(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
මේ දිනවල පවතින නියඟය හේතුවෙන් පානීය ජලය එක් රැස් කර ගැනීම සඳහා වතුර ටැංකි ලබා ගැනීමට පැමිණෙන ලෙස ප‍්‍රාදේශීය දේශපාලකයෙක් පැවසීම නිසා සංවිධානයක පිරිසක් ලොරි රථයක්ද කුලියට රැගෙන දුර ගෙවා වතුර ටැංකි රැගෙන ඒමට ගොස් හිස් අතින් දේශපාලන රැස්වීමක කතා අහගෙන සිට නැවත ඒමට සිදු වූ පුවතක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
පානීය ජල හිඟය වෙන්නප්පුව ප‍්‍රදේශයටත් ඉතා තදින් දැනෙමින් තිබීම නිසා ජනතාවට පානීය ජලය සපයා ගැනීම දුෂ්කර වීම නිසා වෙන්නප්පුව ප‍්‍රදේශයේ බොහෝ දේශපාලකයන් තමන්ගේ නම ගසා ජලය හිඟ ප‍්‍රදේශවල විශාල ජල ටැංකි තබා දිනපතා බවුසර් මගින් ජලය සපයමින් තිබියදී තවත් අපූරු දේශපාලකයෙක් අපූරු උපක‍්‍රමයක් අනුගමනය කර තිබේ.
මෙම දේශපාලනකයා සම්බන්ධ පක්‍ෂයේ රැස්වීමක් දන්කොටුව ප‍්‍රදේශයේ පැවැත්වෙන නිසා එය සඳහන් නොකර ජනතාව දැඩි ලෙස පීඩා විඳින ජල ගැටලූවට විසඳුමක් ලෙස ජලය එක්රැස් කර ගැනීම සඳහා ජල ටැංකි ලබාදෙන නිසා ඒවා ලබා ගැනීමට දන්කොටුව ප‍්‍රදේශයට එන ලෙස පැවසීම නිසා ඉහත කී සංවිධානයේ පිරිසත් ලොරියක් කුලියට රැගෙන දන්කොටුවට ගොස් තිබේ.
පැය ගණනාවක් රැස්වීමේ කතා අහමින් සිටි පිරිස අවසානයේ හෝ තමන්ට ජල ටැංකි ලැබේ යයි සිතා සිටියත් එය නොලැබීම නිසා තමන්ට ජල ටැංකි ලබා ගැනීමට පැමිණෙන ලෙස දැන්වූ දේශපාලකයා හමු වී ජල ටැංකි ගැන විමසීමේදී එම ජල ටැංකි ගෙන එමින් තිබූ කන්ටේනර රථය මගදී අනතුරකට ලක්වීම නිසා අද එම ටැංකි නොලැබෙන බව පවසා හිමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු වී යාම නිසා තමන් වතුර ටැංකි ගෙන ඒමට කුලියට ගත් ලොරි රථයට කුලී ගෙවා ගෙදර ඒමට පිටත් වී ඇත.
භාණ්ඩ බෙදීමේ අල්ලසක් පෙන්වා දේශපාලකයා තමන් රැස්වීමට කැඳවා ඇති බවට තේරුම් ගත් පිරිස නැවත කිසිම දිනක එම දේශපාලකයාගේ කතාවලට නොරැවෙටෙන බව කියති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දේශපාලකයාගේ ගුණ්ඩුවට රැවටුණ පිරිසක් අතිනුත් පාඩුකරගෙන
sachith Wednesday, 06 September 2017 04:57 AM
ඔහොම කීවට ඉගාව චන්දෙටත් උඩින්ම කතිරේ ගහන්නේ ඕවගේ අමන දේශපාලුවන්ට තම.
බණ්ඩාර(කැකිරාව) Wednesday, 06 September 2017 06:05 AM
පහුගිය අවුරුදු 30 ම මෙන්න මේ සංකල්පය තමයි දේසපාලුවෝ ඉදිරිපත්කලේ.. අපේ මෝඩ යෝධයෝ ටික ඒවාට රැවටිලා කතිරේ ගහනවා. ඡන්දෙ දිනුවම දුන්නු පොරොන්දු සේරම කඩවුණු පොරොන්දු වෙනවා. උදාහරණයක් ලෙස 2015 ජනදිපතිවරණයේදී රජයේ සේවකින්ට නොමිලේ යතුරුපැදි දෙනවා කියල ඡන්දය ගත්තා .. අද වෙනකන්වත් ඒවා ලැබුනද??? නැහැ නේද? මිනිස්සු රැවට්ටුවා විතරයි ..ඔන්න ඔහොමයි දේසපාලුවෝ මහජනතාව කඩේ යවන්නේ