාලි Friday, 04 April 2014 05:00 PM

මට නම් තාත්තා ගැන දුක හිතුණා (නි)

:       0       0

අසෝකා Friday, 04 April 2014 04:03 PM

අනේ සුලොච්, මට නම් ඔය ගැන හරිම දුකයි. මොකද ඔය වගේ නුවණක්කාරයෙක් මේ ලංකාවේ ඉපදුන නිසා. පව්!!!! (නි)

:       0       0

සමන්ති Friday, 04 April 2014 06:30 AM

මේ වගේ දුලා හදපු එකේ වැරැද්ද තාත්තගේ නේද? මොනවාහරි දෙනකොට විස්තර කරලා එවන්න තිබුනානේ (නි)

:       0       0

දුමින්ද Friday, 04 April 2014 06:15 AM

කෘතිම පාන වර්ග අැඟට අගුණයි. (නි)

:       0       0

සීලා Friday, 04 April 2014 02:10 AM

පියාට තව ටිකක් කල්පනා කරන්න තිබුණනේ (නි)

:       0       0

හිල්මි Friday, 04 April 2014 01:28 AM

ඔය ඉන්දියන් හමුදාව අපේ රටේ ඉන්න කාලේ බිත්තර ෂැම්පු බීපු කතාව ඔයාලට මතක නැද්ද? (නි)

:       0       0

සුජානි Thursday, 03 April 2014 08:02 PM

නිකන් විකාර කියවන්න එපා. අපේ වයසක දෙමාපියන් රට වැඩ දන්නේ නැහැ. ඒක නිසා දෙමාපියන්ට වරදිනවා.එයාලට ගරහන්න එපා. පව්. (නි)

:       0       0

සුලෝච් Thursday, 03 April 2014 07:01 PM

සිංහල අයගේ තිබෙන නුවණක්කාරකම තමයි මේවායින් මොනවට පැහැදිලි වෙන්නේ. (නි)

:       0       0

ලෝචන Thursday, 03 April 2014 07:01 PM

අපි මේ වගේ දේවල් වලට හිනාවෙන්න නරකයි. (නි)

:       0       0

චන්දි Thursday, 03 April 2014 10:44 AM

ඔය නම් කිව්වේ අපේ මාමණ්ඩිය ගැන වගේ කතාවක්. අපේ මාමණ්ඩි ජීවිතේටම බටර් හෙවත් මාගරින් දැකල තිබුණ් නැහැ .මගේ නෑනා ගෙනාපු බටර් කෑල්ල සබන් කියල හිතාගෙන සරමක් හෝදලා තිබුණා. අදටත් ඒ ගැන මතක් වෙලා අපි හිනා වෙනවා. (ස)

:       0       0

අසෝකා Thursday, 03 April 2014 05:49 PM

මෙතන මට නම් පෙනෙන්නේ පියාගේ නොදැනුවත්කමට වඩා, ඉගෙනගත්ත දුවගේ නොදැනුවත්කමයි. අපිට වඩා හොඳින් දෙමවුපියන් ගැන දන්නේ එයානේ. ඉතින් එයාට හිතාගන්න බැරි වුණාද කියවගන්න බැරි දෙයක් යැව්වම තාත්තට ඒක තේරුම් ගන්න බැරිවෙයි කියලා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 03 April 2014 04:43 PM

මටත් මේ තාත්තා ගැන දුකක් තමා හිතෙන්නේ.හැබැයි මුලු ගෙදරම පළතුරු සුවඳ ඇති. ඒකත් නරක නෑ. පුංචි වෙනසකට වගේ. (ස)

:       0       0

චමින්ද Thursday, 03 April 2014 04:26 PM

අම්බලන්ගොඩ ඉන්දු සමග මම එකඟ වෙනවා. මේ දේවල් බොනවට වඩා දුම් ඇල්ලීමට ගත්ත එක හොඳයි. (ස)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Thursday, 03 April 2014 03:18 PM

කොහොම නමුත් හොඳ දෙයක් වෙලා තියෙනවා​. මෙය පානය කළා නම් අපල වැඩි වෙනවා​. (ස)

:       0       0

පිටිගල Thursday, 03 April 2014 02:16 PM

බොරුවක් ඇත්ත වගේ ලියන්න පුළුවන් කමත් දක්ෂ කමක් නෙවෙයිද ආයිබෝවන්? (ස)

:       0       0

ගන්දර සයිමන් Thursday, 03 April 2014 02:02 PM

මේකට මෙම මනුස්සයට හිනා වෙලා, මෝඩයා කියල වැඩක් නැහැ. රට ගිහින් පියාට එවන්න තිබුණේ පියා දන්නා දෙයක්. අඩුම ගානේ අතිවිශේෂ දෙයක්. (ස)

:       0       0

චන්දි Thursday, 03 April 2014 01:56 PM

එහෙනම් මම බොරුනේ කියන්නේ. මම නොලිය ඉන්නම් වැඩේ හරිනේ. බෙන්තර ගඟෙන් එහා ඉපදුන අය වැදගත් මිනිස්සු. අපි බොරු කියල ඔයාලගෙන් සල්ලි ගන්නද ? (ස)

:       0       0

රන්ජනී Thursday, 03 April 2014 01:10 PM

අනේ මට නම් දුක හිතුනා මේ තාත්තා ගැන (නි)

:       0       0

සරත් Thursday, 03 April 2014 11:58 AM

මට නම් ඒ කතාවේ තිබෙන දේ ටිකක් සංවේදියි. අපි මොනවා කිවුවත් කළත් අපේ තත්ත්වයත් ඕකම තමයි. ඒ පියා දුව රට යවන්න උගන්වන්න කෙතරම් වෙහෙසක් ගන්න ඇද්ද? (නි)

:       0       0

රුවන් Thursday, 03 April 2014 11:37 AM

චන්දි, හැමදාම මොකක් හරි බොරුවක් ලියනවා. (ස)

:       0       0

සජී Thursday, 03 April 2014 11:31 AM

අම්මෝ! මේ චන්දි අක්කා බොරු හද හදා කියනවා. පොල් ප්‍රශ්නයකට මහත්තයා අල්ල ගත්තා. දැන් මාමණ්ඩි අල්ලගෙන (නි)

:       0       0

වරුණ Thursday, 03 April 2014 11:26 AM

බෙන්තර ගඟෙන් එහා පැත්තෙ මේවා අරුම පුදුම දේවල් නෙමෙයි.(නදී)

:       0       0

හර්ෂිනී Thursday, 03 April 2014 11:26 AM

චන්දි, බොරු නොකිය ඉන්න. මේක වෙලා තියෙන්නේ ඔයාටනේ . ඔයාගේ නෑනා මට කිව්වා. ඔයාගේ නම් හැඳි මිටේ මොලේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site