X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


දුවට නම දාන්න අම්මයි තාත්තයි කුසපත් ඇදලා

අලූත උපන් තම කුළුඳුල් දියණියට නමක් තැබීමට ගිය පියකුට මව්පිය දෙපාර්ශවයේ තරගය නිසා නම් අතරින් එකක් තෝරා ගැනීමට කුසපත් ඇදීමට සිදුවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අන්නාසිවලට වඩාත් ප‍්‍රකට ප‍්‍රදේශයකිනි.

මෙම කුළුඳුල් දියණිය ලැබීම නිසා පිය පාර්ශවයේ අයට මෙන්ම මව් පාර්ශවයේ අයට ද තිබුණේ විශාල සතුටකි.

ඇයගේ නමට හිමි අක්‍ෂර මාලාව දැනගත් පසු මේ දෙපාර්ශවයම තරගයට මෙන් නම් සෙවීමට පටන් ගත් අතර ඒ ඒ පාර්ශව සෙවූ නම් වඩාත් සුදුසු බව එකිනෙකා කීම නිසා කුළුදුල් දරුවාගේ පියාට උචිත නමක් තැබීම ගැටලූවක් විය. කාගේත් ඉල්ලීම ඉටු කළ යුතු නිසා දෙපිරිසේම නාම ලේඛන තුණ්ඩුවල ලියූ ඔහු කුසපත් ඇදීමකින් දරුවාට නම් තැබීමට එකඟතාව ගත්තේය. පිය පාර්ශවයේ නමක් තේරුණි.

දරුවාට ඒ නම තැබුවත් දැන් මේ පිළිබඳව මව් පාර්ශවය කුණු කුණු ගානවාලූ.



අදහස් (0)

දුවට නම දාන්න අම්මයි තාත්තයි කුසපත් ඇදලා

චන්දි Sunday, 15 November 2015 10:21 PM

දනුක සහෝදරයා පොඩ්ඩක් ඉවසීමෙන් අහන්න. මට අයියලත් නැහැ, අක්කලත් නැහැ, එහෙම දෙයක් ලිවුවෙත් නැහැ. (නි)

:       0       0

රූපවතී Saturday, 14 November 2015 03:26 PM

මට රූපවතී කියලා නම දැම්මට ගෙදර අය මට වසර 16 විතර වෙනකම් කතා කළේ මද්දුමී කියලයි (බ)

:       0       0

දනුක Saturday, 14 November 2015 04:41 PM

රුපවති දන්නා කෙහෙල්මල ඕව කියන්න ඔයාගේ ගමේ අයට (බ)

:       0       0

කමල් Saturday, 14 November 2015 05:00 PM

දැන් ඉතින් අළුත් ක්‍රමනේ තියෙන්නේ (නි)

:       0       0

රේමන් Saturday, 14 November 2015 08:54 PM

ඉනෝකා,ඔබ හරි. මගේ නෝනාට ගෙදර අය කතාකරන්නේ නෝනා කියලයි. උප්පැන්නේ තිබෙන නම් වලට වඩා මේ නම් අපේ ඇඟට කාවැදිලයි තිබෙන්නේ (නි)

:       0       0

කසුන් Saturday, 14 November 2015 11:54 PM

තව ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්දි Sunday, 15 November 2015 04:57 AM

මගේ අයියාගේ පුතා බැඳ ඉන්නේ විදේශිකයෙක් සුද්දෙක්, එත් පුතාට නම දැම්මේ ධම්ම කියලා (ම)

:       0       0

අජිත් Sunday, 15 November 2015 12:25 PM

චන්දිගේ පුතා සුද්දෙක් බැඳලා පුතෙක් හම්බවෙලා. අනේ මන්ද (බ)

:       0       0

අමල් Sunday, 15 November 2015 12:51 PM

ගොඩක් කාලෙකින් හිනා උනා. (ර)

:       0       0

දනුක Sunday, 15 November 2015 03:01 PM

චන්දි ඔයාගේ අයියාගේ පුතා විවාහ වෙලා ඉන්නේ සුද්දෙක් එක්කද සුද්දියෙක් එක්කද අනේ පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද සුදු නෝනේ (බ)

:       0       0

ප්‍රේම් Sunday, 15 November 2015 03:35 PM

දැන් කව්ද චන්දිගේ අය්යාගේ පුතාගේ නම ඇහුවේ? (අ)

:       0       0

රුවන් Sunday, 15 November 2015 09:29 PM

මෙතන 'ලොකුතැන' වෙන්න වලිකන සමහර බවලත්තු දැක්කහම අපිට අපේ ළමයින්ට දාපු නම් අමතකවෙන තරමට හිනායනවා. (නි)

:       0       0

රවි බණ්ඩාර Sunday, 15 November 2015 09:58 PM

ඔය ගැටළුව බකිංහැම් මාළිගාවටත් තියෙනවා. ඒකනෙ අළුත ඉපදුන කුමාරිකාවට ආච්චිගෙයි අම්මාගෙයි තාත්තාගෙ නම් එකතු කරලා නම දැම්මේ. හොදම ක්‍රමය නම් පාර්ශ්ව පැත්තකට දාලා අම්මයි තාත්තයි කැමති නම දරුවට තියන එක (නි)

:       0       0

චන්දි Saturday, 14 November 2015 02:53 PM

රුපවතියේ ස්තුතියි මාව හිනැස්සුවට හොදේ.., එල එල (බ)

:       0       0

චන්දි Sunday, 15 November 2015 10:25 PM

මෙහෙමත් පිස්සු වැඩ! (නි)

:       0       0

සරත් Sunday, 15 November 2015 11:13 PM

චන්දි අක්කේ, පොඩ්ඩක් පැටලුනාද මන්දා... (නි)

:       0       0

මෙල්වින් Monday, 16 November 2015 12:34 AM

දකුණු පළාතේ,පවුලේ ළමයින්ට කතාකරන්නේ ලොකු මහත්තයා, සුදු නෝනා, රන් මහත්තයා, පුංචි නෝනා, මද්දුමී නෝනා ආදී වශයෙන්. මම අදත් කල්පනා කරන්නේ මගේ නෝනාට සුදු නෝනා කියලා කතා කරන්න එයාගේ ගෙදර කට්ටියට හිතුනේ මොකද කියලා. (නි)

:       0       0

චන්දි Monday, 16 November 2015 05:54 AM

හරි හරි ඕගොල්ලන්ට පොඩ්ඩක් වරදින්නේ නැහැනේ (බැන්දේ සුද්දීයෙක්ව) (බ)

:       0       0

චන්දි Monday, 16 November 2015 05:58 AM

සරත් මල්ලියෝ.., මට නෙවෙයි අනේ පැටලුනේ.., අනුන්ගේ නමින් ලියන කෙනාට (බ)

:       0       0

නලින් Monday, 16 November 2015 06:44 AM

සමහර කට්ටිය මෙතන ලොකු එක්කෙනා වෙන්න වලි කන හැටි දැක්කාම අපේ ළමයින්ට දාපු නමුත් අමතක වෙන්න හිනා යනවා. (බ)

:       0       0

සෙන්ජී Monday, 16 November 2015 09:01 AM

චීනයේ, තැපැල් ඇමති - ලියුන් කියුන් ආහාර ඇමති - ඉවුන් පිහුං ආරක්ෂක ඇමති - දඩින් බිඩින් මුදල් ඇමති - සලන් බලන් (ම)

:       0       0

වගගේ Monday, 16 November 2015 02:04 PM

ඇත්ත තමයි දැන් ළමයින්ට නම් දාන්න ගියාම පුදුම කලබලයක් තියෙන්නේ අම්මයි තාත්තයි දෙන්න විතරක් නෙවෙයි වෙන අයත් නම් ලියලා දෙනවනේ ඉතින් මොකක් කියලා දාන්නද. (ර)

:       0       0

චානා Monday, 16 November 2015 03:18 PM

සෙන්ජීගේ, කතාවට හිනා ගියා. (ර)

:       0       0

ජනක Friday, 20 November 2015 04:27 AM

මටත් සෙන්ජි ගේ කතාවට හිනා ගියා. (ස)

:       0       0

කපිල Tuesday, 24 November 2015 01:39 PM

මෙන්න නියම දෙමාපියෝ! (නි)

:       0       0

ටි. කේ. චෙමිල් Friday, 13 November 2015 06:13 PM

රූපවතී ඉතින් තමන්ගේ ළමයින්ටත් චීන නමක් දාගෙන ඇති. ලංකාවේ ඒවාට වැඩිය පිටරට දේවල් වලටනේ ඉතින් වැඩි කැමැත්ත. (නි)

:       0       0

සුමුදු Friday, 13 November 2015 08:08 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

වීරකෝන් Friday, 13 November 2015 08:29 AM

ඒකවත් අපේ මිනිස්සුන්ට කතාබහ කරලා සහයෝගයෙන් කරගන්න බැරි හැටි? (නි)

:       0       0

අමල් Friday, 13 November 2015 08:29 AM

අනේ හැබෑට මෙහෙමත් දෙමවුපියෝ? (නි)

:       0       0

ගගන Friday, 13 November 2015 08:30 AM

හොඳටම හිනාගියා මට නම් (නි)

:       0       0

දිනෙත් Friday, 13 November 2015 08:35 AM

දෙපැත්තෙන්ම මුල් නම් දෙකක් දුන්නනම් ඉවරනේ...(ස)

:       0       0

රුවනි Friday, 13 November 2015 11:01 AM

අපි නම් ළමයාට අපිට ඕන නම් දැම්මා . දෙපාර්ශවයේම කාටවත් ඇඟිලි ගහන්න ඉඩ තිබ්බේ නැහැ . (ස)

:       0       0

රූපවතී Friday, 13 November 2015 11:20 AM

හරි එහෙනම් කියන්න චීනේ දෙමව්පියෝ දරුවෙකු ලැබුනාම ඒ ළමයට නමතියන්නේ කොහොමද කියල ..? දන්නේ නැතිනම් මම පස්සේ ලියන්නම් ..දැන් වැඩට යන්න ඕනේ වෙලාව හරි ..! (ස)

:       0       0

සසිරි Friday, 13 November 2015 11:50 AM

තමන්ගේ ළමයාට තමන් කැමති නමක් දමන්න බැරි නම් වැඩක් තියද ? අපිටත් මේ වගේම ප්‍රශ්නයක් ඇවිත් අපි මුලින්ම කිව්වා ඒ ගැන අපි කලින්ම තීරණය කල වග . මුනවල් කළු වුණා . එත් කරන්න දෙයක් නැහැ .(අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 November 2015 02:00 PM

රුපොවති , චිනේ ළමයකුට නම තියන්නේ , ඉපදුනගමන් ළමය අඬන හඬට කන් දීල (අ)

:       0       0

සරත් Friday, 13 November 2015 03:18 PM

බිදෙන දෙයක් බිම දානවා. සද්දේ තම චීන දරුවාගේ නම. (අ)

:       0       0

උපුල් Friday, 13 November 2015 04:19 PM

ලංකාවේ නේ දැන් නමේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ.චීනේ නම් මොන කෙහෙල් මලකටද? රුපවතීට නට් බුරුල් වුණා කියලා අපේ කට්ටියකටත් ඇන ගිලිලා වාගේයි. (අ)

:       0       0

ඉසුරු Friday, 13 November 2015 07:02 AM

ඉතින් අපිට මොනවද කියන්නේ? (ස)

:       0       0

රූපවතී Friday, 13 November 2015 08:06 PM

උපුල්, අපි ජාත්‍යන්තර වශයෙනුත් දැනුවත්වෙන්න ඕනෑ. (නි)

:       0       0

රූපවතී Friday, 13 November 2015 08:18 PM

චීනයේ දරුවෙකුට නම දමන්නේ දෙපාර්ශවයේම වැඩිහිටියෝ. පාරම්පරිකව නිවසේ ඇති විශාල පිඟානකට මුරිච්චියක් වැනි ඇණයක් හිමිහිට අතහරිනවා. එය වැටෙන සද්දය අනුව රෝල්වීගෙන යන සියුම් ශබ්දයට ගැළපෙන ...( චින්, චෑන්, චුන්,චන්,ෂින් ,ෂුවෑන්,ෂු ,චී ,චූ ) අක්ෂරය ගෙන ඔය මම කියපු ලෙසටයි නම දාන්නේ. බලන්න අපිත් එහෙම දෙයක්නේ කරන්න ඕනෑ. (නි)

:       0       0

ජෙහාන් Saturday, 14 November 2015 01:57 AM

අපිට ඉතින් ඊටවඩා හොඳයි, පමණට වැඩිය කියවන බවලතියකගේ කටට ඇහුන්කන් දීලා එයින් නිකුත් වෙන ශබ්දයක් තෝරාගත්තා නම්. අපේ පාඨක සභාවෙන්ම සමහරවිට සොයාගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

නිමලරාජ් Saturday, 14 November 2015 02:44 AM

ගැහැණුන්ගේ හැටිනේ ඉතින්. (නි)

:       0       0

ජෙහාන් Saturday, 14 November 2015 02:49 AM

අපිට ඉතින් ටකයක් තමයි හොලවන්න වෙන්නේ. (නි)

:       0       0

ජෙහාන් Saturday, 14 November 2015 06:04 AM

අපේ රටේ නම් ඉතින් පමණ ඉක්මවා දොඩවන බවලතියකගේ කටින් පිටවන ශබ්දයක් අනුව තමයි. (නි)

:       0       0

රුවන් Saturday, 14 November 2015 06:44 AM

මට පෙනෙන්නේ රූපවති පිටරට සිට දරුවන්ට නම් තැබීමේ සේවාවක් පටන්ගන්න වගේ. (නි)

:       0       0

නිමල් Saturday, 14 November 2015 10:43 AM

ඔන්න බොලේ රුපවතී අපටත් චීනේ වාගේ කොරන්නලු ! රුපවතීට උපුල් කීවා වාගේ චීනගේ ඇනේ හොඳට අල්ලලා ගිහින් වාගෙයි. එහෙමවත්, කොරලා බලමු ඉතින්....? (බ)

:       0       0

ජයනාත් Saturday, 14 November 2015 11:02 AM

අපේ නංගි කෙනෙක් වැඩ කරන කොම්පැනියෙ ඉන්න චීන ලමයින්ගෙ නම් ඇපල්,වෝටර්,ඔරේන්ජ් ලු.ඉංග්‍රීසියෙන් ලියන්නෙත් සාමාන්‍ය විදිහටමලු. අපිටත් හරි පුදුමයි එ නම් ගැන. (බ)

:       0       0

ජෙහාන් Saturday, 14 November 2015 11:08 AM

අපිට තියෙන්නේ ටකයක් හොලවලා අත අරින්න තමයි. නැති නම් කටට බ්රේක් නැති බවලතෙක් පිට කරන වචනයක් ඔස්සේ නමක් සොයා ගන්න. (බ)

:       0       0

ඉනෝකා-එංගලන්තය Saturday, 14 November 2015 12:02 PM

අනේ මන්දා,ගොඩාක් වෙලාවල් වලට දෙමව්පියන් උප්පැන්නට දාලා තියන නම් වලින් නොවෙයි දරුවන්ව ගෙදරදී හඳුන් වන්නේ".නික් නේම් " කියලත් හඳුන්වන මෙනමින් තමයි ගොඩක් දුරට නෑදෑයන් යහළුවන් අතර පවා මෙයාලා ප්‍රචලිත වෙන්නේ.හොඳයි කියන්න බලන්න අප අතර නම් දෙක තුනක් ඇති අය ඇත්තෙම නැද්ද....? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site